Taking too long? Close loading screen.

දේදුනනට අයත් ග්‍රීක දේවතාවියගේ Yellow Irish

සිහින් දිගු හරිත වර්ණිත අසිපතක් සේ ඉහලට නැගෙන අපූරැ පත්‍රයකින් හට ගන්නා පුෂ්පයක් ඔබ දැක තිබේද? බොහෝවිට එය අයිරිෂ් (Irish)  නම් වූ සපුෂ්පක ශාක කුලයේ මල් පිපෙන ශාක පැලෑටියක් විය හැකිය. අයිරිෂ් (Irish) යන නාමකරණය මේ සදහා යොදා ඇත්තේ දේදුණ්නට අයත්  ග්‍රීක දේවතාවිය අයිරිෂ් නම් වන නිසාය. දේදුණ්නේ වර්ණයන්‍ගෙන් සමන්විත විවිධ වර්ණ සහ වර්ණ රටා මවන වර්ග රැසක් මෙම පවුලට අයත් වෙයි. එහි කහ පැහැති  පුෂ්පය සහිත ශාක ප්‍රෙබේධය පිළිබද මූලික විස්තරයක් ගෙන ඒම මෙමගින් සිදුකෙරෙයි.

Iris pseudacorus යන ශාක විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙය මල් මත අලංකෘත  වර්ණ රටා මවන : Iridaceae නම් වූ පවුලයට අයත් වූවකි.එය යුරෝපය බටහිර ආසියාව මෙන්ම වයඹ දිග අප්‍රිකාවේ ස්වදේශීය ශාකයක් ලෙස හදුනාගෙන ඇත.නමුත් ලොව පුරා තෙත් බිම් ආශ්‍රිතව මෙම සිත් ගන්නා සුළු ශාකය හමුවෙයි.කහ ධජය -Yellow flag-/කහ අයිරිෂ් -Yellow Irish/ජල ධජය-Water flag   යන  නාමයන්ගෙන් ලොව පුරා වයවහාරිත මෙය පදුරැ ආකාරයට ව්‍යාප්තවන අතර උසින් මිටර් එකහමාරක් 1 ½ ක් පමණ වර්ධනයක් දැකිය හැකිය හැකිය. හොදින් වැඩුණු දිගු දීප්තිමත් පත්‍රෙය්  මැදින් හටගත්තා ඝන රයිසොමයක් (fragmentation)ඇසුරෙන් පීදෙන මල දීප්තිමත් කහ වර්ණයක් ගනී.එසේ පුෂ්පිත මල දින දෙක තුනක් පමණ පරිසරය වර්ණවත් කරමින් පවතී.

උද්‍යාන අලංකරණයට අතිශය සුදුසු මල් පිපෙන ශාකයක් ලෙසින් හදුන්වන මෙය තෙත් පරිසර සාධකයන්ට ඇලුම් කමක් දක්වයි. යුරෝපය,ඇමරිකාව,අප්‍රිකාව,මධ්‍යධරණී ප්‍රෙද්ශයන්හි විල් පොකුණු  ගංගා ආදී මිරිදිය ජලාශ ආශ්‍රිතව  වගා පැලෑටියක් ලෙස ව්‍යාප්ත කිරීමට වර්ථමානයේ පෙළඹී ඇත.මන්ද යත් ඛාදනය පාලනය කිරීම පිටාර ගැලීම් අවම කිරීම , උමං තුල ජල ගැලීම් අවහිර කිරීම හා අපද්රව්ය පිරිපහදු කිරීමේ විශේෂ හැකියාවක් මෙය සතු වන නිසාය. තවද මත්ස්‍ය කර්මාන්තයට අදාල හිතකර පරිසර සාධක මෙය ඇසුරෙන් වර්ධනය වන බවද සොයාගෙන ඇත.බොහොවිට මෙය වර්ධිත ප්‍රෙද්ශපුරා ව්‍යාප්ත වන බැවින්  උද්‍යානයක නියම අලංකරණය රැක ගැනීමට නිසි කප්පාදුව සහ කළමණාකරණය අවශ්‍ය බැව්  කිවයුතුය.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!