November 5, 2022
පාරිසරික පියසටහන් - Nature journaling Book
අපි පෙරපාසල් යන අවධියේ සිටම පොත්වල [රෑ]සටහන් ලියනවා. කාලයෙන් කාලයට ඒ සටහන් ලිවීම වෙනස් වුණා. බලාගෙන ලිවීම්, කියවන විට ලිවීම්, අවශ්ය අනවශ්ය හැමදේම ලියා ගැනීම්, අවශ්ය දේ පමණක් සටහන් කරගැනීම්, වැදගත් දේ පාට කිරීම්, රෑප සටහන් යෙදීම්, කටු සටහන් තැබීම් යනාදී විවිධාකාර වූ ලිවීම් රටා එහි ඇතුලත් වුණා. නමුත් පරිසරය නිරීක්ෂණය කරමින් එහි අන්තර්ගතය අපට හැගෙන සේ පොතක පිටපත් කිරීම මේ සෑම සටහන් පොතකට වඩා වෙනස් අත්දැකීමක්. පරිසරයේ පවතින විවිධ හැඩතලයන් දෙස බලා ඒවා රෑ සටහන් කිරීම්, ශබ්ද රටා පටිගත කිරීම්, ඡායාරෑපගත කිරීම්, ඒ වෙනුවෙන් ‘‘හයිකු‘‘ පද පෙලක් සටහන් කිරීම, වැනි විවිධ ක්රියාකාරකම් සිදුකරන්නට ඇතිවන පෙළඹුම පරිසර සංවේදීත්වය හා අත්වැල්බැදගන්නකි.
බ්රිතාන්යෙය් ක්රියාත්මක වන ‘The Nature Journal club ‘ හි පාසල් දරැවෙක් පරිසරයේ පවතින විවිධ ශාක හැඩතලයන් රෑපයට නගන්නට ඇති කැමැත්ත හැගීම්බරව මෙසේ පවසයි. -‘‘මම මේ ගස් සමග නිහඩව කාලය ගත කරන්න කැමතියි. ඒවායේ හැඩතල ගැන ඔවුන්ගේ ජීවිත ගැන මම හැම විටම කල්පනා කළා. මම ඔවුන්ව අතගාල බැලුවා. ඔවුන් දිහා බලා හිටියා. ඒවා චිත්රයට නැගුවා. එය ඔවුන්ට ගෞරව කරන්න සුදුසු සරල ක්රමයක් කියල හිතුණා. දැන් ටිකෙන් ටික මිය යන ගසක් දකින විට අසරණ බවටත් දුකටත් වඩා වැඩි යමක් මට දැනෙනවා.‘‘ [ උපුටා ගැනීම- https://www.naturejournalingweek.com/]
අප ජීවත්වන වටපිටාව තුළ ඇවිදයාමේදී මුණගැහෙන ගහකොළ, මල්ඵල, කුරැල්ලන් , කෘමීන් , ගෙම්බන්, තලගොයන්, හම්බෙල්ලන්, පාසි, හතු, පාෂාණ යනාදී විවිධ පරිසර වස්තූන් දකින විට ඒවායේ හැසිරීම්, ප්රමාණ, වර්ණ , හඩ, හැඩතල නිරීක්ෂණය කරමින් පරිසරය මත තබන පියසටහන පෙරලා රෑ සටහනක්, කවියක්, වචන පෙළක්, බවට පත් කරමින් ‘පොතක තබන සමරැව‘ කාලයත් සමග නැවත නැවත පෙරළාබලද්දි ; ඔබ ඇවිදගිය මං ඔස්සේ දැනුම සහ අද්දැකීම් රැසක සොදුරැ මතක සැමරැමක් වනු ඇත. මෙය ‘Nature Data Recorder, Nature journaling Book , Nature Data Notebook‘ යනාදී ඕනෑම නමකින් හැදින්විය හැකිය. එය තවත් විදිහක ‘දෘශ්ය දින පොතක් ද ‘ වනු ඇත. ඒ එහි අප සටහන් කරන අන්තර්ගතය මත පදනම් වෙමිනි. අප සිටින සැරිසරන පරිසරයන් හි දකින දේ ඇසෙන දේ හිතෙන දේ වචන, පිංතූර, අංක යන භාෂාවන් සංකලනය කොට සටහනක් තැබීම එළිමහනේ ගතකළ කාලය පිළිබද මියුරැ සිහිවටනකි . ඔබේ මේ ක්රියාව දකින ඔබේ දරැවා එය අනුගමනය කළහොත් එය ඔහුට -ඇයට වටිනා මගපෙන්වීමකි. එය රෑපවාහිනියේ දකින, පුවත්පතේ දකින ,සමාජ මාධ්යය ඔස්සේ දකින ගහ-කොළ- සතා - සිව්පාවට වඩා කොතරම් සංවේදීව සොබාදහම වෙත සමීප වීමක් දැයි හැගේවි. එලෙසින් ගොණුකරන සටහනක් ඔස්සේ ඔබේ පුතා දුව විටෙක පුංචි ‘‘ඩේවිඩ් ඇටන්බරෝ‘‘කෙනෙකු [පෘථිවයේ ස්වභාවික ඉතිහාසය පිළිබද සමීක්ෂණ කරන බ්රිතාන්ය ජාතික ලේඛකයෙක්, පාරිසරික නිවේදකයෙක්, BBC ආයතනයේ පරිසර වැඩසටහන් අධක්ෂකවරයෙක්...] ‘‘ බවට පත්වේවි.
මෙම අපූරැ අත්දැකීම අපට සිය ගෙවත්ත තුළින්ම ඇරඹිය හැකියි. උද්යාන පරිසරය කුඩා ඒකකයක් වුවත් එහි සිදුවන එකින්නෙකට වෙනස් ක්රියාවලීන් සමුදායක් වෙත අවදානය යොමුකරමින් ඒ පිළිබද සිතමින් සටහනක් තබන්නට, කාලයවෙන්කිරීම කදිම අද්දැකීමකි. ශාක කෙරෙහි වූ ආක්රමණශීලී පළිබෝධකයන්ගේ හැඩරැව , ශාක පත්ර මල් කද ආදියෙහි මතුවන විශේෂතා සටහන් කිරීම ඒ පිළිබද සොයා බැලීම උපදෙස් ගැනීම නීරෝගී උද්යානයක් පවත්වාගැනීමට අස්වැසිල්ලක් වනු ඇත. උද්යානය තුළ ඔබ විසින් රෝපණය නොකළ නමුත් යම් යම් කාලවලට වර්ධනය වන හතු, පාසි, දිලීර, මීවන වර්ග සහ ඒවායේ ස්වභාවය යනාදිය පිළිබද සොයා බැලීම සහ සටහන් කිරීම ඔබ නොදන්න ඔබේ උදයානය, ජෛව විවිධත්වයෙන් යුත් කුඩා සොදුරැ බිමක් බව මතක්කර දීමකි. උද්යාදනයක් යනු පරිසරය සම්බන්ධයෙන් උගත හැකි වඩාත් සමීප ගුරැවරයෙකි. එය සෑම මෙහොතක අලුත්වන වෙනස් වන පරිසර පද්ධතියක් බව එහි සිදු වන වෙනස්කම්, මියැදෙන දේ ,රෝගී වීම්, අලුත උපදින දේ, වර්ධනය වීම් එහි පැමිණෙන පුංචි පුංචි අමුත්තන් ඔවුන් සිදු කරන දේ තුළින් වැටහේවි.
සොබාදහම යනු එහි පවතින පරිසර අංග, තත්ත්ව, සංසිද්ධි කාලයත් සමග විවිධ වූ වෙනස්කම් වලට ලක්වන සිත්ගන්නා සුළු පර්යේෂණාගාරයකි. එකී තත්ත්වයන්ට සමීපව අධ්යනයට සහ වටහාගැනීමට ඉවහල්වන්නේ ඒ පිළිබද අප තබන දත්ත සටහනයි. විටෙක එය අනාගතය වෙනුවෙන් තබන දත්ත සංරක්ෂණයක් ද විය හැකියි. එය ස්වභාවික ලෝකයේ අරැමපුදුම දේ හා අභිරහස් පිළිබදව ගැඹුරින් කිමිදීමට ඉඩ සැලසීමකි.
*ඡායාරෑප අන්තර්ජාලයෙනි
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය