Taking too long? Close loading screen.

පාවෙන හදවත

ජල බිදිති කඩා හැලෙන හෝ ජල මතුපිට සුළගට සෙලවෙන ඒ මිහිරිහඩ ගෙවුයන් පරිසරයක් පුරවාලයින්ම් දෙකන් තුළ රැව් දීම දවසේ සියලු විඩාවන් නිවා දමනා අස්වැසිල්කි. එකී ජල අංගය ප්රමාණාත්මකව කුඩා වුවත් විශාල වුවත් එහි සුන්දරත්වයේ පැවැත්ම රදාපවතින්නේ එහි පිරිසිදුකම මතය. එහිදී වඩා වැදගත් වන්නේ නඩත්තුව පහසුකරන ජල මතුපිට හැඩ කරන ජලජ ශාකයන්ගේ ව්යාප්තියයි. පරිසරයේ සුන්දරත්වය කෘමි සතුන් මෙන්ම ජලජ ජීවීන් ආකර්ෂණය මාලුන්ට වාසයට සුදුසු පිරිසිදු ජල අවකාශයක් සකස් කිරීම, ජල අංගය පතුලේ අනවශ්යය ලෙස රොන්මඩ තැන්පත් නොවීම, යනාදී කරැණු රැසක පදනම ජල අංගය මත ව්යාප්තව ඇති ජලජ ශාක මත රැදෙනු ඇත. මෙකී කාරණා පහසුකරන කදිම නිදර්ශකය ලෙස‘ Nymphoides‘ නොහොත් කුමුදු ලෙසින් පොදු ව්ය්වහාරයේ භාවිතා වන බහුවාර්ෂික ජලජ සපුෂ්පක ශාකය නම්කළ හැකිය.
කුඩා නමුත් විශාල ප්රමාණයක මල් ජලයෙන් ඉලිප්පී ඉතා සියුම් දණ්ඩකින් ඉහලට එද්දී සිය ගනණක්වූ ඒ මල් රංචුව නිසොල්මන් ජල මතුපිට සුදු පලසක් ඇතිරැවාක් මෙනි. ඔවුන් තම සුන්දරත්වය මැනවින් විදහා දැක්වීමට නම් සිය මවගේ උණුසුම් කිරණේ පහස පැය කිහිපයක් විදින්නට ඉහල බලා හිදිනා පුංචි හිරැ දරැවන් රෑනකි. පෙති පහකින් සමන්විත කුඩා සුදු/කහ පැහැති හුරැඹුහුටි පුෂ්පය මත , ලා කහ පැහැති සියුම් පුෂ්ප මංජරියකින් හැඩවී ඇත. ජලය අභ්යන්තරයේ කුඩා මූල පද්ධතිය විහිදී පවතින අතර කුඩා වටකුරැ හරිත පැහැති පත්ර ජලය මතුපිට පැතිරී පවතියි. ඒ මත පිපි හිම පියල්ලක් බදු පුංචි මල් පංතිය ‘‘පාවෙන හදවත‘‘ ලෙසද හදුන්වයි. යුරෝපයට සහ ආසියාවට ආවේණික ශාකයක් ලෙසින් මෙය හැදින්වුවද ඇමෙරිකාවේ ආක්රමණශීලී ශාක විශේෂයක් ලෙසින් හදුනාගෙන ඇත. පූර්ණ හිරැ එළියටත් මද සෙවණටත් හිතකර මේ දර්ශනීය මල් සිගිත්ත වෙල්මඩ සහිත කුඩා බදුනක් වුවද සරැවට අපූරැවට සුදු පැහැයෙන් හැඩකිරීමට සමත්ය. ජලයේ ගිලී ඇති ශාක ජල මූලයන් සනීපාරක්ෂක ක්රියාවලියක නියැලෙයි.- ඒවා කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් වලින් පොහොසත් කරයි. හොදින් හිරැ එළිය ලැබේ නම් වසර පුරා මල් පිපෙන මෙම කුමුදුනිය මලින් බර වී බදුන හැඩකරන්නනේ සුදුවතින් සැරසී පාසැල් යන කුඩා ළමෝ පෙළක සිතුවමක් මවාලමිනි.
පරිසරය තුල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ ක්රියාවලියේ මහගු කාර්යයක නියැලීමට ජලජ පැලෑටි වලට හැකිය. ලොව පුරා ස්වාභාවික පොකුණු සාමාන්යනයෙන් 50% කින් අඩු වෙමින් පවතී, එබැවින් උද්යානයක කුඩාවට හෝ බදුන්ගත පොකුණක් පැවතීම ස්වදේශික සතුන් ආරක්ෂා කිරීමට උපකාරී වේ.උදා- සමනලයින්, බත්කූරන් ,මීමැස්සන්,ස්නානයට පැමිණෙන කුරැල්ලන්.
ජලාශයක ජීවත්වන ශාක හුදෙක් සැරසිලි පමණක්ම නොවේයි. එය කාබනික අපදරව්ය , බැක්ටීරියා අවශෝෂණය කර ස්වාභාවික පෙරණයක් ලෙස ක්රියා කරයි. ඔක්සිජන් සමඟ සංතෘප්ත කිරීමෙන් ජලයෙහි සංශුද්ධතාවය සහ පැහැදිලිකම පවත්වා ගනී. ශාක පත්ර උණුසුම් දිනයක හිරු කිරණ පරාවර්තනය කරන අතර ජල මතුපිට අධික උනුසුමින් ආරක්ෂා කරයි. ජෛව විවිධත්වයෙන් අනූන සංවේදී පද්ධති අතර උද්යාන ජලාශය , පරසර ආර්ද්රතාවයත්- පිරිසිදු වාතයත්- සුරැකීමට ඉවහල් වන්නකි. එවැන්නක පැවැත්මට වගා කිරීමට පහසු අඩු නඩත්තු සොදුරැ ජලජ ශාකයක් ලෙසින් ‘කුමුදු ‘ ශාකය කදිම නිදර්ශකයක් කොට දැක්විය හැකිය.
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!