Taking too long? Close loading screen.

ගෙවුයනේ පියාඹන දඩයම්කරැ...‍

ඔබේ ගෙවත්තේ බත් කූරන් සැරිසරනවා  නෙතගැටී ඇත්නම් එය කොයි වගේ ස්ථානයක්දැයි ඔබට අදහසක් ඇත්ද?

මීට වසර මිලියන 300 කට පමණ පෙර පරිණාමය වූ පළමු පියාපත් සහිත කෘමී සමූහයන්ගෙන් එක් විශේෂයක් ලෙස බත් කූරා නොහොත් Dragonfly හදුන්වා දිය හැකියි. වාතයේ තෙතමනය වැඩි මට්ටමක් ඇති පරිසරයන් වෙත වැඩි ආකර්ෂණයක් දක්වන මොවුන් ජල මූලාශ්ර ආශ්රිතව වැඩි සංචරණයක් දක්වනුයේ ඔවුන්ගේ ජීවන විලාසය ඒ හා බද්ධව පවත්වාගෙන යන බැවිනි. සිය ප්රජනන කාර්යය, බිත්තර දැමීමආහාර සපුරා ගැනීම, වාසය කිරීම, විවේක ගැනීම යනාදී චර්යාවන් ක්රමවත්ව සිදුකරනුයේ තෙත් පරිසරයන්හීදී ය. කුඩා කෘමීන් සිය ආහාරය කර ගන්නා බත් කූරා මදුරැ කීටයන් මදුරැවන් කෙරෙහි දක්වන්නේ ගිජුබවකි. දිනකට එක් අයෙක් මදුරැවන් 100 කට අධික ප්රමාණයක් සිය ආහාරය කරගැනීමට සමත් වෙයි. ඊට අමතරව වෙනත් කුඩා කෘමීන් ද  වැඩිහිටි බත් කූරන්හට  ආහාරයට එක් කරගත හැකිය.

‘මදුරැ උගුස්සා‘ යන අන්වර්ත නාමයෙන් හදුන්වාලන බත් කූරා අපෘෂ්ඨවංශිකයෙක් වන අතර ලොව පුරා විශේෂ 5700කට අධික ප්රමාණයක් වාසය කරන කරන බව දත්ත වාර්තා පවසයි. 2012 රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ බත්කූරන් පවුල් 12කට අදාලව විශේෂ 118ක් පමණ  සිය වාසස්ථාන කරගෙන ඇති අතර ඉන් 47ක් පමණ ස්වදේශිකයන් යැයි හදුනාගෙන ඇත. මේ සමස්ථයෙන් විශේෂ 61 ක් (51.7%) වඳවීමේ තර්ජනයටද ලක්ව ඇති බව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තකි.

සැබවින්ම බත්කූරන් කෙරෙහි හිතකර පරිසරයක් ගෙවත්ත තුළ නිර්මාණය කරගැනීමට හැකිනම් පරිසර සමතුළිතය ආරක්ෂාකිරීමට එය යම් ආකාරයක පිටුවහලක් වනු ඇත. 

නීරෝගිමත් තණපලසක්කෘෂි බෝග වගාවක්, නොගැබුරැ ජල පොකුණක් , වර්ණ සංකලණයක් සහිත මල් පැල ව්යාප්තියක් යනාදී අංග බත් කූරන් රැදෙන පරිසර පද්ධතියක බහුලව දකින්නට ලැබෙන්නක් මෙන්ම එවැන්නක් ඔවුනට රැදෙන්නට හිතකර වූවකි. උද්යානය තුළ නොගැඹුරැ ජල අංගයක් පවතීනම් එහි මාලුන් ගෙම්බන් අඩු වීම බත් කූරන් කෙරෙහි හිතකර තත්ත්වයක් වනු ඇත. එමෙන්ම හිරැ එළියමත ගිමන් හැරීමට කැමැත්තක් දක්වන ඔවුන්ට පැතලි පාෂාණ තැන්පත් කර තැබීම එකී ක්රියාව පහසු කිරීමක් සේම ජල උද්‍යානයට වෙනත් පෙනුමක් ගෙන ඒමකි.

මෙහිදී හරිත පැහැති පත්රයන්ගේ යුෂ උරාබොන ඉතා කුඩා කෘමීන්, මල් මත වසන පලිබොධකයින් මදුරැ කීටයින් මදුරැවන් මැස්සන්  ඔවුන් ආහාරය කර ගන්නේ  උද්යානය ආක්රමණය කරන්නන්ට පලිහක් වෙමිනි.මෙම කුඩා ජීවියා යම් පරිසරයක වාසය කරයිද එකී පරිසරයේ ජලයේ ගුණාත්මක භාවය පිළිබද නිදර්ශක සැපයීමක් බදු යැයි විද්යාඥයින්ගේ මතයයි. මන්ද ඔවුන් වඩාත් ආකර්ෂණය වන්නේ වාතයේ තෙතමනය ඉහල,වැඩි ශාක ව්යාප්තියක් සහිත, ඉහල ඔක්සිජන් 

මට්ටමක් ඇති පරිසර වෙතය. එවැනි වටපිටාවක ජල මූලාශ්ර පිරිසිදු බවින් යුක්ත බව පැහැදිලිය.

දඩයමට ඔවුන් කෙතරම් කාර්යක්ෂමද යත් සිය ශරීරයේ සියලු අවයවයන් සකස්ව ඇත්තේ ඒ වෙනුවෙන්මය. 

එමෙන්ම තම සතුරන්ගෙන් වන අනතුරැද ඉන් වලකාලයි. දිරා ගිය පත්රයක සේ විනිවිද පෙනෙන දාර සහිත සියුම් ආකූල හැඩැති  පියාපත් යුගලක් හෝ දෙක වාතයේ සංචරණය සහ සංවේදනයක් තීව්ර කිරන්නකි. ඉදිරියට නෙරා ආ ගෝලාකාර දෙනෙත සිය අක්ෂි  ගෝලය තුළ අංශක360ක් තරම්ම කරකවාලිය හැක්කේ ගොදුර ලංවත් දුරස්ථවත් වඩා හොදින් නිරීක්ෂණයටය. අධි සංඛ්යාත ලෙස කියවන වීඩියෝ කැමරාවක් බදු එය ඉතා ප්රබල ප්රතිභිම්බයක් 30,000 ක පමණ නියුරෝණ සංඛ්යාවක් ඔස්සේ මොළෙය වෙත ලබා දීමට සමත්කම් දක්වයි. ඔවුන්ගේ මොළයෙන් සියයට 80 කට වඩා වැඩි ප්රමාණයක් දෘශ්ය තොරතුරු සැකසීම සඳහා භාවිතා කරන චලනය හඳුනාගත හැකියැයි විද්යාඥයන් පවසයි. සැබවින්ම ඔවුන් සහජයෙන්ම පරිපූර්ණ දඩයම් යන්ත්රයන්ය. ඒ කෙසේ වෙතත් ගෙම්බන් මාලුන් කටුස්සන් වැනි විලෝපීයන්ගේ ගොදුරැ වන ඔවුන්ගේ ආයු කාලය සති කිහිපයක සිට අවුරැද්දක් පමණ දක්වා වුව දිගු විය හැකියි. ඒ කෙටි කාලය තුළ ඔවුන් පරිසරයේ සමතුලිතය රැක ගැනීමට සමත්වෙමින් පරිසර හිතකර ක්‍රියාවලියක නිරතවෙයි.

උද්‍යාන පරිසරයට  හානිකර නොවන මෙම කුඩා ජීවියා ගෙවුයනක් තුළ නිතර සැරිසරන්නේ නම් ඊට අදාලව ඔවුන් මහගු සම්පතක් විය හැකි අතර උද්යානයේ හරිත ව්යාප්තියට හානිකර කෘමීන් අවම මට්ටමක තබාගැනීමට හැකිවෙයි. එමෙන්ම සිය ගෙවත්තේ වාතයෙහි සහ ජලයෙහි ගුණාත්මක බාවයේ යහපත් කම  පිළිබද එය හොඳ ඇඟවීමක් විය හැකිය.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

error: Alert: Content selection is disabled!!