Taking too long? Close loading screen.

සමනලුන්ට උද්‍යානයක්

උදෑසන සුව විදින්නට උණුසුම් තේ කෝප්යක රස බලමින් ගෙවත්තේ ඔබමොඹ ඇවිදින විට හිරැටත් කළින් අවදිවූ පරිසර සිරි මවන හිතවතුන් පිරිසක් සිය දවස පටන්ගෙන ඇති බව දකින්නට ලැබෙනු ඇත. ඒ අතර ටිකෙන් ටික උණුසුම්වන හිරැ කිරණ පොළවට පතිත වෙද්දී ඊට පෙම්බදින ‘සමනලුන්‘ සිය සියුමැලි සලු පිළි ඒමත පාවෙන්නට ඉඩහරින්නේ පරිසරයේ සෞන්දර්යයට නව වර්ණයක් ලබා දෙමිනි. ශාක විශේෂ ගණනාවකට පරාගණය සඳහා වාහකයකු ලෙස ක්රියා කරන ‘සමනලයා‘ කෘමි කාණ්ඩයට අයත් ‘Lepidoptera’ නම් ගෝත්රයේ සාමාජිකයෙකි. ‘සළඹයාද‘ සමනලයාටම නෑකම් කියන එකී ගෝත්රයේ සහෝදර විශේෂයකි. සමනලුන් ඕනෑම ගෙවත්තකට පැමිණිය හැකියි. ඔවුන්ගේ වර්ණාලිත භාවය දැක අප සතුටුවේවි. ඔවුන්ගෙන් අප සරල බව අහිංසක බව නම්යශීලීත්වය දකීවී. නමුත් සමනලුන් දමන බිත්තර කීටයින් බවට පත් වී පිළවුන් ලෙස හිද පියාපත් යුලගක් දක්වා වැඩී අත්තටු සළා පියඹා යාම දක්වා ඔවුන් ගතකරන ජීවිතය සුළුපටු නැත. පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වී පියඹා යාම දක්වා වූ ඒ අපහසුකාර්යයට පිටිවහලක් විය හැකි පරිසර පද්ධතියක් ගෙවත්ත මත සකස්කර දිය හැකිනම් සමනළයෙකුගේ පියඹා යෑම දකින කළ අර්ථාන්විත සතුටක් අත්විිදය හැකිය.
සපුෂ්පක ශාකයන්ගේ පරිසර ආගමනය මීට වසර මිලියන 50කට පමණ පෙර පවතින්නට ඇතැයි අධ්යන පෙන්වා දෙයි. එය නොනැසී පවත්වා ගනිමින් ලොව පුරා ශාක ප්රජාවේ ව්යාප්තියට පරාගනය නම් වූ සුවිශේෂී කාර්යය ඉටුකිරීමේ පුරෝගාමීන් වූ කෘමීන් පරාගවාහකින් සේ ක්රියාකිරීම ජෛව විවිධත්වයෙන් යුතුව පරිසර සමතුළිතය රැකීමට පිටුවහලක් වීය. ඉනුත් සමනලයා යනු සොබාදහමේ සෞන්දර්යාත්මක නිමැවුම් අතර ජීවමාන සැරිසරන්නෙකි. සමනල පරිණාමය පිළිබඳ අධ්යයනයේ නියැලෙන විද්යාඥයින් පවසන්නේ වසර මිලියන 40 සිට 135 දක්වා කාලයකට පෙර ක්රිටේසියස් යුගයේදී සමනලයා පරිණාමය වූ බවත්, ඔවුන් අද අප දකින සමනලුන් බවට පත්වීමට වසර දසදහසි ගණනාවක් පුරා පරිණාමයන් කිහිපයක් පසුකර ඇති බවත්ය. ලොවපුරා වෙසෙන සමනල - සළඹ විශේෂ 50,000 කට අධික සංඛ්‍වූවන්ය. ඉන්ද වැඩි වශයෙන් සිය ජීවන චක්යාවක් අතරින් සමනල වර්ග 24,000 ක් පමණ තහවුරැ වී ඇත. ඒ අතරින් කුල 6කට අයත් සමනල වර්ග 247 ක් පමණ අප රට සිය නිවහන බවට පත්කරගෙන ඇති වගට දත්ත හමුව ඇත. ඉන් වර්ග 23 ක් පමණ අපටම ආවේණික රය පවත්වාගෙන යන්නේ තෙත් කළාපය තුළය.
පරිසර අධ්යන වාර්තා පවසන්නේ සමනලුන් ගහනය සීඝ්ර අඩුවීමකට ලක්ව ඇත්තේ අහඹුලෙස නොවන බවයි. ඊට මිනිස් ක්රියාකාරකම් සෘජුව බලපා ඇත. ඉන්ද සමනලයන් බෝවන ධාරක ශාක සහ පෝෂක ශාක පරිසයෙන් ඉවත් කිරීම මූලික හේතුවකි. එවැනි ශාක පරිසරයෙන් ඉවත් කිරීම යනු එය පදනම් කරගනිමින් පැවැත්ම සකස්කර ගන්නා සමනල විශේෂයද පරිසරයෙන් අතුගා දැමීමකට සම වනු ඇත. මන්ද සමනලයින් බිත්තර දමන්නේ එකී වර්ගයට ආවේණික ශාක මත වීම යි. උදා-ලංකාවේ විශාලතම සමනලයා වන ‘ශ්රී ලංකා මහ කුරුලු පිය පැපිලියා.‘( Troides darsius- Sri Lankan Birdwing.). බිත්තර දමන්නේ ‘සත්සද‘ නම් වු වැල් ශාකය මතයි. මෙම ශාකය වද වෙමින් පවතින්නක් ලෙස නම් කර ඇත. දිනක එකී ශාක වැල වදවී ගියහොත් එම සමනල විශේෂයද අපට අහිම වේවි. මෙසේ දේශගුණික විපර්යාස ,විෂ රසායන ද්රව්ය ,පළිබෝධනාෂක, වනාන්තර හායනය යනාදී ඔවුන් වද වීමට බලපෑම් කරන හේතු නිසා ඇතවන පරිසර ව්යසනයට ප්රති බලපෑමක් යම් මට්ටමකින් හෝ සිදු කිරීමට කුඩා පරිසරයක් වන ‘නිවෙස් උදයානයට‘ හැකිවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එහිදී නිර්මාණය කරන්නට යෙදෙන භූ දර්ශනයේ භූ විෂමතාවය, දේශගුණය , ආලෝකය යනාදී සාධක මත පදනම් වෙමින් උද්යානයට එක් කරන්නට තොරා ගන්නා මල්- පළතුරැ- ඖෂධ- කෘෂි පැලෑටි හෝ ශාක; සමනලයින්ට කෙසේ ධාරකයක් හෝ පෝෂකයක් වනු ඇත්දැයි සැලකිළිමත් වීම වටිනේය.
උදාහරණ ලෙස රත්මල් (Ixora) නම් සපුෂ්පක ශාකය වෙත “Rathinda amor’ (monkey puzzle)- නම් සමනල විශේෂය ආකර්ෂණය දැක්වීම. ‘Euploea core asela‘ නැතහොත් ‘Common crow‘ නම් සමනල වර්ගය - ‘අරලිය‘ මල වෙත ලගාවීම මෙන්ම පලතුරැ ශාක වන උතුරැස්ස, බෙලි ,අනෝදා, දිවුල් වැනි ශාක පත්ර යටි පෙදසෙ සමනල් බිත්තර දැමීම සදහා මාධ්ය බවට පත් කරගනී. එමෙන්ම අප බොහෝ නිවෙස් හී මුළුතැන්ගෙයි පැලෑටි එකතුව තුළ පවතින කරපිංචා,කහ- ඉගුරැ,සේර, කතුරැමුරැංගා, දෙහි ශාක වැනි ශාකයන්හි පත්ර යටි පැත්තේ සමනලුන් බිත්තර දැමිම සිදු කරන බව සැලකිලිමත් වීම ඔවුන්ගේ පැවැත්මට වැදගත්වනු ඇත. මෙහිදී බොහෝ විට දළඹු අවස්ථාවේදී පත්ර ආහාරයට ගෙන තිබෙනු දකින අප ශාකය රැක ගැනීම වෙනුවෙන් ඔවුන් විනාශ කිරිමට පෙළබීම සුලබය. නමුත් ඔවුන් එය සිදු කරන්නේ වසරේ එක කාලයකට බැවින් එම ශාකය එකී කාලයට ඔවුන්ට වාසස්ථානයක් කිරීමට වෙන්කරීම අප සුහුඹුලන්ගේද පරිසරයේද පැවැත්ම වෙනුවෙන් කරන මහගු දායකත්වයකි. මෙහිදී දළඹුවන්ගේ කේටයේ ඇති රසායනික බලපෑමක් හේතුවෙන් ඊට ප්රතිචාර ලෙස ශාකයේ වර්ධනයද පෙරට වඩා සරැව සිදුවනු ඔබට දැකිය හැකියි.
