Taking too long? Close loading screen.

උද්‍යානයකට නඩත්තුව කොයිතරම් වැදගත් ද?

තම උද්‍යානය නඩත්තු කිරීම බොහෝසෙයින් ආදරණීය ක්‍රියාකාරකමක් වන නමුත් අවාසනාවකට මෙන් අපේ කාර්ය බහුල ජීවන රටාව නිසා නිවසේ එළිමහන්  අවකාශය අලංකරණය කිරීම, ප්‍රිය උපදවන ස්ථානයක් බවට පත් කිරීම  අපෙන් ගිලිහී ගොසිනි.ඉතින් කොහොමද අපේ ගෙවත්ත ප්‍රිය ජනක ස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කරන්නේ?

ඔබ ඔබේ ශරීරයට අවශ්‍ය නිසි නඩත්තුව නිතිපතා ලබා නොදෙයි නම් ඔබව අනෙකාට ප්‍රිය උපදවන අයෙකු වන්නේ නැති අපිරිසිදු පුද්ගලයෙක් බවට පත්වනු ඇත.ඔබ සෞඛ්‍ය  තත්ත්වයෙන් පවා පිරිහීමට පුලුවන.එවිට ඔබටත් ඔබව එපා වෙන තත්ත්වයට පත්වේවි.මොහොතකට මෙම කරැනම ඔබේ උද්‍යානයටත් ආදේශ කර හිතන්න....

විශාල මුදලක් කාලයක් වියදම් කර නිර්මාණයකර ගත් උද්‍යානයේ සුන්දරත්වය දීර්ඝ කාලීන එකක් බවට පත්කර ගන්න නම් ඊට අවශ්‍ය නිසි නඩත්තුව අනිවාර්ය වූවකි.තණ පලස කහපැහැයට හැරීම,වේයන් බෝවීම,තණ කොළ මාස කිහිපයකින් කපන්නට නොහැකි වී වල් පැලත් සමග තවත් වර්ධනයට ලක් වීම,සපුෂ්පක ශාකයන්හි මල් හට නොගැනීම, මල්-පත්‍ර දලු කොඩ වීම,පදුරැ ශාකයන් කිසිදු හැඩයක් නැතිව වර්ධනය වීම,වැට පදුරැ හොරෙකුට පවා සැගව සිටින්නට හැකි සේ ව්‍යාප්ත වීම,පොකුණෙහි වතුර දුර්ගන්ධයක් ඉසිලීම,කෘමි සතුන් බෝවීම,වෛරස් බැක්ටීරියා ආසාදන තත්ත්වයන් ව්‍යාප්තිය,කුණු කසල නිසි ලෙස බැහැර නොකිරීමෙන් මදුරැ කීටයන් බෝවීම,ගස්වල පල හට නොගැනීම,යම් යම් කෘමීන් මර්ධනය කළ නොහැකි වීමෙන් අනෙකුත් ශාකයන්ටද එය බෝවීම,ආසාදිත තත්ත්වයන් වලකාලීමට නිසි ක්‍රමවේදයක් නොදන්නා බැවින් තමන් ආසාවෙන් සාදාගත් ශාක පැලෑටි පදුරැ ගලවා ඉවත් කිරීමට සිදු වීම, යනාදී  විවිධ හේතු නිසා උද්‍යානයේ සුන්දරත්වය ගිලිහී ගොස් අවිධිමත් ස්වභාවයක් උසුලයි.කරදර - කනස්සල්ල ඇතිවීම,කාලය-මුදල් නාස්තියවීම,අසල්වාසීන්ගේ දෝශ දර්ෂණයට ලක් වීම යනාදී ගැටලු පවා උත්සන්න විය හැකිය.සැබැවින්ම එවැනි ගැටලු රැගෙන ආවේ උද්‍යානයේ වරදක් නිසා නොව; ගෙවත්ත සදහා වූ නිසි සැලකිල්ල නඩත්තුව ඔබෙන් ගිලිහී යාමයි.නිවස තුළ සාමකාමි නිදහස් වටපිටාවක් පවත්වා ගැනීමට කාර්යබහුල ඔබේ මානසික සෞඛ්‍යෙය් ගුණාත්මක බව පවත්වාගත යුත්තේ යම්සේද ඊට ඔබේ උදයානයේ පිරිසිදු සෞන්දර්යාත්මක ස්වභාවය ඉවහල් වනවාට සැක නැත.මෙහිදී ඔබේ අවිධිමත් උද්‍යානයට නිසි ජීවය ලබා දීමට නම් උද්‍යාන අලංකරණ වෘතීයවේදියෙකුගේ සහාය අත්‍යවශය වනු ඇත.ඔබේ උදයානයේ ප්‍රමාණාත්මක බව අනුව,ඔබේ ගැටලුවේ ස්වභාවය අනුව  උද්‍යාන නඩත්තු සැලසුම එකිනෙකට වෙනස් විය හැකිය.

උදා: උද්‍යානයේ ඇති ශාක ව්‍යාප්තියේ විවිධත්වය,තණ පලසේ ස්වභාවය,වල් මර්ධනය,ශාකයේ ඇති ඌණතාවයට සාපේක්ෂ පොහොර වර්ග තීරණය කොට යෙදීම,කෘමි නාශක - පළිබෝධ නාශක යෙදීම,අතු-වැට කප්පාදුව,ශාක පැලෑටි සුදුසු පරිදි නැවත රෝපණය,මල්- පල හට ගැනීමේ ස්වභාවය  යනාදී දේ සදහා කාලානුරෑපීව අධීක්ෂණයකොට ඒ සදහා අවශ්‍ය ක්‍රියාත්මකවීම් සිදුකිරීම දිනපතා, සතිපතා, මාස්පතා, වාර්ශිකව යනාදී වශයෙන් තීරණය කළ යුතුය.ඒ සදහා උද්‍යාන අලංකරන වෘතියවේදියෙකුගේ ; නඩත්තුව සම්බන්ධ කළමණාකරණ උපදේශනයක් අත්‍යවශ්‍ය වනු ඇත.

“අපගේ උද්‍යාන නිර්මාණ කාර්යය සදහා කිසි විටෙකවත් ප්‍රශංසා බලාපොරොත්තු වන්නේ නැත. නැවත සිය ගෙමිදුල දකින මොහොත ඔවුන් එය නිරත්තරයෙන්ම අපට ලබා දෙනු ඇත.‘‘

ඔබේත් උද්‍යාන නඩත්තු කටයුතු සදහා අප අමතන්න: 071 5643 774

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!