Taking too long? Close loading screen.

උද්‍යානය පහසුකරවන බිම් ඇතුරැම් ගල් (Interlock paving)

 

 

.

 

උද්‍යානයක් අලංකරණයේදී නිවසේ ස්වභාවයත් භුමියේ පිහිටීමත් තමන්ට කැමති සේ තෝරාගැනීමට ඇති අවස්ථාවනුත් නඩත්තුවේ පහසුවත් දිගුකල් පැවැත්මත් මනා නිමාවත් එකට එක්කරගත්  ක්‍රමයක් ලෙස බිම් ඇතුරැම් ගල් නිර්මාණ අංගය  දැක්විය හැකිය.උද්‍යානයක් තුළ ගමන් කිරීමට සුදුසු මාවත් දිගුකල් පවතින සේ සකස්කිරීම වැදගත් වූවකි.නිවසේ මෝටර් රථය ඇතුල් කිරීමට දාවන තීරැ සකස් කිරීමේදී නිසි බර දරන්නට හැකි පැවැත්ම ශක්තිමත් මාධ්‍යයක් මත එය ගමන් කල යුතුය.අතීතයෙදී මේ සදහා කොන්ක්‍රීට්,තාර යෙදුවද වර්තමානයේ විවිධ හැඩ රටා වර්ණ සංයෝජන සහිත අලංකාර බිම් ඇතුරැම් ගල් භාවිතයෙන් භූමිය අලංකරණයට බොහෝ පිරිස් යොමුව ඇත.මෙහිදී තම උද්‍යානයේ ස්වභාවයත් නිවසේ හැඩය සහ වර්ණ ගැන්වුමට සාපේක්ෂව බිම් ඇතුරැම් ගලෙහි වර්ගය,වර්ණය,හැඩය,රටාව ආදී ලෙස  තෝරා ගැනීමට ඇති අවස්ථා රැසක් පවතින අතර එහිදී තොරාගැනීම නිවැරදි විය යුතුය. එය තමන්ට රැචියත්  දරන්නට හැකි පිරිවැයටත්  අනුකූලව නිවැරදිම තෝරාගැනීම බවට පත් වන්නේ ඒ පිළිබද නිසි අවබෝධය ලත් උද්‍යාන අලංකරණය වෘතියවේදියෙකුගේ  මැදිහත් වීම ලබාගතහොත් පමණි.

මෙහි සංකල්පමය ක්‍රමවේදය ක්‍රි.පූ.500 දක්වා දිව යයි.එය ඇරඹෙන්නේ රෝමයෙනි.    1940 දශකයේ මැදභාගය වනතෙක් යුරෝපයේ මෙය දක්නට නොලැබුණ අතර ඕලන්දය කොන්ක්‍රීට් නිමැවුම් සිදු කිරීමට යොමුවෙයි.1960 වන විට ජර්මනිය මෙහි වටිනාකම හදුනාගෙන කාර්යය කඩිනම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවා ඇත.පසුව ඕස්ට්‍රෙලියාව නවසීලන්තය ද අප්‍රිකාවේ සිට වර්තමානය දක්වා නිර්මාණකරණයේ පරිණාමය සිදුව ඇත.

 

බිම් ඇතුරැ ගල් නිර්මාණයක්  කොන්ක්‍රීට් මතුපිටකට වඩා තෙගුණයක ශක්තිමත් භාවයක් මෙන්ම නිමැවුම පනස් වසරක ආයු කාලයක් රදා පවතින්නකි  .උෂ්ණ කාලවලදී ඒ මත ගමන් කිරීමේදී දෙපයට දැනෙන උණුසුම සාපේක්ෂව කොන්ක්‍රීට් තාර වලට වඩා අවම  අගයක් ගනී.එමෙන්ම සෙවණ සහිත ස්ථායන්හි තණ පිඩලි ඇතිරීම ප්‍රාෙයා්ගික තත්ත්වයක් නොවන බැවින් එවැනි ස්ථානයකට ආදේශකයක් ලෙස බිම් ඇතුරැම් කැට ආවරණය යෝග්‍ය වූවකි.එවැනි ස්ථානයන්හි රැදෙන සිසිල තව තවත් පවත්වා ගැනීමට මෙය පිටුවහලකි. බැලූ බැල්මට නිර්මාණයට ලක්කෙරෙන භූමිය හා යම්  නම්‍යශීලීත්වයක් දක්වන මෙය නිවාස අංගණයන් හි පමණක් නොව  ව්‍යාපාරික ස්ථානයන් , කාර්යාල, රෝහල්, පාසල් ,පන්සල් ,මාර්ග යනාදී පොදු ස්ථානයන්හි අඩු ඉඩ හෝ වැඩි වපසරියක් වුව  නිසිලෙස ආවරණය කිරීමට සමත් අලංකරණ අංගයකි. එවැනි ස්ථානයන්හි නඩත්තුවට ලබාදිය යුතු වැඩි ශ්‍රමයත් නිතර නිතර සකස් කිරීමට යෙදිය යුතු පිරිවැයත් දිගුකල් පැවැත්මත් එකවර ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස බිම් ඇතුරැම් ගල් නිර්මාණ බොහෝ සේ ජනප්‍රිය මාදිලියක් බවට පත්ව ඇත.විශේෂිතම කරැණ වන්නේ ඉන් අලංකරණයට ලක්වන භූමියට සහ අදාල දේපල සදහා ලබාදෙන වටිනාකම එය නිර්මාණය කිරීමට දරන්නා වූ මුදලේ අගයට සම කළ නොහැකි වීමයි.

 

සැබවින්ම බිම් ඇතුරැම් නිර්මාණයක නියම නිර්මාණශීලීත්වය ප්‍රතිඵලාත්මක වන්නේ යෝග්‍ය වූ ගල් වර්ගය, හැඩය, වර්ණය, රටාව තම කැමැත්ත , භූමියේ පිහිටීම,නිවසේ සවභාවය සමග තමන්ට දරන්නට හැකි පිරිවැයත්  සත්‍ය පිරිවැයත්  නිසිලෙස කළමණාකරණයට හැකිවන්නේ අත්දැකීම් සහිත උද්‍යාන අලංකරණය වෘතියවේදියෙකු සමග කෙරෙන කතාබහත්  උපදේෂණයත් ඔබ  ඔබේ උදයානයට ලබා දුනහොත් පමණි.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!