Taking too long? Close loading screen.

සෞඛ්‍ය සම්පන්න උදයානයක් යනු නිවසක හදවතයි.

නිවසක විසිත්ත කාමරය යනු අමුත්තන් පිළිගන්නා සතුටු සාමිචියෙහි යෙදෙන එකිනෙකාගේ ගැටළු සුව දුක් කතා කරන නිවසේ සාමාජිකයන්ගේ මෙන්ම මිතුරන් හිතෛශීන්ගේ සහජීවනය වර්ධනය කරගන්නා බෙහෙවින්ම සන්සුන් ස්ථානයක් වීම අදාල කාර්යයන් පහසු කරන්නකි.නිකමට ඔබ හින්න එම ස්ථානය නැතහොත් ඔබගේ සාලය-(Living Room) හරිත අවකාශයෙන් පිරැණු- මල් පිපී සුවද හමන - කුරැල්ලන් ලේණුන් සමනලයින් වැනි සතුන් ගැවසෙන දසතින් සුළං හමා එන ස්ථානයක් නම්...... ඔබේ සිත -ගත  අපූරැ සුවයකින් සැහැල්ලු කරනවාට සැක නැත.හරිත සංකල්පයේ ගුණාත්මක වටිනාකම නිසිලෙස වටහාගනිමින් නූතනය වේගයෙන් හරිතකරණයට ආකර්ෂණය වීම මානසික ආතතිය පලවාහරිමින් සැහැල්ලු වටපිටාවක් ලබා ගැනීමට සුන්දරත්වය සැපයිය හැකි ප්‍රසන්න පරිසරයක් හා ගැවසීමට වෙහෙසෙන බව පර්යේෂකයන් සනාත කරමින් පවතී.ඒ සදහා අඩු ඉඩකඩක වුවද පවතින වපසරිය නිසිලෙස කළමණාකරණය කරමින් නව විසිත්ත කාමරය උද්‍යානය බවට පත් කරගැනීමට පෙළඹීම නව ප්‍රවණතාවයක් වී ඇති බව බ්‍රිතාන්‍ය බෝග ශාක ආරක්ෂණ සංගමයේ සභාපති (an initiative from the Garden Group of /the Crop Protection Association (CPA).) ගැරි ෆිල්පොට් සිය ආයතනයේ පර්යේෂන කණ්ඩායමක් කළ පරීක්ෂණ දත්ත අනුව පවසයි. ‘‘නිවෙස් හිමියන් බොහෝ විට විවේකය හා සංග්රහ ලබා ගැනීම සඳහා විස්තෘත ස්ථානයක් ලෙස ඔවුන්ගේ උද්යානය සලකන අතර එසේ කිරීමට ඉඩක් නැති අය සඳහා නිවාස සහ අනෙකුත් ගෘහස්ථ ස්ථාන ක්රමයෙන් වඩා උද්යාන කේන්ද්රීය බවට පත්ව ඇති‘‘ බැව් ඔහු වැඩි දුරටත් පවසයි. එමෙන්ම ඔවුන් සිය මාසික වැටුපෙන්  46% ක්ම වැයකොට ඇත්තේ උද්‍යාන කටයුතු වෙනුවෙනි.ඊට හේතුසාධකය වී ඇත්තේ උද්‍යාන පරිසයට ලබා දෙන සත්කාරය, ස්ථානය හා කරන සුහද පිළිසදර පෙරළා ඔවුනට ලබා දෙන්නාවූ මානසික තෘප්තිය ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමට රැකුලක් වීමය.

උද්‍යාන සත්කාරය (Horticulture Therapy) විවිදාකාර වූ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නක් බව පර්යේෂණ මගින් තහවුරැ කිරීම සිදුවන්නේ මෑතක නොව ඈත අතිතයේ සිටමය.18 වන සියවසේදී මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක දැක්මක් ලොවට හෙලි කරන්නේ , "ඇමරිකානු මනෝචිකිත්සියේ පියා“ ලෙසින් පිළිගන්නා ආචාර්ය බෙන්ජමින් රෂ් (Dr. Benjamin Rush) විසිනි. ඔහු තර්ක කළේ ශරීරයේ භෞතික පද්ධතියේ අසමතුලිතතාවන් හේතුවෙන් අසනීප ඇති වන බවය.එහිදී මානසික සෞඛ්‍ය ගොඩනැංවීම ප්‍රමුඛ බවත් ඒ උදෙසා  තම අවට ඇති හරිත අවකාශිත පරිසරයේ වැදගත්කම  වෙනුවෙන් ඔහු  පෙනී සිටින්නට විය.

