Taking too long? Close loading screen.

උද්‍යානයේ සොදුරැතම තැන ,‘‘බංකුව‘‘

උද්යානයක ස්වභාවික පහස විදිමින් ඒ රසය අන් අයත් ලබා ගන්නට තමන්කරා පැමිණෙන තෙක් නිහඩවම බලා සිටින උද්යානය මත තබා ඇති ‘බංකු‘ නැතහොත් ‘ආසන‘ ( Garden Benches) උද්යානය හැඩකරන අපගේ තවත් මිතුරෙකි.
උද්යාන පරිසරයක් නිරන්තරයෙන් දළුලන, වැඩෙන , මියයන ජීවී පරිසයකි. එය හැඩ කරන්නට - හැඩි කරන්නට සජීවී මෙන්ම අජීවී දේද උදව් වෙයි. ශාක, තණකොළ, මල්- පලතුරැ, සතුන් යනාදී සජීවී සාමාජිකයන් උයනකට නැවුම් බවක් ගෙන එන්නට සමත්වෙයි. එසේම ‘උද්යානයේ බංකුව‘ උද්යානයත් සමග වයසට යමින් පෙද -පාසි බැදෙමින් ඊට පැරණි බවක් ගෙන දෙන අතරම ලේනුන්, කුරැල්ලන්, කුරැමිණියන්, සමනලයන් ,ගොළුබෙල්ලන්,හැකරැල්ලන් ආදී සතුන්ගේ නිරන්තර නවාතැන්පලක් වෙමින් උද්යානයේ සජීවී බව තීවෘර කරන්නෙක් බවට පත්වෙයි. ලොව පවතින උද්යාන කලාවන් තුළ , ‘උයනක තැන්පත් කරන ආසනය මත‘ කාලයත් සමග පෙද- පාසි, ලයිකන බැදෙන්නට ඉඩහරියි ; ඒ එය කාලයත් සමග උයනක පෞරාණික බව හොබවන කලාකෘතියක් සේ හැගෙවෙන නිසාය. නමුත් ඕනෑම තත්තත්වයක පවතින උයනක් මත තැන්පත් කළ ආසනයක් වයසට නොගියද උද්යානයට සක්රීය ප්රසන්න පෙණුමක් ගෙනඑන කලාකෘතිය කි.
උද්යාන අවකාශය මත ආසන තැන්පත් කිරීමට අදාල පැරණිතම උදාහරණය හමුවන්නේ පුරාණ ග්රීක යුගයේදීය. එම ආසන ගලින් නිමවා ඇත. මේ තත්ත්වය වඩාත් ආකර්ෂණීයව හා අමුත්තන්ට උද්යානයේ පහසුවෙන් විවේකයෙන් ගතකළ හැකි සේ ආසන සකස් කරන්නට රෝම වරැන්ට ඉන්පසුව හැකි වී ඇත. විනාශයට පත් පොම්පෙයි හි ඒ සදහා දියුණුතම උදාහරණය සපයයි. සුවපහසුව සත්කාරකත්වය ප්රමුඛ කරගනිමින් දියුණුතම පුරාණ උද්යාන ආසන එහි සකස් කර ඇත. එකී තත්ත්වය 19 වන ශතවර්ෂය වන විට වඩාත් සාමාන්ය දෙයක් බවට පත් වූ අතර ඒ සමඟම තැනපත් කරන ආසනයේ විවිධත්වයන්ද අවශ්යතා ද විවිධාකාර වන්නට විය. ලී හෝ දැව ,ගල් පතුරැ පමණක් නොව සිමෙන්ති , ලෝහ ,වේවැල් මෙන්ම ප්ලාස්ටික් ද එය නිමැවෙන අමුද්රව්ය බවට පත්ව ඇත. මෙහිදී උද්යානයේ පෙණුමට සරිලන ලෙසත් අවශ්යතාවයට ගැලපෙන ලෙසත් උද්යාන ආසනය සකස් කරන සුදුසුම ද්රව්ය පිළිබද තීරණය කළ හැකිය. කෙසේ වෙතත් පුටු වැනි ආසන මගින් පුද්ගලයන් අතර දුරක් ඇති කරන අතර, එළිමහන් අවකාශයේ බංකුවක් මත ඔවුන් එකට ගෙනඑන තැනක් බැවින් සමීප බවක් ගොඩනංවයි. ඒ නිසාම උද්යානයේ බංකුවක් යනු හුදකලාවේ ලිවීමට, කියවීමට, ඇදීමට සුදුසුම ස්ථානය වන්නේ යම්සේද එතරම්ම තවත් පුද්ගලයෙක් සමග හෝ පරිසරය සමග හෝ සංවාදය දිරිමත් කරන තැනකි. එහි එම ගුණය වර්ධනය වන්නටනම් එය ස්ථාන ගත කළ යුත්තතේ ශාක සෙවණ ලැබෙන හෝ මල් පිපෙන පදුරැ ඇති, පලතුරැ හැදෙන ගස් ඇති, කුරැල්නට නාන්නට කෑම කන්නට සැකසූ තැනක් ඇති වටපිටාවක වීම උචිතය. මෙහිදී පුද්ගලයෙකුට සන්සුන්ව විවේක ගතකරන්නට , ඔහුගේ මනසට වෙහෙසකර වූ එදිනෙදා ජීවිතයේ පීඩන හා වෙනත් සෘණාත්මක සාධක වලින් මිදෙන්නට රැකුලකි.
නිවසක සියලුම ඉදිකිරීම් කටයුතු නිම කළපසුත් අවසානයේ උද්යානය වඩාත් ප්රියමනාප ලෙස සකස් කරගන්නට අප සිතන්නේ නිවස තුළට වඩා නිදහස් සාමකාමී බවක් එළිමහන් අවකාශයෙන් ලැබෙන බැවිනි. වෙහෙසකර දිනක අවසානයේ නිහඩවම හිදිමින් තේ කෝප්යක රස බලන්නට, නිවාඩු දිනක සමීපතයන් සමග මීවිතක් තොලගාමීන් සංවාදයේ යෙදෙන්නට, දහවලේ කුරැල්ලන්ගේ කීචි බීචිය එක්කත් රාත්රීයට රැහැයියන්ගේ කන්කරච්චලය එක්කත් එක ලෙසම දැහැන්ගත වන්නට සුදුසුම තැන ගෙවුයනේ කොතනක හෝ තැබූ ‘Garden Benches‘ එක බැව් එහි පහස ලත් අය දනිති. අව්වේ උණුසුමත් සුළගේ සිසිලසත් වැස්සකට පසු දැනෙන මිහිරි සුවදත් එක ලෙසම විදිය හැකි නිවෙස් භූමියේ උචිතම තැන උද්යානයේ බංකුව මතය. අවශ්ය වූ විට ඒ මත දිගාවෙමින් දහවල් අහසේ රටා මවනා තාලෙට පැද්දෙන ගස් වල අතු දෙසත් රාත්රීයට අහස හැඩ කරන තරැ රටා දෙසත් බලා හිදින්නට හැකියාව ඇත. සැබවින්ම ‘එය‘ ඔබ තවමත් නොදැනුවත්ව සිටි ස්ථානයක් ගෙවත්ත තුළ පවතින බවට ඒත්තු ගන්වන අපූරැ මෙවලමකි. ප්රියතම තැනකි.කදිම මිතුරෙකි.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!