Taking too long? Close loading screen.

උද්‍යාන කෘෂි භෝග වගාවකට ඔබේ ගෙවත්තෙත් ඉඩක් තිබේ ද?

‍මිහිමත ඇති කුඩා පරිසර පද්ධතියක් වන පවුල සහ නිවහන ප්‍රරමුඛකරගත් ‘ගෙවුයන‘ අයත් භූමි අවකාශය පවුලේ ආහාර සුරක්ෂීතතාවය වෙනුවෙන් යොදා ගැනීමට හැකිනම් එය වඩාත් ඵලදායී වූවකි. අත්යවශ්ය ආහාර බෝග වෙළදපොලෙන් මිලදී ගැනීමේදී ඇතිවන විවිධ ගැටළුමය තත්ත්වයන්ට එය යම් සහනයකි. මෙසේ සිය ගෙවුයන මත තමන් එදිනෙදා ආහාරයට ගන්නා කෘෂි භෝග පිළිවෙලට සහ ආකර්ෂණීයව සකස් කිරීම තුළ රසවත් වූ ගෙවත්තක් නිර්මාණය කිරීමකි . මෙම ලියමන ඒ සදහා උනන්දුවක් ,අවශ්යතාවයක් සහ සිය ගෙවුයනෙන් ඊට ඉඩක් වෙන්කළ හැකි ඔබ වෙනුවෙනි.
උද්යානයක් අලංකරණය සදහා සැලසුම් සකස් කිරීමේදී මූලික අරමුණක් වන්නේ   භූදර්ශණය දුටු මතින් ඒ වෙත සිත නෙත ඇදී යාමයි.තවද පාරිසරික වටිනාකම මෙන්ම අදාල ඉඩ අවකාශය ප්රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම ප්රධානතම වූවකි. ඒ සදහා කෘෂි භෝග, ඖෂධ, පලතුරැ ශාක, දැවමය ශාක යනාදිය ගෙවුයනට සුදුසු ලෙස එක් කිරීමට හැකිය. එසේ රසවත් වූ වටපිටාවක් එක් තැන්වූ ‘ගෙඋයන‘ පවුලේ සාමාජිකයින් හා නිතර ගැවසීට සිත් කැමති ප්රියකරැ ස්ථානයක් වනු ඇත. උද්යාන විද්යාව සම්බන්ධයෙන් වූ ඇමරිකානු විද්වතෙක් වන 'ලිබර්ටි හයිඩ් බෙලී' ( Liberty Hyde Bailey 1858-1954) නැමැත්තා ඉහත කී කරැණ අරැත්ගැන්වෙන සේ කෙටියෙන් පවසා ඇත්තේ,“උද්යානකරණය යනු අලංකරණය සහ උපයෝගීතාවය යන අංග දෙකම සදහා ශාක රෝපණය කලාත්මකවත් විද්යාත්මකවත් එකට එක් කිරීමට ඇති හැකියාව,“ වශයෙනි.
මිනිසා සිය ආහාර අවශ්යතාවය සපුරාගැනීමට අනුගමනය කරන්නට යෙදුන ක්රියාකලාපයන් කාලයත් සමග භූමියේ ඉඩකඩ, ජන ගහන ව්යාප්තිය , කාර්යබහුලත්වය යනාදී කාරණා නිසා වෙනස් වීමට ලක් වුණි. කෙසේවෙතත් වර්තමානයේ පවතින අස්ථාවර ආර්ථික රටාවත්, නිෂ්පාදනයවන ආහාර භෝගයන් වෙළදපොල තුළ හිගව පැවතීමත් , පවතින ආහාර භෝග මිලින් වැඩි වීමත් කෙරෙහි අවධානය යොමුකර තම පවුලේ ආහාර වේලක් සදහා හෝ අතිරේක වශයෙන් එළවළු භෝග ගෙවතු අලංකරණයට එක් කිරීම වඩාත් කාලෝචිත වූවකි. එය නව ප්රවණතාවයක් නොවුවද අදවන විට වැඩි වටිනාකමක් ඊට ලැබී ඇත. ඊට අනුරෑපව ‘ගෙවතු වගාව‘- ‘උද්යාන භෝග විද්යාව ‘ දක්වා විකාෂණය ද වී ඇත.
මෙහිදී වැදගත්ම කරැණක් වන්නේ ගෙවත්ත තුල එළවළු බෝග වගාවේදී පවුලේ සාමාජිකයන්ට ප්රියජනක, සමබල-තෘප්තිමත් ආහාර වේලක් සකස් කර ගැනීමට අවශ්ය බොහෝ ආහාර අවශ්ය වෙලාවට නැවුම් බවකින් ලබා ගැනීමට පහසු වීමයි. එපමණක්ද නොව ඉන් ලැබෙන මානසික සතුට මිලකළ නොහැක්කකි.එහිදී පැලැටිය රෝපණයට අදාල බිම සකස් කිරීමේ සිට ඉන් ඵලයක් නෙලීම දක්වා වූ ක්රියාවලිය තුළ උද්යානය අපිට දැනුම් ලබා දෙන කදිම ගුරැවරයෙක්ද වනු ඇත.

  උද්‍යාන අලංකරණයේ ඇති කලාත්මක ස්වරෑපයත් ශාක විද්‍යාවත් යන ද්විත්වයේ සංකලණාත්මක වැදගත්කම ගම්‍ය වන්නේ ගෙවත්තේ පිහිටීම, ඉඩකඩ, ප්‍රෙද්ශයේ දේශගුණික තත්ත්වය,හිරැ එළිය,වතුර බැස්ම  යනාදියට සාපේක්ෂව  අවශතාවයට යෝග්‍ය පරිදි අදාල කෘෂි භෝග ක්‍රමවත්ව පෙළගැස්වීමට හැකිවීමෙනි. බොහෝ විට කුඩා පරිසරයක් වූ ගෙවත්තක් තුළ මිශ්‍ර භෝග වගාවන් සිදු කරන බැවින්  භූමියේ වැස්මට යොදන කෘෂි භෝග වල විවිධත්වයත් ඵලදාව ලබාදෙන්නේ කෙටි කාලීනවද දිගු කාලීනව යන්න මතත්  ඒ සදහා යොදන  කාබනික ද්‍රව්‍යයන් පස මත ජලය රදවා ගැනීම ඉහල නන්වන අතර පාංශු පෝෂකත්වය ද වර්ධනය කරයි.එමෙන්ම අවශ්‍යතාවය පරිදි යොදන රසායණික පොහාර වලද කාර්යය කාර්යක්ෂම කිරීමට එය රැකුලක් වනු ඇත.

අද්‍යාන බිම මත පෙළගස්වන භෝග පැලෑටින්ගේ පත්‍ර වර්ණ,ඒවායේ හැඩ,භෝගවල උස, මල් පිපීම, ඵල හට ගැනීම, ඒවායේ වර්ණ අනුව විවිධ රටාවන් හැඩතල අවකාශය තුළ නිර්මාණය වන සේ පැල රෝපණය කළ හැකිය .ඒවායේ වර්ණ සුවද ට ආකර්ෂණය වන විවිධ  සතුන්ගේ ගැවැසීම හේතුවෙන් ජෛව විවිධත්වයෙන් යුක්ත කුඩා පරිසර පද්ධතියක්‌ නිර්මාණය කිරීමක්ද වෙයි. තවද මෙහිදී එක් කරන මිශ්‍ර කෘෂි භෝගයන්හි විවිධත්වය අනුව ඒ යොදන පැලෑටිම හානිකර කෘමීන් විකර්ෂණයටද පිළියමක්ද  වනු ඇත.  අඩු ඉඩක් හෝ පියෙසි උද්‍යාන (rooftop garden) සහිත නාගරික ගෙඋයන්හි බදුන් තුළ වගා කිරීම,කුළුණු  මත වගාව,හරිත බිත්ති (Green Wall) සංකල්පය,එල්ලෙන බදුන් තුළ වගාව යනාදිය මගින්   වඩාත් හොද  ඵලදාවක්  ලබාගත හැකිය. මෙහිදී පැලෑටි වල ක්‍රමානුකූල වර්ධනය කෙරෙහි අවදානය යොමු කිරීමේදී  ඊට වැලදෙන රෝග, පලිබෝධ පිළිබදවද නිසි සැලකිල්ල යොමුවීත්  ඒ කෙරහි පිළියම්, ඌණතා සදහා අවශ්‍ය නිසි පොහොර සංඝටක රසායණිකවත් කාබණිකවත්  යෙදීමත්  බෝගයේ නීරෝගී පැවැත්ම තහවුරු කරන්නකි.