ශාක වටා ජලය රදවා ගැනීමට යොදන වසුන් ස්ථර ( -Mulch) මත වියළි කාලයේදී සමනලුන් සංසර්ගයේ යෙදීම මෙන්ම බිත්තර දැමීමද සිදු කරයි. වර්ෂා කාලයේ රැකවරනයද බොහෝ විට දිරා ගිය කොළ රොඩු වැනි වාස්ථර ද්රව්ය මත රදාපවතී. වසන්තය එළඹෙත්ම තටුසලා පියඹායන තෙක් උද්යාන පරිසරයේ රැකවරණය ඔවුන් වෙත ලැබෙන්නට ශාක ව්යාප්තියේ විවිධවය, දේශිය ශාක පැවතීම , මල්වල විවිධ වර්ග- හැඩතල- වර්ණය යානාදී විවිධත්වයන්ද බලපානු ඇත. තවද උද්යාන නඩත්තුවේදී වල් පැලෑටියැයි සලකමින් ඉවත් කිරීමට පෙළඹෙන නමුත් සමනලුන් වෙත ධාරක හෝ පෝෂක ශාක වන කුප්පමේණියා, මොණරකුඩුම්බිය, උදුපිළිය, බලු නකුට වැනි බොහෝ පැලෑටි පිළිබද සැලකිළිමත් වීම වැදගත්ය. ප්රායෝගිකව උද්යානයේ සමස්ත පෙණුමට එවැනි පැල බාධාකරී නම් ඒවා වෙනුවෙන් පොඩි ඉඩක් වෙනම හෝ වෙන් කිරීම වදවෙමින් යන බොහෝ සමනලුන්ට ජීවත් වීමට උද්යානය යම්තාක් දුරට හෝ වාසස්ථානයක් කිරීමකි.
සැලසුම් කරන්නට යෙදෙන උද්යාන පරිසරය කුඩා කොටසක් වුවත් සමනලුන් කෙරෙහි නැඹුරැ වූ ශාක කිහිපයකින් පවා විශාල බලපෑමක් කළ හැකිය. මෙහිදී ප්රතිලාභය සමනලුන්ට පමණක් නොව බත් කූරන්, විවිධ හිතකර කෘමීන්, මී මැස්සන්, කළාමැදිරියන්, කුරැල්ලන් වැනි නොයෙකුත් ලොකු කුඩා සතුන් සදහාද ලැබෙනු ඇත. එය සතුන් සදහා එක්රැස් වීමට, නවාතැන් ගැනීමට, ආහාර සහ ජලය ලබා ගැනීමට, ප්රජනනය කිරීමට සහ සිය ගහනය ගොඩනැගීමට ආරක්ෂිත තෝතැන්නක් වනු ඇත. සත්ත්ව මළ කදන් ,සත්ව වසුරැ මත සිට මල්පැණි දක්වා වූ පරාසයක යුෂ උරා බොමින් සිය පැවැත්ම සකස් කරගැනීමට වෙහෙසෙන මෙම කුඩා පරිසර හිතකාමීයාට බිත්තර දැමීමේ සිට තටුසලා ඉගිල යාම දක්වා වු ක්රියාවලියට නිවහනක් උද්යානයමත සැකසීම සමස්ත පරිසරයේ පැවැත්ම වෙනුවෙන් කුඩා පරිසර පද්ධතික් උද්යාන බිම තුළ ගොඩ නැගීමකි.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!