Taking too long? Close loading screen.

උද්‍යානයේ ප්‍රබෝධමත් ස්ථානය....‘Bird feeder‘

කුරැල්ලන්ගේ කීචි බීචිය උදෑසන ආරම්භයේ සිටම අදුර වැටෙන තෙක්ම අපව අවධිව තබන ප්රමුඛතම හඩයි. ඔවුන් ගැවසෙන්නේ කුමන පරිසරයක වුවද එතැන උද්යෝගය පිරැණු තැනකි. අප නිතර ගැවසෙන පරිසරයවන ; ගෙවුයන මල් -ඵල හටගන්නා ශාකයන්ගේ ව්යාප්තියකින් යුක්තව සකස් කිරීම නිරන්තරයෙන් පක්ෂීන්, ලේණුන්, සමනලුන් ආදී විවිධ ලොකු කුඩා සතුන් නිතර ගැවසෙන තැනක් බවට පත්වීම පුදුම සහගත නොවෙයි.මන්ද ඒ ඔවුනට අවශ්ය ආහාර රැකවරණය ප්රජනන කාර්යය මෙන්ම සීතල උණූසුම සුදුසු ලෙස පවතින තැනක් බවට වන විශ්වාසයයි. එය නාගරික වුවත් කුඩා වපසරියක් සහිත පරිසරයක ගෙවත්තක් වුවත් සැලසුම් සහගතව සකස් කිරීම මහ පරිසරයේ පැවැත්මට රැකුලක් වනු ඇත. ඒ කෙසේ වෙතත් ලොව පුරා කොතැනක වුව පොදුවේ ගත් කළ පක්ෂීන්-ලේණුන්- සමනලයින් ආදී සතුන් වෙනුවෙන් ආහාර ලබා දෙමින් ගෙවත්තේ කොතැනක හෝ කෑම රදවනක් සකස්කර තැබීම සුලබ වූ තත්ත්වයකි.
අපගේ උද්යාන පරිසරය හැකිතාක් කුරුල්ලන් ඇතුළු උද්යානයට ප්ර වේශ වන සතුන් කෙරෙහි හිතකර ලෙස සකස් වූ පිළිගැනීමක් තිබීම , ජෛව විවිධවයට වැඩි නැඹුරැවක් දැක්වීම පරිසර විද්යාත්මකව යහපත් තීරණයක් වන අතර, එය මිනිසුන් වන අප මහාපරිසරයට කර ඇති හානිය නිවැරදි කිරීමට දරණ පුංචි නමුත් ඵලදායි උත්සාහයක ආරම්භයකි. උද්යානය වෙත පක්ෂීන් ලේණුන් සමනලයින් බත්කූරන් ආදී විවිධාකාර සතුන් යන එන නවාතැන් ගන්න තැනක් වීමට නම් මූලිකව ඔවුන් කෙරෙහි නැඹුරැවක් සහිත ශාක පැලෑටි රෝපණයක් පැවතීම ප්රධානතම කාරණයයි.එහිදී මල් පලතුරැ පමණක් නොව පණුවන් කෘමීන් ඇතුළුව ඔවුන්ට ආහාර සපයන තැනක් වීම පරිසර ක්රියාවලිය තුළ වැදගත් වූවකි. එසේ පැමිණෙන විවිධ සතුන් ගෙවත්ත තුළ රදවා තබා ගැනීමට , වැඩි පිටුවහලක් වටිනාකමක් ලබාදීමට ක්රමාණූකූලව සැකසූ ‘කෑම රදවනකට‘ සහ ‘ජල ස්නානයකට‘ හැකියාව ඇත.
මෙහිදී අප සැලකිලිමත් විය යුතු කරැණු කිහිපයක් පවතී. අපි බොහෝ විට පෙළබෙන්නේ නිවසේ කුණූ වී ගිය අහක දමන ශාක පලතුරැ කොටස් කුරැල්ලන් ඇතුළු සතුන් වෙත පිරිනැමටයි. නමුත් ඒවායේ ඇති සීනි අඩංගු කෑම,පිටි සහිත ආහාර , පුස් බැදී ඇති කෑම කොටස් ලබා නොදීමට අප වගබලා ගතයුතුයි. මන්ද සතුන් ඉන් යම් ආසාධනයන්ට ගොදුරැ වී රෝගී වීමට ඇති ඉඩ වැඩි වීමයි. එමෙන්ම කෑම රදවනය මත කොතෙක් හොද පලතුරැ-ආහාර කොටස් තැබුවද ඒවා දිනගනන් පුරා ලෑල්ල මත තැබීමෙන් එය අපිරිසිදු ස්ථානයක් බවට පත්වීම පෙරළා සතුන් වෙත රෝගී වටපිටාවක් සකස් කිරීමකි. එබැවින් එය පිරිසිදුව තැබීමට සැලකිලිමත් වීම වැදගත් වූවකි.තවද විලෝපිකයන්ගේ පැමිණීම කුරැල්ලන් ලේණුන් වැනි සතුන් ඔවුන්ගේ ආහාර බවට පත්වීමට ඇති ඉඩ ආහාර දාම තුළ පෙල ගැසෙන්නෙකි. එබැවින් පූසන්ට ළගා විය නොහැකි තැනකින් කෑම රදවනය ස්ථානගත කිරීම යෝග්ය වූවකි. තවද කුරැල්ලන් සිය නාද රිද්මය කලහකාරීව යොදාගන්නේනම් බොහෝවිට ගැරඩියෙක් පූසෙක් හෝ වෙනත් කුරැළු විශේෂයක සංක්රමණය උද්යානය තුළ පවතින බව අපවෙත හෝ තමන්ගේ අනෙක් සගයන් වෙත සන්නිවේදනය කිරීමකි. ඒ පිළිබද අනුකූලතාවය දැක්විම කාලයත් සමග නිවැසියන් ලෙස අප වෙතින් ඉබේම සිදුවන්නකි.
මෙසේ ආ ගිය කුරැල්ලන් හලා යන සිය පියාපත් සංරක්ෂණය කිරීම කුඩා දරැවන් වෙත දැනුම අධ්යනයටත් විනෝදයටත් හේතු වනු ඇත.එක්රැස් කරගත් පාට පාට පියාපත් සිය නිවෙස් උද්යානයට ආ ගිය කුරැළු විශේෂයන් කවුරැන්දැයි මතක්කර දීමකි.වටිනා සිහිවටනය කි.එමෙන්ම ඔවුන්ව සමීපව නිරීක්ෂණය ,සිතුවමකට නැගීම,ඡායාරෑපයකට ගැනීම අධ්යනය වැඩිදුර තොරතුරැ සෙවීම මෙකී සෑම කටයුත්තක්ම කුඩා දරැවා සේම වැඩිහිටි ඔබද පරිසර සංරක්ෂකයෙක් පුංචි විද්යාඥයෙක් අනාගතයට දායාද කිරීමකි.
කුරුල්ලන් උද්යානය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ජනප්රියතම මෙවලම ‘කෑම රදවනය‘ බව නොරහසකි. උත්සාහයකින් තොරව නොමිලේ කෑමට අකමැති කවුද? එය ඔවුන්ටත් වැටහෙනු ඇත. නමුත් විටෙක එයට කෑම දැමීමට ඔබට නොහැකි වුවහොත් කුරැල්ලන් බඩගින්නේ පසුවෙයිද? නැත ඊට විකල්ප සොයා ගැනීමට පරිසරය යනු ඔවුන්ගේ නිවහන බව අප අමතක නොකළ යුතුය. නමුත් මෙය ක්රමාණුකූලව සිදු කිරීමේ වැදගත්කම වැසිකාලයට හා සීත කාලයට සතුන්වෙත කරන උදව්වකි. සහජීවනයකි.
මේ සමගම කුරැල්ලන් වෙත ස්නානය සදහා වූ භාජන සැකසුම් හිරු එළිය සහිත ප්රදේශයක තැබිය යුතුය, වඩාත් සුදුසු තණකොළ හෝ පදුරැ ශාක පෝෂක වැනි ස්ථානයක් අසල තැබීම හෝ එල්ලා තැබීමය. මෙයට හේතුව කුරුල්ලන් ආහාර ගැනීමට පෙර සහ පසුව ජලය පානය කිරීමට කැමති වීමයි. කුරුල්ලන් ද ඉතා පිරිසිදු සතුන් බැවින් ආහාර ගැනීමෙන් පසු මඳක් ස්නානය කිරීමෙන් ඔවුන් සතුටට පත් වේ. තවද මී මැස්සන්ද සිය පිපාසයට ජලය බීමට පැමිණේවී. බත්කූරන් සමනලුන්ද එසේය. කෙසේ වෙතත් එහිද ජලය නිතර මාරැ කිරීමට අප පෙළඹිය යුතුය. මන්ද මදුරැ කීටයන් බෝවීම වැලැක්වීමත් අපිරිසිදු ජලය සතුන්වෙත පිරිනැමීම වැලැක්වීමත් සදහාත් ජලය පිරිසිදුව තැබීම වැදගත් වූවක් බැවිනි.
2019 දී ඇමරිකානු මනෝචිකිත්සක ආයතනයක් විසින් අධ්යයනය කරන ලද ‘කුරැල්ලන් නැරඹීම යන කාරණය මත‘ ඔවුන්ගේ පර්යේෂණවලින් පෙනී ගියේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු පමණ සතියකට වරක් හෝ කුරුල්ලන්ට ආහාර ලබා දීමෙන් පසු ඔවුන්ගේ මානසික සෞඛ්යයේ වෙනසක් අත්විඳින බවයි. මෙම සංඛ්යා ලේඛනයෙන් ඇඟවෙන්නේ තම ගෙමිදුලේ ගැවසෙන කුරුල්ලන් සමඟ සම්බන්ධ වන පුද්ගලයින්ගෙන් 70% ක් පවා මානසික සෞඛ්ය වෙනසක් අත්විඳින බවයි.
ඉතිං ඔබ සෑදීමට බලාපොරොත්තුවන හෝ සදානිම කළ උද්යානය තුළ කුරැල්ලන් වෙනුවෙන් මොනවගේ ඉඩක් ලබා දී ඇත්දැයි කල්පනා කරන්න ?........ ඔබේ උද්යානය කුරැල්ලන් නිතර ගැවසෙන තැනක් නම් එහි ස්වභාවික අලංකරණය තවත් වැඩි කරාවි... එහිදී ඔවුන් වෙත කෑම රදවනයක් පිරිනැමීමෙන් උද්යානයට ප්රෙව්ශවන සතුන් වෙත ආදරයෙන් බැලීමට සිතෙහි ඇතිවන ආශාව පරිසරයට යහපත් මෙන්ම දිගුකාලීන බලපෑම් ඇති කරයි. ඔබේ මිදුලට එවැනි සතුන් පිළිගැනීමෙන් සත්ත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් සාධනීය ප්රගතියක් පෙන්නුම් කිරීමකි.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!