ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම

දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව දුන් සැනින් අපි පිටත්වන්නේ අම්මගෙ මහ ගෙදර , මොකද ඕනතරම් සෙල්ලම් කරන්න පුළුවන් ලොකු වත්තකුයි ; හිතේ හැටියට ගෙඩි කඩන්න පුළුවන් එක එක වර්ගයේ ගස් ගොඩකුයි ගමේ ගෙදර පිරිල තිබුන නිසාය.සැබවින්ම අතීතයේ පැවති මහ ගෙදර සංකල්පයත් සමග විශාල ඉඩකඩක් සහිත පැරණි නිවසක් ගස් වැල් මල් ළුලින් පිරිණු වටපිටාවක් මැවෙන්නේ නිතැතින්මයි. එදා ඒ නිවෙස් වලට වටිනාකමක් ලැබුනේ නිවසේ ඇති පැරණි බවට විතරක්ම නොව,ඒ නිවෙස් වසාලමින් යොධයන් සේ නැගී සිටි නා නා විධ ගස් වැල් නිසයි. නමුත් ඒ තත්ත්වය වර්තමාන සමාජයෙන් බොහෝදුරට  දුරස් වූ බවක් පෙනුනද,නවීණ උද්‍යාන සැලසුම් අංගත් සමග පොඩි ඉඩක් තුළ වුවත් ඵලදායී පැලෑටි විවිධත්වයක් බොහෝදෙනා අපේක්ෂා කරයි. මෙහිදී ‘පලතුරැ පැල‘ වෙනුවෙන් ලැබෙන්නෙ විශේෂ සැලකිල්ලකි.උනන්දුවකි.සිය ගෙවුයන තුළ පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම කොයි වගේද?.....

උද්‍යානය වෙනුවෙන් සීමිත ඉඩක් ඇති තත්ත්වයක් තුළ සිය නිවසටත් යාබද මායිම් හි නිවෙස් වලටත් කරදරයක් නොවන සේ ශාක පෙළගැසීවීම පලතුරැ පැල රෝපණයේදී ඇතිවන ප්‍රධාන ගැටළුවයි.එහිදී  රෝපණය කරන පැල කල්යත්ම ශාක බවට පත්වීමේදී ඇතිවිය හැකි බාධාකාරී තත්ත්වයට පෙරතියා සැලසුම් අවශ්‍ය  වෙයි.ඔනෑම ශාකයක් නිසි කප්පාදුවත් නිවැරදි නඩත්තුවත් 

යටතේ වර්ධනය සීමාකළ හැකිබව ප්‍රමුඛ කරැණයි.නමුත් වඩා විශාල නොවන ශාක හදුනාගනිමින් විවිධත්වයෙන් යුතු ශාක ව්‍යාප්තියක් සැලසුම් කිරීම වැදගත්වූවකි.එසේම මේ වනවිට වඩාවැඩි ඉල්ලුමක් ඇත්තේ බදුන්ගත පළතුරැ බෝග රෝපණයකටය.එය එසේ වී ඇත්තේ ප්‍රවාහනය , නඩත්තුව මෙන්ම ශාකයට බලපෑම් කළහැකි සාධක පාලනයට ඇති හැකියාවන් මතය.මූලිකවම නිදහස් බිමක සිටවන්නට යෙදෙන ශාකයක මූල පද්ධතියේ ව්‍යාප්තියට අදාල නිදහස බදුන් තුළ සීමා වීම ශාකයේ අනවශ්‍ය වර්ධනය සීමා වීමකි.කෙසේ වෙතත් ශාකයේ වර්ධනය අතුපතර විහිදී යාම අඩු කරන්නටනම් මල්ළුල හටගැනීමට ශාකය හැඩගැස්වීම් විකාශනයට අවශ්‍ය සාධක සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය වූවකි.එහිදී පළතුරැ ශාක සදහා නිසි හිරැ එළිය පතිතවීමේ ස්වභාවය වැදගත්ම වූවකි. එමෙන්ම නිසිලෙස ජලය යෙදීම,අවශය සංඝටක හදුනා සුදුසු පොහොර යෙදීම,රෝග කාරකයන් හදුනාගැනීම, පළිබෝධ මර්දනය,නිසි කප්පාදුව යනාදී කරැණු තුළින් ශාකය නිසිආකාරයෙන් අදාල පරිසරයට අනුකූල කරගත හැකිය. මේ අනුව නිවැරදි පාලන තත්ත්ව යටතේ වාර්ෂිකව හෝ ද්විවාර්ෂිකව සිය අවශ්‍යතා සපුරාගත හැකි ශාක වර්ධනයත් ඵලදාවත් හිමි ශාකපද්ධතියක් නිර්මාණය කරගත හැකිය.එවැනි පලතුරැ ශාක රෝපනයක් යනු කුඩා ගෙවත්තකට වුවද පුදුමාකාර එකුකිරීමක් විය හැකිය.   ඒ සදහා මසං, කටු අනොදා, දෙළුම්, ලාවුලු ,වෙරළු, ජම්බු ,රඹුටං ,අඹ ,අලි පේර,පේර යනාදී ශාක විශේෂිතය. 

මෙසේ  සියුම් මලක් මෙන්ම රසවත්- ගුණදායී පලතුරක වර්ධනය සහ බුක්තිය  

නිසා සතුටුවන කුඩා දරැවන් ,සමනලුන් ,කුරැල්ලන්,මී මැස්සන් මෙන්ම  නෑ හිතමිතුරන් යනාදීන්ගේ සතුට ඔබේද නිමක්නැති සතුට විය. හැකිය.ගෙවත්තක් යනුනිරන්තරයෙන් වැඩෙන -මල් එන- ඵල දෙන-ලෙඩවෙන-මැරෙන සජීවී පරිසර පද්ධතියකි.එහි අපූරැ හැසීරීම දෙස අවධානය  දෛනිකව  යෙදවීමට පෙළඹුම ලැබෙනඑක් කරැණක් වන්නේ 

ගෙවුයන තුළින් සිය නිවෙසේ  පරිභෝජනයට අදාල ගුණාත්මක ඵලයක් ඔබේ දෑතට ලබා ගැනීමට හැකියාවක් ඇති තැනක් වීමය.  එමෙන්ම ඵලදායී ශාක ව්‍යාප්තියක් සහිත උද්‍යානයක් තුළ පිහිටි ඔබේ දේපලටද ලැබෙන්නේ ඉහල වටිනාකමකි.තවද පසෙහි වැස්ම ශාක පද්ධතියකින් වැසී තිබීම ඛාදනය අවම වී  පසෙහි සංයුතියේ ගුණාත්මක බව රැක දෙන්නාසේම වැසි ජලය අභ්‍යන්තරයට ගලායාමේදී සිදුවන නිසි පෙරීමට ලක්වීම පිරිසිදු භුගත ජල දහරාවක් ද පෝෂණය කිරීමකි.එලෙසම පත්‍ර මල් ඵල සහිත ශාක පැතිරීමක් හෙබි වටපිටාවක් යනු ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමකි.එහිදී පිටතින් එන ශබ්දය අවශෝෂණය කරගැනීම නිහඩ සිසිල් පරිසයක් ඇති ගෙවුයනක හිමිකාරීත්වය ලබාගැනීමකි.

 

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

error: Alert: Content selection is disabled!!