‘‘නිරෝගීමත් උද්‍යානයක් යනු නිවසක හදවතයි.‘‘

අපගේ දැක්ම

පරිපූර්ණ උද්‍යානයක් ගොඩනැංවීම

අපගේ මෙහෙවර

අපි සමාජීය හා පාරිසරික වශයෙන් වගකිව යුතු ආයතනයක් වන අතර , උද්යාන නිර්මාණ කළාවේ මූලධර්ම මෙන්ම දේශගුණික සහ භූමියේ විශමතාවයන්ට ගැලපෙන අයුරින් අපගේ සේවා ලාභීන් වෙත ස්වභාවිකත්වයෙන් පිරි  උද්යාන  අලංකරණ සේවාවක් ඉතාමත් නිර්මානශීලීව හා විද්යාත්මකව ලබාදීම.

krishan

අපි ගැන

උද්‍යාන අලංකරණ ක්ෂේත්‍රය තුළ වඩාත් සුහදශීලී ,විශ්වාසවන්ත මෙන්ම ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් කැපවූ Vision Landscaping Services උසස් සේවාදායක ආයතනයකි.

අප ආයතනයේ නිර්මාණකරු "ක්‍රිශාන්ත දේශප්‍රිය" උද්‍යාන අලංකරනය විශයෙහි වෘත්තීමය අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාගෙන 2007 වසරේදි මෙම ආයතනය ආරම්භ කළ අතර න්‍යායත්මකව හා ප්‍රයෝගික දැනුම සමග සිය අදහස් සංකල්පනය කරමින් වසර 13කට අධික කාලයක් පුරා උද්‍යාන අලංකරනයේ වෘත්තීමය නිපුණත්වය සේවාලාභින් වෙත පිරිනමමින් ක්ෂේත්‍රෙයේ විශිෂ්ඨයෙක් ලෙස කීර්තියක් උසුලයි.

නිර්මාණය කරන්නට යෙදෙන නිවස වටපිටාව අයත් පරිසරය පිළිබද අප ලබා ගන්නා අවබෝධයත් සේවාලාභියාගේ රැචිකත්වයත් සැකිල්ලට ගනිමින් භූ දර්ශණයේ ප්‍රමාණය,පාරිසරක ගුණය සහ හරය රැකගත හැකි උද්‍යාන නිර්මාණයක් නිවැසියන් වෙත ලබා දීම අපගේ අභිලාෂයයි.

+ Sqf
Grass

නිර්මාණ සංකල්පයට ඔබින තණ පලසක් ගෙවත්තක් මත සකස් කිරීම යනු ඔබටත් පෘථිවි  තලයටත්  සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි.

+
Planting

පත්‍ර,මල් , ඵල සහිත ශාක පැතිරීමක් හෙබි වටපිටාවක් යනු ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් ගෙවත්ත තුළ නිර්මාණය කිරීමකි.

+
Happy client

සේවාලාභියා තෘප්තිමත් කිරීම අපගේ ප්‍රමුඛතම කාර්යයයි. අප විසින් නිර්මාණය කළ නිසිලෙස නඩත්තු වන සිය ගෙමිදුල දකින සේවලොභියාගේ ‘ සතුට‘ අපවෙත ලැබෙන ප්‍රසංසාවට වඩා බෙහෙවින්ම වැදගත්ය.

අප සමග එක් වන්න

නිර්මාණය කරන්නට සැලසුම්කරන ඔබේ අවකාශය අපට පෙන්වන්න. ඔබේ අදහස් අප සමග බෙදා ගන්න. ’Vision Landscaping Services ‘අප ආයතනය ඔබට ගැලපෙන බව තහවුරැ කර ගන්න.

සැලසුම් සහ සැකැස්ම

අපි ඔබේ අවකාශය සැලසුම් කිරීමට සමීපව කටයුතු කරන්නෙමු. කාර්යයට අදාල විෂය දැනුම උපදේශනය අපි නොඅඩුව ඔබට ලබා දෙන්නනෙමු.ඒ සදහා වූ ඔබේ අදහස් යොජනා එක්කොට සැලැස්ම සකස් කොට ඊට අදාල ඇස්තමේන්තුවක් අපි ලබා දෙන්නෙමු.

අනුමැතිය සහ නිර්මාණය

කතා බහ කොට සකස් කළ සැලසුමට අනුකූල ඇස්තමේන්තුවට ඔබ එකග වන්නේ නම් සුදුසු පරිදි යොදා ගන්නා දිනයක සිට ඔබේ දේපල අවකාශය මත අපේ අතින් ඔබ බලාපොරොත්තු වූ උද්යානය ක්රමාණුකූලව නිමැවෙනු ඇත.

ස්වභාවිකත්වය ඔබේ ගෙවත්තට ගෙන එන්න