2010 වර්ෂයේදී ඇමරිකානු බාලවයස්කාර පුනුරැත්තාපන මධ්‍යස්ථානයක් පදනම් කරගනිමින් පැවති අධ්‍යනයකින් තහවුරැ වී ඇත්තේ තමන් නිතර ගැවසෙන නිතර ගැටෙන ස්ථානයට අදාල උද්‍යානයේ ඇති  ස්වභාවයත් ඒ සමග ඔවුන්ගේ ඇති ගනුදෙනුවත් ළමුන්ගේ හැගීම් හැසිරීම් සදහා සෘජු බලපෑමක් සිදුවන බවය.උද්‍යානයේ ඇති ශාක පැලෑටි ගස් රැකබලා ගැනීම, අතු රිකිලි දළු මල් හට ගැනීමේ ස්වභාවය නිරීක්ෂණය,මැලවුණ අතු කොළ ඉවත් කිරීම,රෝග කාරක හදුනා ගැනීම පොහොර යෙදීම යනාදිය හේතුවෙන් ගොඩනැනෙ ඉවසීම දරාගැනීම සනීපාරක්ෂාව විශ්වාසය වගකීම බලාපොරොත්තු තබා ගැනීම, අරමුණුසහගත භාවය පළමුව ශාක පරිසරයටත් කාලයත් සමග එකී කාරණා තම ජීවිතයටත් බද්ධවීම නැවත ඔවුන්ව මහා සමාජයට නිසිලෙස අනුගත කිරීමකි.

පුද්ගලයන් කොළ පැහැති වටපිටාවක් දැකීම , එහි සැරිසැරීම, තණ පලසක ඇවිදීම, එහි වැතිර සිටීම, ගස් වැල් මල් වලට සත්කාර කිරීම රැකබලා ගැනීම නඩත්තු කිරීම යනාදිය තුළින්  ළුලදායී වූ මනොචිකිත්සක ප්‍රතිකාරයන් ලැබෙන  බව පර්යේෂණ සනාථ කරයි.එමෙන්ම කනස්සල්ල,කෝපය,බිය,සබකොලය යනාදී විවිධ වූ තත්ත්වයන් කෙරෙහි අගනා පිළියමක් ලෙස හරිත අවකාශිත උද්‍යාන අලංකරණ අංග වෛද්‍යවරැන් විසින් නිර්දේශිතකර ඇත. උද්‍යානකරණය තුළින් මානසික ආතතිය වඩවන හෝමොනය වන ‘කෝටිසෝල් (cortisol)‘ මට්ටම අඩුකරන බවත් මෙහිදී වෛද්‍ය වාර්තා මෙන්ම සහභාගීත්ව නිරීක්ෂන වාර්තා සැසදීමේදී තහවුරැ වී ඇත. තවද අධික රැධිරපීඩනය , දියවැඩියාව,ආතරයිටීස්,ඇදුම,යනාදී රෝගී තත්ත්වයන් සුවපත්ව ඇති බවත් අසුබවාදී සිතුවිලි පහවීම,අනෙකා සමග සුහදව කටයුතු කිරීම,සතුට සාමුහිකත්වය වර්ධනය වීම,ප්‍රචණ්ඩව- කළහකාරීව  නොහැසිරීම,ප්‍රජාවට නිසිලෙස ප්‍රෙව්ශ වීම යනාදී තත්ත්වයන් රැසක් ක්‍රමාණුකූලව වර්ධනයවී ඇත. 

සැබැවින්ම ඒවා එසේ වන්නේ අහම්බයකින් නොවන බව කිවයුතුය.නීරෝගීමත් ශාක,තෘණ,පැලෑටි හරිත පත්‍ර වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් අවශොෂණයකර ඔක්සිජන් මුදා හැරීම පිරිසිදු වාතාශයක් නිර්මාණය කිරීමකි.එකී වාතාශ්‍රයට ප්‍රෙව්ශවන්නා පිරිසිදු ශ්වසන කාර්යක් සිදුකරයි.එමෙන්ම කටුක ශබ්ධ අවශෝෂණය,හිරැ එළිය පරාවර්ථනය නිහඩ සිසිල් වටපිටාවක් නිර්මාණය කිරීමකි.ඊට එක්වන කුරැල්ලන් ලේනුන් සමනලයින් යනාදී සතුන් සිදුකරන්නේ වෙනස්ම සන්නිවේදනයකි.එවැනි වටපිටාවක ගැවසීම සතුටකි; සමවැදීමකි ; සුවයකි.

 ‘A Healthy Garden is a Heart of A Home‘ යන්න අප ආයතනයේ තේමාව වන්නේ  නිවසේ හදවත සිය  නීරෝගී උද්‍යානය වන්නේ කෙසේද යන්නත් එහි වටිනාකමත් නිසිලෙස  හදුනාගැනීම නිසාවෙනි.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!