අපි කවුරැත් හොදින් හදුනන ‘මීවන‘- Ferns…….
තෙතමනයට සිසිලසට වඩාත් ඇලුම් කරමින්, උතුරැ ඇමරිකාවේ බටහිර හා නැගෙනහිර ප්‍රදේශ වලත් දකුණු ඇමරිකාව දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව නවසීලන්තය මෙන්ම ආසියාවේත් බහුල පැතිරීයාමක් පෙන්වන මීවන(Ferns)/පර්යාංග ශාක ලොව පුරා මිලියන ගණනක ප්‍රබේධ හදුනාගෙන ඇත.ලංකාවේද තෙත්කලාපයේ සුලබව දැකගත හැකි මීවන සිංහරාජ වැසිවනාන්තරයේ රෑස්ස ශාක වශයෙන් යෝද මීවන වර්ධනය වෙමින් එහි යටි වියන පෝෂණයට වැඩි වශයෙන් සමත්ව ඇත.
මීවන ශාකයෙහි ප්‍රථම පොසිල වාර්තාවීම සිදුවන්නේ මීට වසර මිලියන 360කට පමණ පෙර මෙසොසොයික(Mesozic ear) යුගයේ ආරම්භයේදීය.ඒ අනුව ඔවුන් ඩයිනොසරයන්ටත් වඩා වයස්ගත වූවන්ය.නමුත් වර්තමාන මීවන ශාකයන්ට නෑකම් කියන බොහෝමයක් විශේෂ මීට වසර මිලියන 145 කට පමණ පෙර වාර්තා වූවන්ය. බොහෝමයක් ප්‍රබේධ සදාහරිත ස්වභාවයක් ගන්නා අතර පාංශු ජලය සහ පෝෂක උරාගැනීමට පහසු වඩාත් භූගත නොවන තන්තුමය ව්‍යුහයක් ඇති මූල පද්ධතිය ශාකයේ ව්‍යාප්තියට රැකුලකි.එමෙන්ම පත්‍රයේ යටි අපිචර්මයේ හටගන්නා විශාල ගණනක් වූ බීජවලින් ප්‍රරෝහනය සිදුවෙයි.පසෙහි තෙතමනය,වායුගෝලීය ආර්ද්‍රතාවය,පාංශු පෝෂක, නිසි උෂ්ණත්වය , සුළගින් හා හිරැ එළියෙන් ආරක්ෂාවීම එහි ප්‍රජනන කාර්යය තීවෘර කරයි.නමුත් එකී කාරණාවලට ප්‍රතිවිරැද්ධ පරිසරයක වුවද පැවැත්ම සිදුවූ නමුදු පැතිරීමේ ඇත්තේ මන්දගාමී බවකි.
මීවන ගෘහස්ත ශාකයක් ලෙස නිවස තුළ හා ඉන් පිටත අලංකරණයට යොදා ගන්නා ප්‍රසිද්ධ ශාකයකි.එය එසේ සිදුවීමට ඇති විශේෂීතාවය වන්නේ මිනිසාටත් සතුන්ටත් හානිනොවන ,ඔක්සිජන් බහුලව පිටකරමින් වාතයේ තෙතමනය සිසිල ඇතිකරමින් දුහුවිලි අංශු අවශෝෂණය කරමින් පිරිසිදු වාතාශ්‍රයක් නිර්මාණයට සමත්වීමයි. එබැවින් නිදන කාමරය,නාන කමරය,මුලුතැන්ගෙය සාලය ආදී ඕනෑම තැනක තැබීමට මීවන උචිත වූ ශාකයකි. Bird’s nest, Bostern fern, Staghound fern, Wire fern, Royal fern, Java fern යනාදිය ගෙවතු ආශ්‍රිතව බහුලව මුණගැහෙන මීවන වර්ගයන්ය.ඊට අමතරව Maidenhair fern, Holly fern, Cinnamon fern, Japanese painted fern, Ostrich fern, Ancient fern, Adiantum, Eagle fern, West Indian tree fern, Silver fern තවත් මීවන විශේෂයන්ය නිදසුන්ය.සැබවින්ම මේවා එකින්කෙ ගෙන බැලූ කළ ඒ ඒ වර්ගයට ආවේණික සුවිශේෂතාවයන් වෙනකර හදුනාගත හැකිය.
මීවන ශාක ආසාදන රෝග සදහා ප්‍රතිජීවකයක් ලෙස යොදා ගැනෙන බැවින් ලංකාවේ මීවන ශාකයන්හි ප්රතිජීවකකාරක හදුනාගැනීමට කොළඹ සරසවියේ රසායණවිද්යාඅධ්යනාංශ (2016) පර්යේෂණ කණ්ඩායම සමත්වී ඇත.ඒ ඔවුන් මහියංගනය,බුලත්සිංහල ආශ්‍රිතව කළ පර්යේෂණයකිනි. ලංකාව තුළ මීවන විශේෂ 343 ක් පවතින බවත් ඒවා
ගණ 118 ක හා මීවන කුල 26 කට අයත් බවත් ඉන් විශේෂ 58 ක් ලංකාවට ආවේණික වන අතර 13 ක් දැනටමත් වදවීමේ තර්ජනයට ලක් වූ ශාක අතර වන් බවත් ආචාර්ය චමරි හෙට්ටිආරච්චි මහත්මිය සිය පර්යේෂණ තොරතුරැ ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත. Angiopteris evecta යන යෝධ මීවන ශාකයේ පත්‍ර , කද, රෛයිසොම,මුල යනාදී කොටස් තුළින් දිලීර - බැක්ටීරියා නාශක ගුණය තුවාල ,දද, කුෂ්ඨ,බඩේ වේදනාව,මස් පිඩු වේදනාව,උණ,හමේ රෝග යනාදී ආසාදිත රෝග සමූහයකට යොදාගැනීමේ හැකියාව එකී පර්යේෂණයෙන් හදුනාගත් බව එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.
මීවන /පර්යාංග(Fern) වනාන්තර දියඇලි තෙත්බිම් යනාදි කැලයේ වැඩෙන ශාකයක් ලෙස අප කවුරැත් හදුනාගත්තද එහි ඇති ජෛයිව විද්‍යාත්මක ගුණය කෙබදුද යන්න පිළිබදව ඇත්තේ අල්ප වූ දැනුමකි.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය