වැසි දිනවල කඩවසම් වන උද්යානය රැකබලා ගන්නේ කෙසේද ...💧
වැස්සකට පස්සේ වතුරෙන් පෙගුණ උද්යාන පොලව මත ඇවිද යන විට පෙර එහි නොලද පහසකින් සිසිලකින් අප මෙන්ම පරිසරයත් නැවුම් බවින් පිරී ඉතිරෙයි. පොලව ලත් සියලු විඩාවන් නිවා සැනසූ සේයක් ඒ සිසිල ගතට සිතට කියා දෙයි. පුංචි දිය බිදිති වැටිල දිලිසෙන මල්- කොළ- ගෙඩි දීප්තිමත් වෙන්නෙ ඔබට හිතවත් සිනහවක් පාලා. පහතට වැටිල අමාරැවෙන් උන් ලා අතු රිකිලි පොඩ්ඩ පොඩ්ඩ ඉස්සෙන්නේ නව පණක් ලැබූ නවමු කොල පැහැයක් එක්ක. කුරැල්ලන්ගේ කීචි බීචියෙත් තියෙන්නෙ කලින්ට වඩා අලුත් උද්යෝගයක්. ගලාගෙන එන සුළගේ පිරී ඇත්තේ මිහිරි වූ නව සුවදක්. ඇත්තටම වැස්සක් කියන්නේ මුලු පරිසරයම අලුත් හැගීමකින් පුරවාලන්න සමත් සුන්දර සිදුවීමක්.
අපි ගෙවත්තේ මල්පැල වලට කොච්චර ටැප් වතුර දානවද? ඒත් වැසි වතුර කියන්නේ ගසකට හරියට දිව්ය ඖෂධයක් වගේ. නල ජලයේ ඇති ක්ලෝරීන් හා ෆ්ලෝරයිඩ් කියන රසායණිකයන් මගින් ශාකයට හිතකර පසේ තියෙන පෝෂක කොටස් මුල් වලින් කද දිගේ ඉහළට ගෙන යාම අවහිර කරනවා. ඒ නිසා ශාකය වර්ධනයට අවශ්යන සෞඛ්යමය වටපිටාව ඉන් අහිමි වෙනවා. නමුත් වඩාමෘදු, කුඩා පෝෂක පිරැණු , නයිට්රජන් දියවූ වැසි ජලය; පොලවේ ඇති පොහොර සහ පෝෂක කොටස් මුල් මගින් උරා ගැනීම පහසු කරනවා. ඒත් කොච්චර හොද වුණත් වැසි ජලයට බෑ හැම දෙයක්ම කරන්න. එයාගේ කාර්යය පහසු වගේම ප්රයෝජනවත් බවින් උසස් එකක් කරන්න නම් අපිත් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ මෙන්න මෙහෙමයි...
වහින්න කලින්-
හානියට පත් රිකිලි සහ අතු ඉවත් කරන්න, එවිට නව කොළ සහ රිකිලි හොදින් වැඩීමට වැඩි ඉඩක් සැලසෙනව.
අධික වර්ෂාව ඇද හැලෙන විට වැටිමට හෝ පෙරලීමට ලක්විය හැකි උස පැල සඳහා ආධාරක තබන්න.
මල් භාජන වල අතිරික්ත වැසි ජලය නොරැදෙන ආකාරයට ජලය බැසයාම පහසුකරන නිසි ක්රමවේදයක් සකස් කරන්න
වැටෙන වැසි වතුරෙ සැරට ගැලවී යා හැකි නැත්නම් ඔරොත්තු නොදෙන වඩාත් සියුම් ශාක, ආවරණය කරන්න. නැත්නම් ඒවා අඩුවෙන් ජලය වැටෙන තැනක තබන්න.
වැඩිපුර ජලය අවශ්ය නැති ශාක ගැන අවධානය යොමු කර ජලය අඩුවෙන් වැටෙන හෝ නොවැටෙන තැන් වලින් තියන්න ; උදා-නිවස තුළ කුඩා දරැවන්ගෙන් හා සුරතලුන්ගෙන් ආරක්ෂාවෙන ලෙස සුදුසු ලෙස ශාක හෝ පැලෑටි තැම්පත් කිරීම වරදක් නැත .
වැස්සෙන් පසු -
ඔබේ එළවළු,මල් පැල ,අනෙකුත් පැලෑටිවල මුල් කුණු වී හානි විය හැකිදැයි පරීක්ෂා කරන්න.
පැලෑටි බදුන්හි කිසියම් ඉරිතැලීමක් හෝ හානියක් සිදුවී ඇත්දැයි බලා පිළියම් යෙදීම හෝ බාජන මාරැ කිරීමක් කරන්න .
ගොළුබෙල්ලන්, හන්ගොල්ලන්, පණුවන් ආදී සතුන් ඇත්දැයි බලා ඔවුන් අතින් ඉවත් කරන්න.
නිරෝගී ශාකයේ පෝෂ්ය පදාර්ථ ආහාරයට ගත හැකි වල් පැලෑටි අතින් උදුරා දමන්න. මෙය තණ පලස මතද සිදුකරන්න.
වැස්ස නිසා ගස්වලට වතුර දාන්න ඕනෙ නෑ කියලයි අපිට හිතෙන්නෙ. ඒක සාමාන්ය තත්ත්වයක්. නමුත් දිගින් දිගටම වැස්සත් එක්ක පස තද වීමට හැකියි. එවිට මුල්වලට අවශ්ය පසේ ඇති වාතය නොලැබී යාමට ඉඩ තියෙනවා. මේ නිසා පස බුරැල් වීමට වැස්සෙන් පසු සුදුසු ලෙස ශාක වලට අවශ්ය ජලය දැමීම වැදගත් වූවක්.
ඉතිං වැස්සත් එක්ක උද්යානය කඩවසම් පෙනුමක් ගන්නේ පසේ සහ ශාකවල නයිට්රජන් සංයුතිය ඉහල අගයක් ගන්න නිසයි. ඒ වගේම වැහි බිංදු වල තියෙන ඔක්සිජන් වලින් හොදින් සතුටට පත්වන පොළව ආරක්ෂිත දැලක් වගේ ක්රි යාත්මක වෙනවා . ඒ විතරක්ද වැසි ජලය හොදින් කාබන්ඩයොක්සයිඩ් උරා ගන්නවා. මේ කාර්යයන් පොළව මගින් මුල් වලට පමණක් නෙමෙයි මල්, පලතුරැ, කොළවල මතුපිට වැස්ම සකස් වෙලා තියෙන්නෙත් තමන්ට අවශ්ය පෝෂක කොටස් ඉක්මනින් උරා ගැනීම පහසුවෙන ආකාරයට යි. මේ හේතුන් නිසා ඉක්මනින් පිබිදෙන ගස්කොලන් ; වැසි දියෙන් තෙමෙන උද්යානයට දීප්තිමත් සිත්ඇදගන්නා සුළු පෙනුමක් ලගා කරනවා .
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය