Taking too long? Close loading screen.

‘බළල් පහුරැ‘(Cat’s claw vine)

වැස්ස ටිකක් අඩු වෙලා තැනින් තැන මීදුම බාන්න පටන්ගත්ත වසරේ අවසන් කාර්තුවේ අවසන්කාලය තුළ කොළ හැළිල දළු දාල මල්-ඵල දරන්නයි බොහෝ ගස් සැරසෙන්නේ; දෙසැම්බරේ සීතලත් එක්ක හමන සුළගේ ගැලවී ගිය පත්ර ඉගිල යන්නේ මාර්තු අප්රේල් වසන්ත කාළෙට මල් ඵල දෙන පණිවිඩය හැමෝටම කියන්නයි. ඉතිං ඊටත් කලින් මලින් බරවෙලා හැඩවෙලා තමන් වසන්තයට සැරසෙන බව කියාපාන ශාක - වැල් නැතුවමත් නෙමෙයි. ඒ අතර රන්වන් කහ පැහැයෙන් ආකර්ෂණීය වන ‘බළල් පහුරැ‘ (Cat’s claw vine/Cat's claw creeper) නම් වැල් ශාකය මලින් වැසී යන්නේ එහි පත්ර වල කොළ පැහැය පරදවමින්ය. පරවෙන්නටත් කලින් බිමට වැටන අවශේෂ මල් , බිමට කහ පැහැති පලසක් එලුවාක් මෙන් පෙනෙයි. එය කෙතරම් සිත් ඇදගන්නා දර්ශනයක්ද යත් ලොව ලස්සනම කහ පැහැය ඇත්තේ බළල් පහුරැ වැල් ශාකයේ මල් මතයැයි මොහොතකට සිතෙනු ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සහ මෙක්සිකෝවේ සිට ආර්ජන්ටිනාව දක්වා වු කලාපය නිජබිම කරගත් මෙම සපුෂ්පක ශාක වැල සිය පැවැත්ම රදවා ගන්නට යම් ආධාරකයක පිහිට පතයි. එය වැටක් තාප්පයක් ආරැක්කුවක් හෝ ශාකයක් විය හැකියි. එකී ආධාරකය සවිමත්ව අල්ලා ගැනීමට සංයුක්ත පත්රයන්හි පත්රිකා වලින් එකක් බළල් නිය හැඩැතිව දෙපසට විහිදුණූ කොකු ස්වරෑපයක්, උසුලයි. එය ශාකයේ පැවැත්මේ ප්රධානතම අංගයයි. බළලෙක් පහුරැගාන්නාසේ එය ආධාරකය දැඩිව අල්ලා ගනී. එබැවින් එය බළල් පහුරැ/ බළල් නිය ලෙසින් ව්යවහාර කෙරෙයි.‘ Bignoniaceae‘ නම් පවුලට අයත් ‘Dolichandra unguis-cati ‘ලෙසින් විද්යාත්මකව නාමකරණය වී ඇති මෙම ශාක පැලෑටිය අධාරකය මතින් අඩි 30 ක් පමණ උසට වර්ධනය වෙයි. ඉන් පහලට වැටෙන සිහින් වැල්, මලින් වැසෙන්නේ රන්වන් පැහැති තිරරෙද්දක් ලෙසිනි. ප්රධාන වශයෙන් මාර්තු - අප්රේල් කාලයන්හි මලින් ගැවසෙන මෙම ‘බළල් පහුරැ ශාක වැල‘ පරිසරය මත මවන රෑ රටාවන්හි සංදර්ශනාත්මක බව සියලු කාර්යයන් නවතා ඒ දෙස නැවතී බලා සිටීමට අපව පොළබවයි. එය එතරම්ම මනරම් දර්ශනයකි.
වසර 2000ක් තරම් පැරණි මෙම ‘Cat’s claw‘ වැල් ශාකය දකුණු සහ මධ්යම ඇමරිකාවේ ආදිවාසීන් රෝග වළක්වා ගැනීම සඳහා භාවිතා කළ බව පොතපත සදහන් කරයි. එමෙන්ම අධ්යයනවලින් පෙනී යන්නේ 'බළලුන්ගේ නිය ශාකය ' මගින් ප්රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමටත්, සිනිඳු මාංශ පේශි (බඩවැල් වැනි) ලිහිල් කිරීමටත්, රුධිර වාහිනී විස්තාරණය කිරීමටත් රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වන සංයෝග නිපදවිය හැකි බවකි.
කහ පැහැය යනු ආලෝක වර්ණාවලියේ කොළ සහ තැඹිලි අතර වර්ණයයි. එය වඩාත් ආකර්ෂණීය පැහැයකි.මෙම ශාකයේ ඇති එම රන්වන් කහ පැහැයෙන් වර්ණවත්වන මල්මත පවතින සැහැල්ලුව සහ සුවඳ දෙසට මී මැස්සන් සමනලුන් සහ බඹරැන් ආකර්ෂණය වෙයි. එමෙන්ම එහි පවතින හොරණෑ හැඩැතිබව (Cat's Claw Trumpet Vine) කුරැල්ලන්ට මල්පැණි ගන්නට පහසුකරයි. ඔවුන් මෙහි පරාග වාහකයින් සේ කටයුත් කරයි.
මෙහි උපත දකුණු ඇමරිකානු නිවර්තන කළාපයේ සිදු වුවද මේවන විට ලොවපුරා නිවර්තන කලාපයන්හි බහුල ව්යාප්තියක් දක්නට ඇත. වඩා හොදින් හිරැඑළියට ඇලුම් කරන මෙයට යම් තෙතමනයක් සහිත පසක් මාධ්ය වීම සුදුසුය. නමුත් වියළි තත්ත්වයනටද ඔරොත්තු දෙයි. මෙහි වර්ධනය සහ ව්යාප්තිය අධ්යනය කරන ලොවපුරා බොහෝ රටවල් පවසන්නේ එය රදවා ගන්නා ආධාරකය ආක්රමණය කරන බවකි. එබැවින් උද්යාන අලංකරනයේදී තවත් ශාකයක් පදනම් කරනොගනිමින් සිත් ඇදගන්නා වැට මායිමකට තාප්පයකට වියනකට පන්දලමකට ආරුක්කුවකට වැනි දෙයක ආධාරකය සේ යොදාගැනීම යෝග්ය වූවකි. එහිදී විටෙක සෙවණක් තවත් විටෙක තිරයක් සේ දිස්වෙමින් එය මවනා දර්ශනය වඩාත් දැකුම්කළු සේම වඩාත් ප්රාෙයා්ගික වූවක් කළ හැකිය.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!