Taking too long? Close loading screen.

සොබාදහමේ දැතිරෝදය කරකවන්නන්ට සහයෝගයක් -̶ 𝑷𝒐𝒍𝒍𝒊𝒏𝒂𝒕𝒐𝒓 𝑮𝒂𝒓𝒅𝒆𝒏

පුංචි පුංචි පාට පාට කෘමීන් මලින් මලට ගොස් පැණි උරාගෙන රේණූ ඇගේ තවරගෙන තවත් මලක එය අතුල්ලමින් සැරිසරණ ‘පරාගන‘ ක්රියාව පරිසර චමත්කාරය ඔප්නංවන්නකි.නමුත් එය සුන්තරත්වය ඉක්මවාගිය ක්රියාවකි. එහිදී මිනිසා ඇතුළු සමස්ත ජීවයේ පැවැත්ම ප්රධාන වශයෙන් ඒ මත රැදී පවතින බව ඔබ දැන සිටියාද? කෘමීන්ට අවශ්ය ආහාර- නිවාස දිනක මිහිමතින් ඈත්ව ගියහොත් ඔවුන් වදවී යා හැකිය.එහිදී මිනිස් වාසයට නුසුදුසු පොළවක් ක්රමයෙන් නිර්මාණය වීම පටන් ගනී. ඔබට යම් දිනෙක කුඩා බුරැසුවක් අතින්ගෙන මලින් මලට ගොස් ඒවා ස්පර්ෂ කිරීමට සිදුවුවහොත් එය ලෙහෙසි විනෝදජනක ක්රියාවක් වෙයිද? නමුත් එය ‘නැත‘ යැයි වැටහෙන විට අපි ප්රමාද වැඩි විය හැකියි. ඒ අනතුරැ දායක තත්ත්වයට පෙර අපි යමක් සිදුකළ යුතුය. ඒ නිසා මිහිමත වැදගතම වචනය ‘පරාගනය‘(pollination) සහ ‘පරාග වාහකයන් ‘(Pollinator) විය හැක.
ලොව මල් පිපෙන ශාක වලින් හතරෙන් තුනක්ම(90%ක් පමණම) පරාගනය සිදුවන්නේ ‘කෘමීන්‘ මගිනි.මී මැස්සා සමනලයා, කුරැමිනීයා, බඹරා,බත්කූරා එහි ප්රමුඛ කාර්යක් ඉටු කරයි. එමෙන්ම ලෝක ආහාර වලින් 35%ක පමණ ප්රජනනය සදහා පරාග වාහකයින් දායතක්වය සපයයි. තවත් විටෙක ඔවුන් කුරැල්ලන්,කටුස්සන්,ගෙම්බන් වැනි සතුන්ගේ යටිතලයේ ආහාරයක් බවට පත්වෙයි. නමුත් කාලයත් සමග අපට අහන්නට ලැබෙන්නේ ලොව බොහෝමයක් කෘමීන් ඇතුළු පරාග වාහකයින් වදවෙමින් යන බවකි. ඒ අතර මී මැසි ගහණය අඩුවෙමින් යන බව,සමනලුන් විශේෂ වදව ගොස් ඇති බව,කුරැල්ලන් දක්නට නැති බව,වවුලන් මිය යමින් පවතින බව අප නිතර අසන තොරතුරැ වී ඇත.මේ අතර ඔවුන් විවිධ ප්රශ්න වලට මුහුණ දෙමින් පරිසරයේ සැරිසරමින් ජීවය රදවගෙන පරිසර සමතුළිතය පවත්වාගන්නට වෙහෙසෙයි .වාසස්ථාන අහිමි වීම,ආහාර හිගය,පවතින ආහාරයන්හි ගුණාත්මක බව අඩු වීම,ගණ අපද්රව්ය නිසා පරිසරය අපවිත්රතා මතු වීම යනාදී කාරණා මත පරාග වාහකයින් පරිහානියට පත්ව ඇත. ඉතිං ලොකු ලොකු කතා වලින් වැඩක් නොවන නිසා මෙකී ගැටළුවට යම් විසදුමක් ලෙස සිය නිවෙස් උද්යාන පරිසරයෙන්ම ඔවුන් වෙනුවෙන් වාසස්ථානයක් නිමවමින් ගුණාත්මක ආහාර වේලක් ලබාදෙන්නට අපට පුළුවන. ඔබේ ඒ ‘පරාග වාහක උද්යානය‘(Pollinator Garden) මුළු මිදුලම තරම් විශාලව හෝ පැලෑටි කිහිපයක් සහිත කුඩා වටපිටාවක් සකස්කර දීමක් විය හැකියි.
විවිධ වර්ණයන්ගෙන් යුත් මල් පිපෙන ශාක පැලෑටි වෙත කුරැල්ලන්, සමනලයන්, මී මැස්සන් යනාදීන් දක්වන්නේ නොමද ආකර්ෂණයකි.මලෙහි වර්ණය, මලෙහි හැඩය, මල් ප්රමාණය, එහි සුවද, ශාකය වර්ධනයේදී ශාකය කුමන හැඩයක් ගන්නේද යන්න පරාග වාහකයින් උද්යානය වෙත පිවිසෙන්නට බලපෑම් කරන සාධකයන් ය.එමෙන්ම වසරේ සෑම කාර්තුවකම ඔවුන්ගේ පැමිණීම දැක ගන්නට නම් ඒ ඒ කාලයට මල් පිපෙන ශාක හදුනාගෙන රෝපණය කිරීම වැදගත් වූවකි.තවද උද්යානයේ පවතින ඉඩ අනුව පලතුරැ පැල ව්යාප්තියක් පවතින්නේ නම් ඒවායෙහි වැඩෙන පුංචි පුංචි මල් පොකුරැ වෙත කෘමීන් ආකර්ෂණ වනු ඇත.පසුව ශාකය ඵල දැරීමේදී විවිධ කුරැල්ලන් විවිධ කෘමීන් උදයානය වෙත ඇදී එනු ඇත.එමෙන්ම අපට මුළුතැන්ගෙට අවැසි වන කුළු බඩු පැලෑටි සහ ඖෂධ වර්ගයන්හි පැලෑටි (kitchen plants/ Kitchen herbs) වෙතද කෘමීන් ආකර්ෂණය වෙයි.එහිදී හිතකර කෘමීන් ආකර්ෂණයත් අහිතකර වූවන් විකර්ෂණයත් සොබහදහමෙන්ම පිරිපහදු කරයි.ඒ අතර රෝසමේරි,තක්කාලි,බැසිල් ,කරාබුනැටි,අබ යනාදිය වෙත ඔවුන් ඇදී ඒමක් පෙන්වයි.මෙලෙසම දේශීය ශාක(Native plants) කෙරෙහි අවදානයක් යොමු කරන්නේ නම් එයද බොහෝසේ වැදගත් වූවකි.බොහෝ විට සමනලුන් මී මැස්සන් සිය ආධාරක ශාකය කරගන්නේ දේශීය ශාක විශේෂයන්ය. උද්යානය නඩත්තුවේදී පිරිසිදු කිරීමේ ක්රියාවලියෙහි අංගයක් ලෙස වල් පැලෑටි භූමියෙන් ඉවත් කිරීම සුලබ කටයුත්තකි.නමුත් උද්යානයේ ඉඩ පවතින්නේ නම් කුඩා කොටසක වුව එකී පැලෑටි වැවෙන්නට ඉඩ හැරීම ; පරාග වාහක කෘමීන් වෙත සුරක්ෂිත නවාතැන් සහ ආහාර සැපයුමකි. එපමණක් නොව ජෛව විවිධත්වයෙන් යුතු භූ දර්ශනයක් වෙත කුරැල්ලන්,කෘමීන් ඇතුළු විවිධ සත්ත්ව විශේෂ ආකර්ෂණ වීම නිතැතින් සිදුවන්නකි. එකී බිම්කඩ මත වඩාත් පොහොසත් වූ පරාගන ක්රියාවලියක් හරි අපූරැවට සිදුවීම වැලැක්විය නොහැකිය.
නිවෙස් උද්යානයේ කොටසක් නීරෝගීමත් තණ පලසකින් ආවරණය වන්නේ නම් ආර්ද්රතාවය රැදි සෞඛ්ය සම්පන්න වටපිටාවක් සකස් වන්නකි. එවන් පරිසරයක් වෙත කෘමීන් සංසර්ගයේ යෙදෙන්නට , බිත්තර දමන්නට,නවාතැන් ගන්නට, විඩා නිවන්නට පැමිණීම නිරන්තරයෙන් සිදුවන්නකි. එබැවින් තණපලසේ කොනක සකස් කළ බිම් කඩක අතුගා යන කොළරොඩු පුළුස්සා නොදමා එක් රැස් කරන්නේ නම් කෘමීන්ගේ පෙර කී කාර්යන් තවත් සාර්ථකව සිදු කිරීමට අත්වැලක් වනු ඇත. විශේෂයෙන්ම සීතල කාලය වලදී සමනලයන් සළඹයන් බිත්තර දමන්නට බොහෝ සේ පෙළබෙන්නේ වියළි සහ තෙතමනය සමබරව ඇති මෙවන් කොළ රොඩු අතර වීම විශේෂය.තවද කණාමැදිරියන් දහවල් කාලයේ නවාතැන් ගන්නට තණ පලසක් නිවහන වනු ඇත. ඉතිං මේ අතර රැදෙන පණුවන්, විවිධ කෘමීන් ,කුහුඹුන් ආහාරයට ගන්නට කුරුල්ලන් පැමිණීම නිසා උයනේ ඇති මල් පලතුරු වෙත ඔවුන් ඇදී ගොස් ආහාර ඇති තැන් හදුනාගැනීමට සමත් වෙයි.ඒ අනුව ඔවුන් නිතර යන එන තැනක් බවට උද්යානය පත් වනු ඇත.එකී ජෛව විවිධත්වය පරාගන කාර්යයට පිටුවහලකි.මෙහිදී සතුන්ගේ ආහාර දාම ආහාර ජාල ශක්තිමත් වන සේ පුරුක් උද්යානය මත සැදී වැඩී පැවතීම ඒ අතර මැද පරාගන කාර්යය සාරවත්ව සිදු කරන්නට උදව්වකි.
මීට අමතරව ගෙවුයනේ හැකියාව ඇත්නම් නොගැඹුරු ජල අංගයක් නිර්මාණය පරිසර ආර්ද්රතාවය රැකීමකි.ඒ වෙත බත් කූරන් සමනලයන් මී මැස්සන් ඇදී එනු ඇත.තවද සතුන් වෙත කෑම දැමීමට කෑම රදවනයක් වතුර බදුනක් වැනි අංග ඔස්සේ කුරුල්ලන් මෙන්ම විවිධ කෘමීන් උද්යානය වෙත කැදවීම් කළ හැකිය. මෙවන් අංගයක් හෝ කිහිපයක් අන්තරගතවන ලෙස උද්යාන භූ දර්ශනය සැලසුම් කිරීම පරාග වාහකයින් වෙත උද්යානය වෙන්කළ හා සමානය. මෙකී ප්රතිඵලය අපට බැල්කනි උද්යානයකින් (Balcony Garden), මැදමිදුලඋද්යානයකින් (Courtyard), වහලය මත නිමැවුණ උද්යානයකින් (Roof top Garden) වැනි අඩු ඉඩක් මතද සැලසුම් කළ හැකිය.
මෙවන් වටපිටාවක් ඇති උද්යානයක් වෙත කෘමි නාශක වැනි අහිතකර දේ යෙදීම පරිසර පද්ධතියේ සජීවී ක්රියාකාරීත්වය අඩපණ කිරීමකි.පරාග වාහකයින් පෝෂණයට අප පෙළඹුමක් දක්වන්නේ නම් කෘමි නාශක යෙදීම විෂ ද්රව්ය ඉසීම කොලරොඩු පුළුස්සා දැමීම යනාදී ක්රිරියාවන්ගෙන් බැහැර වීමට දරන උත්සහය පෙරළා පරිසරය සංරක්ෂණයට දායක වීමකි.
සපුෂ්ප
ක ශාකයන්ගේ පරිසර ආගමනය මීට වසර මිලියන 50කට පමණ පෙර පවතින්නට ඇතැයි අධ්යන පෙන්වා දෙයි.එය නොනැසී පවත්වා ගනිමින් ලොව පුරා ශාක ප්රජාවේ ව්යාප්තියට ‘පරාගනය‘ නම් වූ සුවිශේෂී කාර්යය ඉටුකිරීමේ පුරෝගාමීන් වූ ‘පරාගවාහක‘ කෘමීන් ඇතුළු අනෙකුත් සතුන් ජෛව විවිධත්වයෙන් යුතුව පරිසර සමතුළිතය රැකීමට පිටුවහලකි. ඔවුන්ගේ එකී ක්රියාදාමයට උදව්වක් වන නවාතැන්පලක් ගෙවුයනක්මත සැකසීම සමස්ත පරිසරයේ පැවැත්ම වෙනුවෙන් කුඩා පරිසර පද්ධතික් උද්යාන බිම තුළ ගොඩ නැගීමකි.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!