Taking too long? Close loading screen.

ලිලී පවුලේ පුංචි සුරගන ‘Rain Lily’

තදින් වැටුණු මහ වැස්සකට පසුව බොහෝ ශාක හිරැ එළියේ උණුසුම ලබන්නට බලා හිදිද්දී ‘Rain Lily’ නොහොත් ‘වැසි මානෙල්‘ වැසි ජලයේ පෝෂණය හොදින් ලබා ගෙන ; වැස්සෙන් පසු මල් පිපී හැඩවන සපුෂ්පක ශාක අතර මූලිකත්වය ගනී.තෙත් වූ පොළව මතින් ඉතා දැකුමකළු ලෙස පිපී හැඩවන නිසාම එයට ‘මැජික් ලිලී‘/‘මායා ලිලී‘ ලෙස ව්යවහාර කරයි.
ශාක විද්යාඥයින් යෝජනා කරන්නේ මෙය ඇමරිකාවට ආවේණික වූ ශාකයක් ලෙසයි . ඒ අනුව ලතින් ඇමරිකානු රටවල් වන පේරැ,කොලොම්බියා,කියුබා, යනාදී රටවල මෙය ස්වදේශීය ශාකයක් ලෙස හදුනාගනියි.නමුත් ඉන්දුනීසියාව,හවායි,තායිලන්තය වැනි ආසියානු රටවලද මෙහි විශේෂ කිහිපයක් ස්වභාවිකකරණය වී ඇත.ප්රසන්න සුවදක්, ලස්සන පෙණුමක් ,නෙත ඇදෙන පැහැයන්, හුරැබුහුටි හැඩයක් ඇති ශාක පැලෑටියක් වන ‘Rain Lily’ ; Amaryllidaceae යන ශාක පවුලට අයත්; Zephyranthes නම් කුලයෙහි බවට වර්ග කරයි. පොදු ව්යවහාරය තුළ ‘වැසි ලිලී,සුරගන ලිලී, පාස්කු ලිලී ,වැහි මානෙල්‘ යනුවෙන් ද වර නගයි. තවද මෙය ‘සෙෆීර් ලිලී සහ ෆෙයරි ලිලී මල්‘ (the Zephyr lily and Fairy lily flower) ලෙසින්ද හදුන්වයි.
මෙහි වර්ග 70කට ආසන්න ප්රමාණයක් මේ වන විට ලොවපුරා සොයාගෙන ඇත. තෙතමනයට ඇලුම් කරන මෙම ශාක පැලෑටිය ආසියානු සහ පැසිෆික් කලාපයේ නිවර්තන ප්රෙද්ශවල සශ්රීක ව්යාප්තියක් දක්නට ලැබෙන අතර එය පුංචි සුරගනක වෙස් ගෙන පිපී හැඩවන්නේ තද වර්ෂාවකින් පසුව පමණි.ඉන්දියාවේ කේරල ප්රදේශයේ ජනප්රිය ගෙවතු සපුෂ්පක ශාක පැලෑටියක් වන මෙය ග්රීසියේ හදුන්වන්නේ ‘බටහිර සුළග මල් ‘ යනුවෙනි.;මන්ද ඔවුන්ට වඩාත් තද වැසි ලැබෙන්නේ බටහිරින් එන සුළගත් සමගය.
වර්ෂාවෙන් පසුව තෙත බරිත පොළව වසා ලමින් ‘Rain Lily’ පී හැඩවෙන්න පටන්ගනී.එමෙන්ම මෙම කුලයේ නාමකරණය ව්යුත්පන්න වී ඇත්තේ ‘බටහිර සුළඟේ ග්රීක දෙවියා වන‘ Ζέφυρος (Zephyrus), සහ ‘සිහින් දඬු යටින් පිපෙන මල්‘ යන අර්ථය ඇතිව ἄνθος (anthos) යන නාම ගැලපීමෙනි .එබැවින් වර්ෂාවත් මෙකී ශාකයත් අතර වන අපූරැ බැදීම මත ග්රීසියේ මෙය දේවත්වයෙන් සලකන ශාකයකි. නිවර්තන වැසි කාලගුණයට තදින් ඇලුම් කරන මෙකී ශාකය වියළි තෘණ බිම් ආශ්රීතවද අපූරැ රටා මවමින් පිපෙන්නේ තණ බිම් වෙත වරින් වර ඇද හැලෙන වර්ෂාවේ පහස ද විදින්නටය.
වෛද්ය විද්යාව තුළ මෙහි ශාක කොටස් විවිධ ලෙඩ රෝග සදහා යොදා ගත් අවස්ථා ඇත.එහිදී පේරු රාජ්ය තුළ පිළිකා සඳහා ද චීනයේ Z. rosea යන විශේෂය පියයුරු පිළිකා සඳහා ද භාවිතා කරන අතර අප්රිකාවේ Z. candida විශේෂයෙහි පත්ර දියවැඩියාව සඳහා භාවිතා කරන ලදී. එය හිසේ කැක්කුම, කැස්ස, සෙම්ප්රතිශ්යාව සහ උෂ්ණාධික රෝග වල සිට පිළිකා, ක්ෂය රෝගය, රූමැටික්, වැනි සංකීර්ණ රෝග සඳහා ප්රතිකාරකයන් ලෙස පරීක්ෂණ කරමින් අත්හදා බලමින් භාවිතා කර ඇත.
මෙම හුරැබුහුටි පැලෑටිය හැඩකරන පුනීල හැඩැති මලෙහි ඇති රන්වන් පැහැති පරාග වෙත සමනලුන් මීමැස්සන් නොමද ආකර්ෂණයක් දක්වයි. බත්කූරාගේද කදිම ලැගුම් පොලක් වන ‘Rain Lily’ තෙතමනයට ප්රිය බැවින් උද්යානයේ ජලජ අංග ආශ්රීතව මනාව ගැලපීය හැකිය. මෙහි සමහරක් විශේෂ රාත්රී කාලයේ පිපෙන අතර රාත්රියෙහි සැරිසරන පරාග වාහක කෘමීන් ඇලුම් කරන ශාකයක් බවට එය පත්වෙයි.
සුදු ,රෝස,කහ,දම්,නිල් යනාදී ඇසට ප්රිය වර්ණ වලින් සමන්විත ‘Rain Lily’ හි මල් පිපී පැවතීම කෙටි කාලීන, එනම් දිනක් හෝ දෙකක් පමණ වුවද වැසි සමය තුළ පිපී දිලෙන ඒ කෙටි වාර කිහිපය තුළම උද්යාන භූ දර්ශනයේ ආකර්ෂණය තීවෘර කළ හැකිය.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!