හෙලිකොන් කන්දේ පිපී දිලිසේන පුෂ්පය (Heliconia)
නිවර්තන කලාපීය සපුෂ්පක ශාක විශේෂයක් වන වර්ග 200 කට ආසන්න සාමාජිකයන් පිරිසක් අයත් ‘හෙලිකෝනියාසි පවුලේ‘ - කෙසෙල්-ඉගුරැ පවුලට බෙහෙවින් සමාන කම් දක්වන සිත්ඇදගන්නා සුළු ශාකයකි, ‘හෙලිකෝනියා‘. ගොබයක් හැඩැති ශාක පත්‍රය ඇතුලාන්තයෙන් පැමිණෙන කරල් ස්වරෑපයේ දර්ශනීය පුෂ්පය පොකිරිස්සන් හැඩැති නියපොතු නමින් පොදුව්‍යවහාරයේ හදුන්වන්නේ එහි මනස්කාන්ත හැඩය හේතුවෙනි.පුෂ්පය මනාසේ පිපී හැඩවන්නට මාසයකට ආසන්න කාලයක් ගන්නා අතර පරවී පෙති හැලෙන්නටද එතරම් කාලයක් ගත කරයි. ඔවුන් මූලික වශයෙන් ඇමරිකානු නිවර්තන කලාපීය මධ්‍යම මෙක්සිකෝවේ නිවර්තිත ප්‍රෙද්ශයෙත් දකුණු ඇමරිකාවේ නිවර්තන කලාපය දක්වාද කැරිබියන් දූපත් හි නිවර්තිත ප්‍රෙද්ශයන් මෙන්ම බටහිරින් පැසිෆික් සාගර දූපත් ද ආසිියානු කලාපයේ ඉන්දුනීසියාව මැලේෂියාව ප්‍රමුඛ සියළු නිවර්තන ප්‍රෙද්ශයන්හි හා ඕස්ටේ්‍රලියානු නිවර්තන කලාපයේද සාර්තක ව්‍යාප්තියක් දක්නට ඇත. විශේෂයෙන් බාලි උද්‍යාන නිර්මාණකරනයේ අනිවාර්යය ශාකයක්ලෙස කැපීපෙන්නට ‘හෙලිකෝනියා‘ හට හැකිවේ.
සාහිත්‍ය, විද්‍යාවේ හා කලාවේ ආධිපත්‍යලත් දේවතාවිය;‘ මියුසස්ගේ‘ නිවහන ලෙස ග්‍රීක පුරාවෘත්තවල සදහන් දකුණු ග්‍රීසියේ කන්දක් වන හෙලිකොන් කන්ද මත පිපී දිලිසුන පුදුම සහගත සපුෂ්ප ශාකය ‘හෙලිකෝනියා‘-‘හෙලිකීනියෝස්‘ යන ග්‍රීක වචනයෙන් ව්‍යුත්පන්න ව ‘හෙලිකෝනියා‘ ලෙසින් මෙයට නාමකරණය ලැබී ඇත. මෙම අපූරැ ශාක පවුලේ සියලු විශේෂ සදහා පොදු ජෛව ලක්ෂණ අනුවර්තනය ව ඇත.
දීප්තිමත් පෙනුමක් රැගත් මෙම ශාක පුෂ්පයේ වර්ණය හැඩය පරාග වාහකයන් ආකර්ෂණයට සමත් වෙයි.විශේෂෙයන්ම හමිං කුරැල්ලන් සමනලයින් මෙයට විශේෂ ආකර්ෂණයක් දක්වයි.විශේෂ නඩත්තු ක්‍රමවේදයක් එහි වර්ධනයට අවශය නොවන නමුත් අර්ධ සූර්යාලෝකයත් පෝෂක පසත් සහ සෞම්‍ය දේශගුණයත් මෙහි සාර්ථකව වැඩීමට ගුණාත්මක තත්ත්වයන් වේ.
නිවර්තන කලාපීය සෞම්‍ය සුන්දරත්වය තුළ කැපීපෙනෙන, දිලිසෙන හරිතවර්ණිත ශාක පත්‍ර සහ පුෂ්ප මංජරියේ වර්ණ හා ආකෘති හේතුවෙන් හෙලිකෝනියා විශේෂ දුටු මතින් සිත්කැමතිවන භූමි අලංකරණය සදහා යොදාගන්නට පෙළඹෙන ශාකවර්ගයකි.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය