Taking too long? Close loading screen.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි.

ඔබේ ගෙමිදුලට තණපලසක් නිර්මාණය කිරීමේදී හෝ නිර්මාණය කළ නීරෝගීමත් තණපලස දැකීමේදී ඔබ ලබන සතුට සැනසුම කොතෙක්දැයි ඔබ දන්නවා ඇති.නමුත් කොයිම වෙලාවක හෝ ඔබ දැන සිටියාද තණ පලසක් නිසා පෘථිවි වායුගෝලයට,ශිලා ගෝලයට හා ජලගෝලයට වන  බලපෑම  මෙන්ම සමාජ විද්‍යාත්මකව මිනිසාට බලපාන ආකාරය  මොනවගේ එකක්ද කියන්න?.......

වර්තමාන නවිකෘත සමාජ පරිසරය තුළ විවිධ මානව සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් (CO2)ප්‍රතිශතය වර්ධනය වීම ගෝලීය උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහලයාමට හේතු වී ඇත.මෙසේ වැඩිවන අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය පාලනයට හැකියාව ඇත්තේ හරිත සංකල්පයටම මිස වෙනත් විකල්පයක් නැත.ඊට මූලිකවම දායකවන  ශාක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට පිටුවහලක් වීමට ඔබේ උද්‍යානය හැඩ කරන නීරෝගීමත් තණ පලසට හැකිවීම සතුටට කරැණක් නොවේද? 

තණ පත්‍රෙය් අභ්‍යන්තර ව්‍යුහයේ පෙරහනයකට සමාන බවත් එමගින් වායුගොලයේ ඇති විෂ දුම් වර්ග පෙරීමට ලක් කරන බවත් ශාක විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. ඒ අනුව  තණ පලසක් හරහා අභ්‍යන්තර භූගෝලයට පෙරී යන්නේ පිරිසිදු වායු ස්ථරයකි. එමෙන්ම  වර්ග අඩි 2500ක ප්‍රෙද්ශයක ව්‍යාප්තව පවතින සෞඛ්ය සම්පන්න තණකොළ  පවුල් හතරක සමාජික ස්වසන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් නිෂ්පාදනය කිරීමට සමත් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.ඉන් පැහැදිලි වන්නේ නීරෝගීමත් තණ පළසක් වායුගෝලය පිරිසිදුව තබන්නට දක්වන දායකත්වය යි.එමෙන්ම වර්ශාපිත ජලයේ ඇති ආම්ලික භාවයන් දුහුවිලි අංශු යනාදිය පෙරීමට ලක්කර  පිරිසිදු ජල දහරාවක් අභ්‍යන්තරයට මුදාහැරීමට තණකොළ පළසක ඒකාබද්ධිත මූල පද්ධතියේ සැකැස්මට හැකියාව ඇත.ශාක විද්‍යාඥයින් තෘණ මූල ව්‍යුහය හදුන්වන්නේ ‘දඩයම් මූල පද්ධතියක්‘ (Hunting root system) ලෙසයි.ජල දූෂක වර්ග රාශියක් හදුනා ගැනීමටත් ඒවා පලවා හැරීමටත් ඊට හැකියාව ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ටෙක්සාස් A & M විශ්වවිද්‍යාලයේ  (Texas A&M University in 1963. The letters "A&M", originally A.M.C. short for "Agricultural and Mechanical College“) කෘෂි පර්යේෂණ අංශයේ තක්සේරැවකට අනුව පැහැදිලි වන්නේ නීල හරිත පැහැයෙන් යුතු තණපලසකට ශිලාගෝලයේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් අඩුකළ හැකි බවකි.එසේ සකස් කරන සිසිලස ශාක පද්ධතියෙන් සිදුකරන සිසිලන ක්‍රියාවලියටද අමතර පහසුවකි.ඒ අනුව ඔබේ ගෙමිදුලේ නෙතට රසදුනක් වන තණපිටිය මගින් ඇතිකරණ සිසිලනය උෂ්ණත්වය වැඩි කාල වලදී  අවට පරිසරයට වඩා සෙල්සියස් අංශක 30 කින් පහල හෙලීමට හැකිබව විද්වත් පර්යේෂන තහවුරැ කරයි.තවද අවට පරිසරයෙන් නිකුත්වන විවිධ කටුක ශබ්ධ තරංග යම් පමණක අවශෝෂණයටද තෘණ පත්‍ර සැකැස්ම සමත් වෙයි.ඒ අනුව ඔබ ජීවත්වන වටපිටාව නිහඩ සිසිල් බවක් ඇති කිරීමට තණකොළ වලට හැකිය. 

ස්වභාවික තණ බිස්සක දැක්ම සහ ඒ මත පාවහන් රහිතව සක්මන් කිරීම මානසික ආතතිය,අධික රැධිර පීඩනය,මාංශපේසී සංකූලතා අවම කිරීම මෙන්ම අධික බිය,කෝපය ,ආක්‍රමණශීලී හැගීම් පාලනයටද ඊට අපූර්ව හැකියාවක් ඇති බව වෛද්‍යවිද්‍යා පර්යේෂණ මගින් ඔප්පුවී ඇත.පරිසරය සහ චර්යාව පිළිබද පර්යේෂණ කරන අපාරාධ විද්‍යාඥයන්ගේ මතයට අනුව හරිත පැහැති වටපිටාවකට අපරාධ කරැවෙක් පවා පාලනය කිරීමට හැකියාක් ඇත.මෙම කරැණු තුළ කිසිදු අද්භූතජනක හැකියාවක් තණකොළ සතුව ඇතැයි කිසිසේත්ම ප්‍රකාශ නොවේ.එය ඒසේ වන්නේ තෘණ පත්‍ර ව්‍යුහය විෂ වායු,අධික ශබ්ධ තරංග,ආම්ලික ජල අංශු ,දුහුවිළි  අංශු අවශෝෂණ කරමින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පිටකර පිරිසිදු ජල ධාරාවක් අවශෝෂණය කර  පෝෂණීය ලෙස පෘථිවිය අභ්‍යන්තරවත් බාහිරවත්  සිසිලනය කිරීමට සැකසී ඇති නිසාය. අවසාන වශයෙන් ඔබේ ගෙවුයන හැඩකරන හරිත තණපලස ප්‍රජා ආකර්ෂණය අනූන නිවසේ දේපල වටිනාකම වැඩි කරන සාධකයක් බැව් කිවයුතුය. 

ඔබ නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. 

2 (1)
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!