මෙම උද්‍යාන භෝග වගාව මනොමූලික ප්‍රතිකාරයක් වශයෙන් කෙසේ වැදගත් වන්නේදැයි යන්න, තහවුරැ කිරීමට බටහිර රටවල උද්භිත විද්‍යාඥයන් වෛද්‍යවරැන් විද්‍යාර්ථයින්  උද්‍යාණ නිර්මාණ ශිල්පීන් එක්ව  කේෂ්ත්‍ර පරීක්ෂණ බොහෝ වශයෙන් සිදුකොට ඇත. නමුත් මෙම පර්යේෂණයන්හි ඉතිහාසය 18 වන සියවස දක්වා පැරණි වූවකි.ඇමරිකානු මනෝචිකිත්සාවේ පියා ලෙසින් පිළිගන්නා ආචාර්ය 'බෙන්ජමින් රෂ්' ( Dr. Benjamin Rush 1745 - 1813 )  විසින් මානසික රෝගීන් ආබාධිත වූවන් විවිධ රෝගීන් යනාදීන්ට සාධනීය ප්‍රතිඵල ලබාදෙන මානසික ප්‍රතිකාරයක් ලෙස ගෙවතු වගාව හදුනාගෙන ඇත. 2013 වර්ෂයේදී දකුණු ලන්ඩනයේ Lambeth GP Food Cooperative යන ආයතනය සිදුකල අධ්‍යනයක ප්‍රතිඵලයක් වශයෙන් සනාථ වී ඇත්තේ දියවැඩියාව,ආතරයිටීස්,ඇදුම,අධික රැධිර පීඩනය යනාදී දිගුකාලීන රෝගී තත්ත්වයන් යටතේ පසුවන රෝගීන් සදහා උද්‍යාන භෝග වගාවෙහි නිරතවීම එකී රෝග සුව වීම හෝ නිසි ලෙස පාලනයට රැකුලක් වූ බවය.

උද්‍යානයක් යනු සජීවීයත්වය පෝෂණය කරන ස්වභාවික වාසස්ථානයකි. එහි ජීවීන් වන ශාක-භෝග - පැලෑටි-මල් සතුන් සමග ගැවසීම ඔවුන්ගේ සුවදුක් සොයා බැලීම පෝෂණය ලබාදීම  නිරන්තර නඩත්තුව  පුද්ගල යහපැවැත්මට පිටුවහලක් බැවු අවිවාදාත්මක කරැණකි.එවැන්නෙක් නීරෝගීව සමාජීය නැබුරැවකට යොමුවීම සරල තත්ත්වයකි.එය ළමා මහලු වැඩිහිටි කාහටත් පොදු වූවකි. එබැවින් අඩු ඉඩකඩක් තුළ වුවද නිසි කළමණාකාරීත්වය සහ නිර්මාණශීලීත්වය කැටිකොටගත් වඩාත් යොග්‍ය උද්‍යාන අලංකරණ සැලසුමකට අනුව පවත්වාගෙන යන ගෙවතුවගා අංගයක් තුළින් ගුණාත්මක පරිභෝජනයක් මෙන්ම වැඩි ආත්ම තෘප්තියක් ලබා ගැනීමට හැකිවීම අනිවාර්යකි.

 

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!