ඉමිහිරි දැවිල්ලේ රස 14 ක්
ලොව පුරා සෑම රටකම ආහාර රසගන්වන්නට යොදන නැතුවම බැරි ස්වභාවික රසකාරකයක් ලෙස මිරිස් හැදින ගැනේයි. ‘දැවිල්ල‘ ඉමිහිරි රසයක් බව දනවන ප්‍රධානතම බෝග ඵලය එයයි. බොහෝ මිරිස් ප්‍රෙභ්ද බටහිරට ආවේණික වුවද වැඩි පරිභෝජනයක් ව්‍යාප්තියක් සහ ඉල්ලුමක් පවතින්නේ ආසියානු කලාපය තුළයි.එදා දේශගවේෂණයේ යෙකුන දේශාඨකයින් බටහිරින් හමුවූ අධික සැරක් සහිත පලතුරෙහි රසයට සමාන පුංචි කළු පැහැති ඇට වර්ගයක් ආසියාවෙන් සොයා ගැනීම සමබන්ධයෙන් මවිතයට පත්වූ බව මූලාශ්‍ර පැහැදිලි කරයි. ගම්බිරිස් සහ මිරිස් බටහිර නැගෙනහිර රසගැන්වීමට හුවමාරැ වන්නේ ඒ අයුරිනි.එමෙන්ම ගම්බිරිස් හා මිරිස් ජානමය සම්බන්ධතාවයකින් එකට බැදන බව පසු කාලීනව සොයා ගැනෙයි.මෙහිදී අාසියාවට වඩාත් හුරැපුරැදු මිරිස් වර්ග කිහිපයක් ලුහුඩුව විස්තර කෙරෙයි.
කොච්චි මිරිස්- capsium frutescens
capsium frutescens යන විදයාත්මක නාමයෙන් කාණ්ඩගත කරන කොච්චි මිරිස්, සැර මිරිස් වර්ගයක් ලෙස සමාජය තුළ පිළිගැනීමක් ඇති අතර එහි බොහෝ ප්‍රෙභ්ද ඖෂධයක් වශයෙන් ලබාගැනීමට හැකිය. මෙය මධයම සහ දකුණු ඇමරිකාවට ආවේණික වූවක් වන අතර මෙහි මතුවන තියුණු සැර-රසය නිසාම ගම්බිරිස් වලට බෙහෙවින්ම සමානය.
- සුදු කොච්චි
ඇත්දළ පැහැති සුදු කොච්චි ආසියානු කලාපය තුළ ‘කුරැළු මිරිස් - Bird's eye chili ‘ ලෙස වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔසුවක් ලෙසය. මැලේ භාෂාවෙන් එය හඳුන්වන්නේ: Cili Api හෝ Cili Padi, ලෙසයි. මෙය එසේ හදුන්වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම මිරිස් විශේෂය ප්‍රචාරණයට කුරල්ලන්ගෙන් ලැබෙන දායකත්වයයි.කුරැල්ලන්ගේ ඇස ගැටෙන සුදු කොච්චි කැඩීම,ආහාරය ,බිම දැමීම යන අවස්ථාවලදී තැන තැන එය ප්‍රචාරණය වූ බව සිතිය හැකිය.‘‘කේරල‘‘යට මෙය කෑම රසකිරීමේ උරැමක්කාරයෙක් ලෙස සැලකුවද කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ සිංගප්පූරුව යන අග්නිදිග කලාපයේ දී මෙය ආසියාවට ප්‍රෙව්ශ වූවායැයි සැලකේ.
- Wiri Wiri Chilli - බෝල කොච්චි
බෝල කොච්චි හමුවන්නේ ගයනාවෙනි. ඔවුන් මෙය හදුන්වන්නේ ‘Wiri Wiri Chilli‘ ලෙසිනි.මේ වන විට ලොව පුරා අඩු වැඩි වශයෙන් දකින්නට ලැබුනද දකුණු ඇමරිකාවේ ඊසානදිග කොටසේ කුඩා රටක් වන ගයනාවේ උණුසුසම ලබමින් වඩාත් සැර බවකින් යුතු සාපේක්ෂව දුර්ලබ මිරිස් විශේෂයක් ලෙසින් මෙය සැලකෙයි. සුදු පාට බුබුලකින් පටන් ගෙන සිය ආයු කාලය තුලදී කොච්චි බුබුල සුදු ,දම්, කහ, තැබිලි, රතු වර්ණ ගෙනදෙයි.
- Hawaiian Hot Pepper
හවායි දූපත් හි සරැසාරව වැඩෙන මෙම කොච්චි විශේෂය අධික සැරක් සහිත කොළ රතු පැහැ බුබුලකි. ‘ jalapeno’ ලෙසින් හදුන්වන මෙය මෙක්සිකානු සහ මධ්‍යම ඇමරිකානු කලාපය තුළ වාර්ෂිකව වගා කරන භෝගයකි. නමුත් එය ගෘහස්ථව වගා කළහොත් මල් පිපීම සහ වසර පුරා ඵල නිපදවිය සිදුවවෙයි.
- Malagueta pepper
Malagueta යනු බ්‍රසීලය, කැරිබියන්, පෘතුගාලය, මොසැම්බික්, ඇන්ගෝලා යනාදි රටවල බහුලව භාවිතා වන කොච්චි මිරිස් වර්ගයකි. එය එසේ හදුන්වන්නට පෙලඹී ඇත්තේ බටහිර අප්‍රිකාවට සම්බන්ධ ගම්බිරිස් වලට සමාන කුළුබඩු විශේෂයයකට මෙහි රසයට සමානම රසයක් පැවතීමයි. එදා දේශ ගවේෂණයේ යෙදුන ක්‍රිස්ටෝපර් කොලොම්බස් කැරබියන් දූපත් වලින් සොයා ගත් මෙම රතු පැහැති අධික සැරක් සහිත පලතුරෙහි රසයට සමාන කළු පැහැති කුඩා ඇටයක් සහිත ඵලයක් ආසියාවෙන් සොයා ගැනීම සම්බන්ධයෙන් පුදුමයට පත් වූ බව මූලාශ පවසයි.මෙයට අප්‍රිකාව තුළ "Piri-piri" ලෙස නම් තබයි.ඉන් ‘අප්‍රිකාණු රතු යක්ෂයා‘ African Bird’s Eye / African Devil'ලෙසින් අරැත් ගැන්වෙයි. ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය peri-peri යනු "රතු මිරිස්- ගම්මිරිස්වලින් සාදන ලද ඉතා උණුසුම් සෝස්" යන අර්ථය ලෙසින් සදහන් ව ඇත.ඒ එය එතරම්ම සැර සහිත වන නිසාත් ගම්බිරිස් රසයට නෑකමක් ඇතැයි ඉතිහාසය තුළද පිළිගන්නා නිසාත්ය.
- Siling Labuyo, Capsicum annuum/ Japones Santaka chile pepper / 'Asian Hot'
Siling labuyo යනු කොළොම්බියාවේ වැඩුණද පිලිපීනයේ වඩාත් සරැසාරව ව්‍යාප්තවී දැවිල්ලට ප්‍රිය රසකාමීන් අතර ජනප්‍රිය වූ මිරිස් විශේෂයකි. පිලිපීනයේ එහි ජනප්‍රියත්වය කොතරම්ද යත් එය ලොවපුරා හදුන්වන්නේ 'Asian Hot' ලෙසයි.එය Santaka ලෙසින් හදුන්වනුයේ ජපානයයි.ඔවුන් එහි පලදාවෙන් සෝස්, චට්නි වැනි නිෂ්පාදන මාදිලි රැසක් ලොව පුරා බෙදා හරියි.ලොව බොහෝ රටවල් විසින් එක මිරිස් විශේෂයක් විවිධ නම් වලින් හදුන්වා දුන් එකම මිරිස් විශේෂය මෙය විය හැකියි. ආසියානු කලාපය පුරාම ව්‍යාප්තියක් දක්වන මෙම කොච්චි විශේෂයෙහි ඵලය සැරින් වැඩි වුවද එහි කුඩා පුෂ්පය හිරැ එළියට වඩාත් ප්‍රිය කරන අතර උද්‍යානයට පියකරැ පෙනුමක්ද ගෙන එයි.
- Tabasco pepper
ටැබස්කෝ කොච්චි විශේෂය මෙක්සිකෝවට ආවේණික වූවකි.මිරිස් කරල මුලින් සුදු පැහැ වන අතර පසුව මෝරන ආධියේදී කහ-කොළ වන අතර දීප්තිමත් රතු පැහැයට හැරෙන්නේ ඉදීමේදීය. කරල ඇතුලත සෑම විටම තෙතමනයක් පවතින එකම විශේෂය මෙය බැවින් සෝස් වර්ග සෑදීමට භාවිතා කරන ජනප්‍රියම කොච්චි විශේෂය මෙයයැයි සූප වේදීන්ගේ අදහසයි.
raindrop / Biquinho
බ්‍රසීලයට ආවේණික මෙම කොච්චි විශේෂය වැහිබිංදුවක හැඩය නැතහොත් කුරැළු හොටක හැඩය ගනී.නමුත් බ්‍රසීලය එය හදුන්වාදෙන්නේ ‘Biquinho‘ නමිනි.එනම් ‘විශ්මිත කදුළු බිංදුව‘ ලෙසයි. සිහින් කදන් මත ඇතිවන සියුම් පත්‍ර සහ වෙනස් පෙනුමක් ඇති ඵලය නිසාත් ශාකය වඩා උස නොයන කුඩා ප්‍රමාණයෙන් යුක්ත නිසාත් බොන්සායි කළ හැකි ශාකයක් ලෙස හදුනාගෙන ඇත.
- Rainbow Chili Peppers
බොලිවියාවේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ විශාල වගාබිම් මත රෝපණය කරන බොලිවියානු රේන්බෝ චිලී යනු ඉතා අලංකාර ශාකයකි. එම මිරිස් දීප්තිමත් දම් පාටින් ආරම්භ වන අතර කහ - තැඹිලි සිට රතු දක්වා විවිධ වර්ණයන් බවට හැරේ, එහි පෙනුම ගෙවත්තට දීප්තිමත් පෙනුමක් එකතු කිරීමකි.
කැවුම් මිරිස්- Capsicum chinense
කැවුම් මිරිස් ; Capsicum chinense, යන විද්‍යාත්මක නාමකරණයට අදාලව පොදුවේ හඳුන්වනු ලබන්නේ "habanero-type pepper" ලෙසිනි, මෙය ඇමරිකාවට ආවේණික වූ මිරිස් කාණ්ඩයකි. C. chinense ප්‍රභේද ඒවායේ තියුණු සැර-රසයන් සඳහා ප්‍රසිද්ධ වන අතර බොහෝ විට ඒ එකින්නෙක වර්ග අතර වඩාත් සමීප සමානකම් දක්වයි.
- Datil pepper
Datil නම් වූ මිරිස් විශේෂයේ සම්බවය සම්බන්ධයෙන් කොතෙකුත් කතා පැවතියද ෆ්ලොරිඩාවේ ශාන්ත ඔගස්ටින් හි ව්‍යාප්තිය සිදු වූ බව විශ්වාස කෙරෙයි. නමුත් කියුබාව,අප්‍රිකාව ආශ්‍රිතවද විකාශනය සිදුවූවායැයි විවිධ කතා මේ සම්බන්ධයෙන් පවතී. එක්සත් ජනපදයේ මෙය සුලබව දක්නට ලැබුණද අප්‍රිකාව ආසියාව යුරෝපය ආදී සෑම කලාපයකම ඒවායේ සැර රසයට කැමැත්තක් දක්වයි.
- Ghost paper
ඊශානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ව්‍යාප්තිය සිදුව ඇති මෙම අන්තර් විශේෂිත දෙමුහුන් මිරිස් වර්ගය 2006 -2010 දක්වා ලොව වඩාත් සැරම කුළුබඩු විශේෂය බවට ගිනස් ලෝක වාර්තාවක්ද තබා ඇත. එය Capsicum chinense සහ Capsicum frutescens යන මූලික මිරිස් දෙවර්ගය දෙමුහුන් කරනලද වර්ගයකි. එහි පවතින සැර අරැත් ගන්වන්නේ හොල්මනක් සේ පැමිනෙන රසයක් ‘හෝල්මන් රසයක්‘ ලෙසිනි. බංගලාදේශයේ එය නාග මෝරිච් ('නාග මිරිස්') ලෙස හැඳින්වේ. මෙය ව්‍යාප්තව පවතින ලොව ප්‍රධාන රටවල් අතර ලංකාවද පැවතීම විෙශේෂිතය.
- Trinidad Scorpion Butch T pepper
"Scorpion" මිරිස් ලෙස මෙය හඳුන්වනු ලබන්නේ එහි උල් කෙළවර ගෝනුස්සෙකුගේ දළයකට සමාන බවක් පෙනෙන්නට ඇති නිසායි. නමුත් එහි සැරද ගෝනුස්සෙක් දශ්ට කළ විට ඇති වේනදනාවට සමාන වූවකි.2011 දී වඩාත් සැරම මිරිස් වර්ගය ලෙසින් හදුන්වාදෙු ලැබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව යන රටවල මුල් ව්‍යාප්තිය සිදුව ඇත.
- Scotch Bonnet Chili Peppers
ස්කොච් බොනට්; බොනි මිරිස්, හෝ කැරිබියන් රතු මිරිස් ලෙසද හැඳින්වේ. තොප්පියකට සමාන එය බටහිර අප්‍රිකාවේ මෙන්ම කැරිබියන් දූපත් වල සහ මාලදියින ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.එහි රසය ඇපල්, චෙරි සහ තක්කාලි යනාදියෙහි රසයන්වලට සමාන බවට ඉඟි ඇත. මාලදිවයිනේ ආහාර පිසීමේදී ප්රමුඛ රසකාරකයක් වන මෙය ‘ගිතේයෝ මිරුස්‘ ලෙස හැඳින්වේ.
- Carolina Reaper:
කැරොලිනා රීපර් දැනට ලොව පවතින සැරම මිරිස් විශේෂයයි. කරල් දීප්තිමත් රතු පැහැයක් දක්වා පරිණත වේ. මෙහිද විශේෂ ලක්ෂණයක් වන්නේ ගෝනුස්සාගේ වැනි සාමාන්‍ය වලිගයක් පැවතීමයි.එය Trinidad Scorpion Butch T pepper වලින් වෙනස් වන්නේ පරිනත වීමේදී එහි ඇතිවන රැළිමය වයනය හේතුවෙනි.
- Naga Viper Chili Peppers
2010 දී එක්සත් රාඩධානියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් Capsicum chinense වර්ගයේ මිරිස් වර්ග තුනක් මුහුම් කිරීමෙන් සකස් කළ මිරිස් විශේෙෂයකි. එය නිර්මාණය කර ඇත්තේ එංගලන්තයේ Cumbria හි චිලි පෙපර් සමාගම පවත්වාගෙන යන Gerald Fowler නම ආයතනය විසිනි.
මෙම මිරිස් වර්ග ලොව බොහෝමයක් රටවල භාවිතයේ පැවතියද මීට අමතරව තවත් මිරිස් වර්ග පරිභෝජනයේ පවතින බව සදහන් කළ යුතුය.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය