Taking too long? Close loading screen.

කුරැමිණි ආර්යාව නොහොත් උද්‍යානයේ හිතවතිය.. ''Lady Bug"

ශාකවලට වැලදෙන රෝග පිළිබද අවධානයෙන් සිටින විට පෙනෙන්නට ඇති සෑම කෘමි - දිලීර, පුස් තත්ත්වයක්ම ශාකයට අනතුරක් විදිහටයි දකින්නේ. ඒ නිසා ඔවුන් උද්යානයෙන් ඈත් කර තබන්නටයි අප බොහෝ විට උත්සාහ කරන්නෙ. නමුත් සෑම කෘමියෙක්ම දිලීරයක්ම බැක්ටීරියාවක්ම අහිතකර වූවන් නොවන බව අප දැනගත යුතුයි. ‘Coccinellidae’ යන විද්යාත්මක නමින් හදුන්වන ‘‘Lady bug‘‘ ලෙස පොදු ව්යවහාරයේ හදුන්වන දිලිසෙන රත් සහ කළු වර්ණිත කුඩා පියාපත් යුගලක් සහිත ගෝලාකාර හැඩැති සිරුරක් හිමි මේ පුංචි කෘමියා ගෙවත්තට හිතවතෙක් බව උද්යාන පරිසරයට ඇලුම් කරන අප දැන ගතයුත්තකි.
ලොව පුරා විවිධ ‘ලේඩි බග්’ විශේෂ 5,000 ක් පමණ වෙසෙන බව ගණන් බලා ඇත. අනෙකුත් කෘමීන් අතරින් සිත්ඇදගන්නා සුළු ස්වරෑපයක් හිමි මේ හිතවතා මිනිසුන්ට හානියක් නොවන අතර ගොවීන්ගේ ආදරයට පාත්ර වේ. ඒ , සිය ගොවිබිමේ ශාක අනුභව කරන මයිටාවන්, කුඩිත්තන් සහ වෙනත් පළිබෝධකයන් ආහාරය කරගන්නා නිසාය. එක් ලේඩි බග් කෙනෙක් සිය වසර දෙකක් හො තුනක් පමණ වන කෙටි ජීවිත කාලය තුළ කෘමීන් 5,000 ක් පමණ ආහාරයට ගත හැකි බව විද්යාවඥයින්ගේ අදහසයි.
Lady bug ලෙස ඔවුන් හදුන්වන්නේ ඇයි?
අතීතයේදී යුරෝපීය ගොවීන් විසින් මෙම නම භාවිතා කරන ලදී. සිය භෝග වගාවේ මල් පීදී ඵලදාව ටිකින් ටික මතු වෙද්දී පළිබෝධ හානියද ටිකෙන් ටික වගාව වෙත පැමිණෙයි. ඒ සමගම මේ අපූරැ කෘමියා සිය ආහාර සොයා වගා බිම් වෙත පැමිණීම නිරන්තරයෙන්ම සිදුවන බව නොදත් ගොවීන් ‘මරියතුමිය’ වෙත සිය කන්නලව්ව ඉදිරිපත් කරයි. පසුව ‘ලේඩි බග්ස්’ පැමිණ ආක්රමණික කෘමීන් අතුගා දැමූ පසු ගොවීන් සිතනුයේ එය සිය දුක්ගැනවිල්ලට සවන්දුන් මරියතුමියගේ හාස්කමක් ලෙසයි. එබැවින් "අපේ ආර්යාවගේ කුරුමිණියා" ලෙස ඔවුන්ව ගොවීහු නම් කරන්න වූහ. මෙය අවසානයේදී "ලේඩි කුරුමිණියා"- කෙටි කොට "ලේඩි බග්" ලෙස හදුන්වන්නට විය.
ඔවුන්ට හිතකර ලෙස පරිසරයක් උද්යානය තුළ තිබේද?
තරමක උණුසුම් තත්ත්වයකට ඇලුම් කරන "ලේඩි බග්" විවිධත්වයෙන් යුතු ශාක ව්යාප්තියක් උද්යානය තුළ පවතීනම් ඒ වෙත ආකර්ෂණය වීම නිතැතින් සිදුවන්නකි. ඔවුන් බොහෝ කෘමි නාශක වර්ග කෙරෙහි සංවේදී වනවා පමණක් නොව, ඔවුන්ගේ ආහාර ප්රභවයන් වැඩි ප්රමාණයක් ඉන් නැති වී යන අතර සිය ප්රජනන කාර්යයට අවශ්ය වටපිටාවද විනාශයට ලක්වෙයි. කෙසේ නමුත් ලේඩි බග් සදහා ප්රමාණවත් ආහාර සංචිතයක් ඇති කිරීමට කූඩිත්තන් මයිටාවන් ප්රමුඛ කෘමීන් ශාක මත ව්යාප්ත වීමට ඉඩ දීම ප්රායෝගික නොවන තත්ත්වයකි. තමන්ට අවශ්ය ආහාර ප්රභවයන් යම් තැනක පවතීද ඒ වෙත ආකර්ෂණය වීම ඔවුන් තුළ ඉබේ හට ගන්නා සංවේදනයක් බවද මෙහිදී මතක තබාගැනීම වැදගත්ය.
ඔවුන් ඇදී එන උද්යාන ස්වභාවය තුළ නීරෝගීමත් තණපලසක් පැවතීම, විවිධ වර්ණයන්ගෙන් යුතු මල් පිපෙන ශාක පැවතීම, විශේෂයෙන් කොත්තමල්ලි සහ වෙනත් පරාග සහිත මල් සහ ඖෂධ පැළෑටි ව්යාප්තියක් ඇත්නම් ඒ වෙත පැමිණීමට ඔවුන් වැඩි පෙළඹුමක් දක්වයි.
අහිතකර පළිබෝධකයන් අනුභවය පමණක් නොව මලින් මලට ගොස් පාදයන්ගේ සහ පිහාටු මත තවරගන්නා පරාග තවත් මලක් වෙත ගෙන යාමට හැකි පරාග වාහකයෙක්ද වීම සතුටට කරැණකි.
අප බොහොසේ දකින්නේ Asian lady beetle (Harmonia axyridis) නම් වර්ගයයි. ඔවුන් රතු- කළු හෝ තැබිලි - කළු වර්ණිත ය.
මෙහිදී අප අවධානය යොමු කළ යුතු ප්රධාන කරැණ වන්නේ උද්යාන භූමිය තුළින් ඉවත් කරන්නට යෙදෙන පළිබෝධකයින් පරිසරයට හිතකර ද නැද්ද යන්න පිළිබද වූ අවබෝධය අප තුළ පැවතීම උද්යානයට පමණක් නොව සමස්ත පරිසරයේ පැවැත්මටම වැදගත් වූවක් බවයි. 🐞
{ඡායාරෑප අන්තර්ජාලය ඇසුරෙනි.}
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!