Taking too long? Close loading screen.

නිවසේ බලු සුරතලුන් සමග උදයානයේ සමතුලිතතාවය රැක ගැනීමට සරල උපදෙස් කිහිපයක් - Dog-Friendly Landscaping Tips

1 පි අපේ සුරතලුන්ට ආදරෙයි.ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම ගැන නිතර හිතනවා.හුදෙක් ඔවුන් සත්ත්වයින් සේ නොසලකා ගෙදර තවත් සාමාජිකයෙක් ලෙස සලකනවා.මෙකී සුරතලුන් අතර ‘බලු සුරතලුන්‘ තවත් විශේෂයි.මේ වගේම තමයි අපි අපේ නිවෙස් උද්යානයටත් ආදරෙයි.එහි පැවැත්ම ආරක්ෂා කරගන්න අපි නොයෙකුත් දේ කරනවා.උද්යානය කියන්නේ නිවසින් වෙන්ව පවතින්නක් නොවෙයි ;එය නිවසෙම තවත් එක් අංගයක් ලෙසයි සැලකෙන්නේ. ඉතිං මෙම දෙපාර්ෂවය යහපත් අයුරින් නොපෑහෙන සමහර අවස්ථා තියෙනවා.නමුත් ඔවුන්නොවුන්ගේ සහජීවනය රදාපවත්වාගන්නේ මොන ආකාරයෙන්ද යන්න පිළිබදව අප දැනගත යුතු සරල කරැණු කිහිපයක් තියෙනවා.එය මෙම ලිපිය හරහා ගෙන එනවා.
2 හු බලු පැටියෙකු වුවත් වැඩිහිටි සුරතලෙකු වුවත් විධානයන්ට අනූකූලතාවක් දැක්විය හැකි පරිදි ඉගෙනුම් රටාවක් තුළින් කීකරැ කර ගැනීම වැදගත්ය.එය ඔවුනගේ දග වැඩක් ඉදිරියේ සියුම් පහරදීමක් කරනවාට වඩා ඉවසිලිවන්ත ක්රියාවකි.‘‘ඉන්න,යන්න,එන්න,එපා,වාඩිවෙන්න,පහත්වෙන්න,නැගිටින්න,අතදෙන්න,....“ යනාදී මූලික විධානයන්ට කීකරැ කරගැනීම තුළින් ඔවුන් උද්යානයේ ගැවසීමේදී සිදුකරන ක්රියාකාරකම් කෙරෙහිද දමන්නාවූ තහන්චි වලට අවධානය යොමු කිරීමට නිතැතින්ම පෙළඹෙයි.
3 වුන් බොහෝවිට එක් තැනක එනම් කූඩුවේ හෝ නිවස තුළ බොහෝ වෙලා රැදී සිටීමට දක්වන්නේ අකමැත්තකි.නිදහසේ ඇවිදීමට නම් ඔවුන්ව උද්යානය වෙත මුදාහල යුතුය.එහිදී යම් වෙලාවක් යනතුරැ ඔවුන් අප ඇසනොගැටේ නම් හෝ යම් සද්දයක් -බද්දයක් නැත්නම් කඩිනමින් සොයාබැලිය යුතුය. හුදෙකලාව තුළ ඔවුන් ඉක්මනින් විනෝද වීම සදහා ක්රම සොයා ගැනීමට දක්ෂයන්ය. එහිදී ඔවුන් පොළව හෑරීමට බිම සිටවූ මල් පැල උගුල්ලා දැමීමට දක්වන්නේ මහත් ආසාවකි. උනන්දුවකි.ඒ ඔවුන් තෙතමනයට ප්රිය කරන බැවිනි.මෙම තත්ත්වය යම්තාක් දුරට හෝ අවම කිරීමට ඔබ මූලිකව ඔවුන් නිදැල්ලේ සිටින විට අවධානයෙන් සිටිය යුතුය. තවද ඔවුන් සෙල්ලමට අති දක්ෂයන්ය. සෙල්ලමත් බෝලයත් යනු ඔවුනට දෙකක් නොව එකකි.බෝලය ඔවුනගේ සමීපතම මිතුරා වෙයි.ඉතිං සෙල්ලමට බෝල ඇත්නම් ඔවුනට අනෙක් සෙසු දේ අමතකව යයි.ඔබද විවේක ඇති විට ඔවුන් සමග සෙල්ලම කරන්න.ඇවිදින්න.ඉන් ඔවුනට අවශ්ය මානසික සහ ශාරීරික උත්තේජනය ලැබෙන්නා සේම ඔබටද එය මානසික සුවයක් වනු ඇත.ඉතිං ඔවුන්ට සෙල්ලම කිරීමට බෝල වර්ග සෙල්ලම් බඩු ලබා දෙන්න. ඔවුනට ඉන් උද්යානය මොහොතකට අමතකවී යාවි.
4 බ උදයාන සත්කාරයේ යෙදෙන විට ඔවුන් එළිමහනේ රදවා තබා ගැනීම ඔබේ ක්රියාවට උත්තේජනයක් සේම ඔවුන්ද ඉන් සතුටට පත්වනු ඇත.මන්ද සිය ස්වාමියා හා දැවටෙමින් ඒ හා සමගාමීව ක්රියාශීලී වීම ඔවුන්ට සතුට ගෙනදීමක් නිසායි.නමුත් ඔබ ඔවුන් කෙරෙහි වූ අවදානයෙන් මිදෙන්න එපා.ඒ නිසාම පෙර කී පරිදි සෙල්ලම් බඩු හා විනෝද වීමට ඔවුන්ව පොළඹවන්න. උද්යානය තුළ ඔබේ කාර්යයත් ඔවුනට අවශ්ය සතුටත් උද්යානයේ ආරක්ෂාවත් ඉන් සැලසේවි. එහිදී උද්යානයේ ඉඩ ඇති පරිදි තෙතමනය ඇති සෙවණ තැනක් ඔවුන් වෙනුවෙන් වෙන්කර දීමත් බීමට හෝ සෙල්ලමට වතුර බහාලනයක් තැබීමත් යෝග්ය වූවකි.
5 උද්යානය මත අතුරා ඇති තණ පලස රැක ගැනීමට අප විවිධ නඩත්තු ක්රම අනුගමනය කරයි.නිසි වෙලාවට තණකොළ කපා දැමීම, පොහොර යෙදීම, වල්පැල ගලවා දැමීම යනාදිය යි. බලු සුරතලුන් උද්යානයේ ගැවසෙන විට තණ පළස මත මළ - මුත්රා කිරීමට පෙළඹීම අතිශය සාමාන්ය වූ ක්රියාවකි.මෙහිදී ඔවුන් තණ පලස මත මළපහ කිරීම හෝ මුත්රා කිරීම නිසා ඇතිවන පිළිස්සී ගිය ස්වභාවය මග හැර ගන්නට නම් එම දුව්ය සුදුසු උපකරනයකින් දුටු මොහොතේම ඉවත් කිරීම යෝග්ය වූවකි.මන්ද එහි තණකොළ නැවත පෙර පරිදිම ලියලා වැඩෙන නිසාය.මේ කෙසේ වෙතත් උද්යානයේ ඇති ඉඩකඩ පරිදි ඔවුනට මළ ද්රව්ය බැහැර කිරීමට යම් ඉඩක් (dog poo garden area) වෙන් කර එහි අදාල බහිස්රාවීය ක්රියා සිදු කිරීමට පුහුණු කිරීමෙන් තණපළස මෙන්ම ශාකද ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.
6 ද්යානය මත නිර්මාණය වන බොරළු ඇතිරෑ විවිධ ගල් පතුරැ ඇල්ලූ නන්විධ හැඩගත් මංතීරැ මගින් අවට ඇති තණ පලස මෙන්ම විවිධ තුරැ ගොමු මල් පදුරැ ආරක්ෂාවීම සිදුවෙයි.කෙසේද යත් මංතීරැ ඇතිවිට බාහිරින් ගමන් නොකළ යුතු බවට මානසිකව ලැබෙන විධානයට අප කීකරැ වන නිසායි.මෙය බල්ලන්ටද පොදු වූවකි.නිදහසේ වටපිට බලමින් පරිසර සුව විදිමන් මාවතක් මත අප ගමන්කරන්නේ කෙසේද එලෙසම පුහුණුවක් පුරැද්දක් බලු සුරතලුන් හටද ලැබෙයි.මෙමගින් සිදුවන්නේද උද්යානයේ බිම් ඇතිරැම් අංග ආරක්ෂාවීමකි.
දරැවන් උද්යානයේ කෙළිදෙලෙහි යෙදෙද්දී නිවසේ බලු සුරතලාව අමතක නොකරන්න. පිටත කෑ කොස්සන් ඇසෙද්දී සුරතලුන් හුදකලාවීම ඔවුන් මානසිකව බිදවැටීමට හේතුවකි. බල්ලන් සහ ළමයින් යනු වැදගත් සුසංයෝජනයකි. දරැවන් හා එක්ව ඔවුන්ටද සෙල්ලමෙන් ප්රීතිවීමට අවස්ථාව ලබා දෙන්න.එය දරැවන්ට ද විශේෂ සතුටක් අද්දැකීමක් වන්නා සේම සිය සුරතලාද සමාජශීලී අයෙක් වීමට ලැබෙන මහගු අවස්ථාවකි.එසේ ප්රීතිමත් සමාජශීලී බලු සුරතලෙක් අනෙක් අවස්ථාවන්හිදී උද්යානයේ හෝ වටපිටාවේ නිදැල්ලේ කාල ගතකිරීමේ දී බාහිර දේ සදහා හානි පමුණවමින් ප්රචණ්ඩව හැසිරෙන අවස්ථා විරල වනු ඇත.
7 බ ඔබේ සුරතලාගෙනුත් උද්යානයෙනුත් යම් සහනයක් රසයක් බලාපොරොත්තු වනු ඇත.නමුත් උද්යානය මත ඔවුනගේ ක්රියාකාරකම් ලග හිතරිදෙන දේ සිදුවුවහොත් කෝප නොවන්න.ඔවුන් ගැලවූ ශාකය අපට නැවත ආරක්ෂිතව රෝපණය කළ හැකිය.බිම හාරන ලද වලවල් වසා නැවත බිම් ඇතුරැම් සකස් කළ හැකිය.පෙර පරිදිම ඒවා දළු ලා වැඩෙනු ඇත. නමුත් ඔබේ බලු සුරතලා හා ගැටුමක් ඇති වුවහොත් එකී පලුද්ද නැවත සකස් කිරීම පහසු නොවනු ඇත.පරිසරයට මෙන්ම අපගේ සුරතලුන්ටද අවශ්ය ඇත්තේ අපගේ ආදරයයි. රැකවරණයයි. ආපස්සට ලැබෙන දේ ගැන නොසිත ඔවුන් දෙපාර්ෂවයටම ඔබේ ආදරය ලබා දෙන්න.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!