June 11, 2022
රස්තියාදුකාරයාගේ උද්‍යානය (Rustic Garden)
මොකක්ද මේ Rustic garden ?
භාවිතයෙන් බැහැර කළ ලී, යකඩ,වීදුරැ වැනි ද්රව්යෙයන්ගෙන් සකස් කළ වස්තූන් මගින් විවිධ උද්‍යාන අංග නිර්මාණය කර ඒ මතින් උද්‍යානය වෙත නව පෙණුමක් ගෙන ඒමට Rustic garden සමත් වෙයි.එහිදී යකඩ ද්‍රව්‍ය භාවිතා කළ උයන් ‘මලකඩ ගෙවත්ත‘ ලෙසත් දැවමය උපාංග යොදා ගත් උද්‍යාන ‘ලීවැඩ ගෙවත්ත‘ ලෙසත් අරැත් ගැන්වෙන සේ පොදුවේ ‘Rustic හෝ Rusty‘ Garden ලෙසින් වර නැගෙයි . මෙහි විශේෂත්වය වන්නේ නිවසින් බැහැර කරන දිරාපත්වන ද්‍රව්‍ය නැවත උද්‍යාන තුළ භාවිතයට ගැනීමයි. එහි පවතින කාබනික ස්වරෑපය හේතුවෙන් එහි පරිසරහිතකාමී බවක් ඇතිකරයි.
සාම්ප්‍රදායක උද්‍යාන කළාවෙන් බැහැර වෙමින් රස්තියාදුකාර පෙණුමක් නැතහොත් හිතුවක්කාර ස්වරෑපයක් ගෙවුයන වෙත ගෙන එන්න මෙම සංකල්පයට හැකිය.මෙහිදී දිරා ගිය කුරැළු කූඩුවක් මල් බදුනක විලාසය ගෙන එන්නට සමත් වෙයි.එය දකින විට තවදුරටත් කුරැල්ලෙක් ඒ තුළ සිර වී සිටීම අර්ථවත් නොවෙයි. වතුර ගෙන ගිය බාල්දිය මල් පෝච්චියක් වීම, කැඩී ගිය තේ පෝච්චිය මල් බදුනක් වීම, හිස් ඔරලෝසු මුහුණත මල්-පාසි සහිත බිත්ති සැරසිල්ලක් වීම, දිරා ගිය පාපැදිය නවතා තැබූ මල් බයිසිකලයක් බවට පරිවර්තවය වීම, සපත්තුවක් කුරැළු කූඩුවක් වීම, මල බැදුණු සවල හෝ කප්පාදු කතුර කුරැල්ලෙකුගේ වෙස් ගෙන උද්‍යානයේ තැනක රැදී සිටිම; ආදී දේ සිට විල්බැරෝව,මල්බාල්දිය,ලී ඉනිමග ,හිරමණය, බැරල් යනාදී බොහෝ දේ වෙත වෙනත් අර්තයක් ලැබෙන සේ උද්‍යානයේ අංගයක් ලෙසින් ස්ථානගත කෙරෙයි. එයට නීති රීති නැත. බාධාවන් නැත. ඇත්තේ නිදහස්- විනෝදකාමී- වෛවර්ණ බවකි.
විශාල ඉඩක් සහිත උද්‍යානයක කෙළවර ඇති කොටසක ,මඩුවක ,වැට මායිමක හෝ කුඩාම ඉඩ ඇති නාගරික පරිසරයක වුවද මෙය ඉදිවීමට බාධාවක් නැත. විවිධ වු අයිතමයන් ඔස්සේ විවිධ ශාක පැලෑටි යොදා ගනිමින් ආකර්ෂණීය විලාසයක් සහිත උද්‍යානයක් මේ සංකල්පය ඔස්සේ නිර්මාණය කරගත හැකිය.
එය දකින විට කෙනෙකුට සැනසුමක් සතුටක් උත්තේජනයක් ලැබුණද තවෙකුට ‘ මේ මොන විගඩමක්දැයි ‘ දැනෙන පරාසය දක්වා රස විදීම විහිදී යයි. ඒ අදහස් හී කිසිදු වැරැද්දක් නැත. එහි රළු පෙනුම එහි ස්වරෑපයයි. එහි ස්වභාවිකත්වයට සමීප නැති වුවත් ;කොළ හැලී විසිරී හැඩිවීමට එහි බාධාවක් නැත, පුංචි පුංචි සමනලුන් කැදවන පුංචි පුංචි මල් එන ස්වදේශීය වල් ශාක පැලෑටි වැඩීමට නිදහස අසුරන්නේ නැත, ද්‍රව්‍ය දිරා පත්වීමට කැඩී බිදී යාමට අපිලිවෙල වීමට එහි බාධා නැත.,එකී බාධා රහිත කම එහි තවත් ආභරණයක් වන අතර කාලයත් සමග පරිණාමය වන උද්‍යානයේ අංග වෙත තවත් වෙනස්-අලුත් යමක් කිරීමට සිතන්නට පෙළඹවීමකි. කොළවැටී පැල වැවී මල් පිපී හතු වැවී පාසි බැදී තිබීම හේතුවෙන් තෙතමනය රැදෙන්නට එහි ඉඩකඩ වැඩි ය.එය ලෝහමය භාණ්ඩ මළ බැදෙන්නටත් දැවමය ද්‍රව්‍ය දිරා යෑමට ත් ඇති සක්‍රීයතාවය ඉහලය. එය එක්තර විදිහකට පරිසර හිතකාමී බවකි.
තෙතමනයෙන් සශ්‍රීකව ඇති පරිසරයට කුරැල්ලන්,සමනලුන්,බත්කූරන්, මී මැස්සන්, විවිධ කෘමීන් පැමිණීමේ හැකියාවද ඇත. ඒනිසා එය පරාග වාහකයින් ගැවසෙන උයනක් (Polinator garden- The garden of pollinators) වන්නට ද අවකාශයක් ඇත.
සිතුවිලි ,ක්‍රියාවන් සහ භාණ්ඩ හැසිරවීමේ ඇති හිතුවක්කාර බව හේතුවෙන් Rustic gardene යනු වඩාත් නිදහස් වූ උද්යානකරණ සංකල්පයකි.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය