Taking too long? Close loading screen.

ගෙමිදුල හැඩකරන ශාක - මල් හැමවිටම සුරතලුන්හට මිත්‍රශීලී ද?

 

ගෙමිදුල හැඩ කරගන්නට අප, විවිධ ශාක - මල් වර්ග නිවෙස්  උද්‍යානයේ සේම  නිවස ඇතුලතද රෝපණය කිරීමට යොමු වීම  සාමාන්ය කාරණයකි. ඒ වගේම නිවසේ ආරක්ෂාවට හුරතලයට  සුරතල් සතුන් ඇති කිරීමට අප වැඩි පෙළඹුමක් දක්වයි. ගහට වැලට වගේම ඔවුන්ටත් අපි ආදරය රැකවරණය  දක්වන්නේ ඉමහත් කැමැත්තෙනි. මෙහිදී  ශාක හා සතුන් අතර ඇති අන්තර් සම්බන්ධතාවය ඔවුනොවුන්ට බලපෑම් කරන්නේ කුමන ආකාරයකින්ද යන්න අප අවධානය යොමුකළ යුතු කරැණකි. එය ඔවුන් දෙගොල්ලන්ගේම පැවැත්ම නිසිලෙස  තහවුරැ කිරන්නකි. පරිසර පැවැත්මෙහි සමතුළිතය රකින්නට කිසිවක් බලාපොරොත්තු නොවී ක්‍රියාකාරීවන ශාක දෙස අනියත වූ ත්‍රස්ත  බියකින් බැලීම සිදුනොකර අවබෝධාත්මකව ඔවුන් හා ගණුදෙණු කිරීම මිනිසුන් වන අප විසින් කළ යුත්තකි.එබැවින් ශාක කෙරෙහි බිය වී ඒවා පරිසරයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය යන්න මෙම ලිපියෙන් කිසිසේත්ම  පෙන්වා නොදෙන බව කිව යුතුය.

අපගේ සුරතලුන් රැක ගනිමින් පරිසරය වාතාශ්‍රය පිරිසිදුකරන ගස් වැල් නිවස තුළත්  නිවසින් පිටතත්  ස්ථානගත   කළයුතු වඩාත්ම සුදුසු ආකාරය නිසි  අවබෝධයෙන් සිදුකළ යුතු දෙයකි.ලොව විවිධ රටවල ශාක විද්‍යාඥයන්ගේ  පර්යේෂණයන්හි ප්‍රතිඵලයක්  අනුව නිවසේ ඇති කරන සුරතලුන්හට ‘සුවදායි හා විෂදායී‘ ලෙස  ශාක වර්ග කිහිපයක් වෙන්කර  හදුනාගෙන ඇත. එම ශාක පෙළ දෙස බැලීමේදී එහි  ඇති විශේෂ කරැණ වන්නේ මෙම වර්ගීකරණයට ලක්වන බොහෝමයක් ශාක නිවස ඇතුලත  මෙන්ම පිටත අවකාශයේ  වායු දූෂක අවශෝෂණය කර වාතය   පිරිසිදු කර ඔක්සිජන් බහුලව පිටකරන අඩු ආලෝකයට සහ  අඩු නඩත්තුවට සන්වේදී ශාක වීමයි. මෙහිදී කිසිදු අහිතකර භාවයක් නොමැති ශාක අතර  විද්‍යාඥයන්  හදුන්වා දෙන්නේ  ‘‘Spider plant, reborn plants, palms plants, Bamboo වර්ග, Boston fern,Button fern, Staghorn fern, Hoya canosa,  polka dot, Amarican ruber plant,  Calathea, African Violets, ලිප්ස්ටික් ප්ලාන්ට්, BIRD'S NEST FERN ‘‘ යනාදී හරිත පැහැති පත්‍ර සහිත ශාකයි. මෙම ශාක සතුන්ට මෙන්ම මිනිසාට කිසිදු හානියක් නොදක්වන බවත් පැවැත්මට සුවදායි බවත් ඔවුන්ගේ මතයයි.

නමුත් මෙහිදී අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ සුරතලුන් මෙන්ම විශේෂයෙන් කුඩා දරැවන් වෙතද  අනතුරක් ලෙස බලපෑම් කරන්නා වූ  ශාක මොනවා ද ඒවා එසේ වන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබදව අවදානය යොමු කිරීමයි. ඒ අතර ඖෂධීය ගුණයෙන් යුතු වාතය පිරිසිදු කරන කෝමාරිකා මෙන්ම  වාතයේ විෂ ද්‍රව්‍ය  අවශෝෂණය කර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කරන බවට පර්යේෂණ මගින් සනාථකර ඇති ‘‘ English IVY, Golden potha, ZZ plant(Zomiculcas Zamiifolia), Sensaveriya(snack plant) මෙන්ම විසිතුරැ පත්‍ර  සහිත Aglonima, croton,වර්ණවත් පුෂ්පයන් ලබා දෙන Kalanchoe, Daisy  මෙන්ම Peace Lily ද  Begonia‘‘ ද  මෙයට අදාල වෙයි. මෙම ශාකයන්හි වර්ණය, හැඩය, සුවද,  පත්‍ර  සැකැස්ම යනාදියට ආකර්ෂණයක් දක්වන සතුන් මෙන්ම කුඩා දරැවන්ද ඒවා ආග්‍රහණයට, ස්පර්ෂයට, අනුභවයට යොමුවීම සුලබ වූ තත්ත්වයකි.මෙහිදී වමනය, බඩේ රිදුම, පාචනය, විජලනය යනාදී ආමාශගත අසාත්මිකතාවයන් හට ගැනීම්ද යම් යම් ස්වසනාබාධ ද සිදුවෙන බව සොයාගෙන ඇත. මේවායේ පත්‍ර, පත්‍ර යටි අපිචර්මය ,පත්‍ර යුෂ, නාරටි ,දඩු, පුෂ්ප පරාග, පුෂ්ප රේණු, මල් පෙති, නටුව යනාදිය එකිනෙකට වෙනස්ව විෂ හෝ සුළු විෂ සහිත වේ.මෙහි අඩංගු ‘කැල්සියම් ඔක්සලේට් ස්ඵටික‘ (CaC2O4 ) හේතුවෙන්  ආමාශයේ විවිධ අසාත්මිකතා මෙන්ම ශරීරයේ උදාසීන ස්වභාවයක්ද ඇති කරයි. නමුත් මෙම ශාක මාරාන්තිකයැයි ඔවුන් කිසිදුවිටක පවසා නැත.  කෙසේනමුත් මෙම ශාක-පැලෑටි වර්ග අනතුරැදායකයැයි විෂ සහිත යැයි  වර්ග කොට පරිසරයේ තැබීමට යෝග්‍ය  නොවන බවට ලේබල් කිරීමක්  මින් අදහස් නොකෙරෙයි. අප ප්‍රමුඛතාවය දිය යුත්තේ ආරක්ෂාවට බැවින් සුරතලුන්ට හා පොඩිත්තන්ට ළගා වීමට නොහැකිසේ ඒවා ස්ථානගතකර සුදුසු ආරක්ෂිත පියවර අනුගමනය කිරීම  වැඩිහිටියන්ගේ වගකීමයි. එය ශාකයේත් සුරතලුන්ගේත් දරැවන්ගේත් රැකවරණය තහවුරැ කිරීමකි.  එහිදී  වැල් වශයෙන් වර්ධනය වන ශාක එල්ලන බදුන්තුළ රෝපණය කිරීම යෝග්‍ය ක්‍රියාවකි. ඒ සදහා බරින් වැඩි බදුන් යොදා නොගත යුතුය. දරැවන් හෝ සුරතල් සතුන් ශාක අතර හැසිරීමේදී ඔවුන් කෙරෙහි අවධානය යොමුකිරීමද වැදගත්ය. ඔවුන් අත පොවන මානයේ ශාක පැලෑටි  නොතැබීමට අප  වග බලා ගත යුතුය.

පොදුවේ ගත්කළ මෙම ශාක නඩත්තුව සදහා අවශ්‍ය  වන්නේ අවම වූ කැපකිරීමකි.පොහොර - ජලය -  ආලෝකය අවශ්ය වන්නේ අවම වශයෙනි. එය එසේ වී ඇත්තේද ශාක හා සතුන් අතර වූ අනතර් සම්බන්ධතාවය හේතුවෙන් විය හැකිය. මෙහිදී ශාකය ස්වභාවයෙන්ම සැකසී ඇත්තේ  කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් සහ දිලීර වලින් ආරක්ෂා කිරීමට හැකිවන ලෙසය. එබැවින් ඔවුන් තුළ අන්තර්ගත ආරක්ෂිත රසායනය බාහිර පාර්ශව වෙත අනතුරැ විය හැකියාවක් මෙන්ම වාතය පිරිපහදු කිරීමටද එම සංයෝග බලපායි. එනම් ගුණාත්මක බවත් අනතුරැ බවත් එකම ක්‍රියාකාරීත්වය මත රදාපැවැත ඇත. එහිදී  අප  එම ශාක සදහා ජලය පොහොර යෙදීමේදී අත් ආවරණ පැලදීමටත් කාර්යය අවසන් වූ පසු දෑත් පිරිසිදුකර ගැනීමටත් අවදානය යොමු කිරීම වැදගත් වූවකි.තවද පත්ර මල් අප්‍රාණික  වී ශාකයෙන් ඉවත්වීමට ආසාන්න අවස්ථාවේදී ඒවා ස්වභාවයෙන්ම ඉවත්වීමට ඉඩ සලසනවා විනා අතින් කඩා ඉවත්කිරීමට යොමු නොවනවානම්  උචිතය. මෙහිදී ශාක පැලෑටි සුරතලුන් විසින් පළුදු කිරීම, ගලවා දැමීම, මළ මුත්‍රා කිරීම  වැනි කාර්යන් වලදී ශාකයෙහි නිසි ක්‍රියාවලිය අඩපණ වීමට ඉඩ ඇත. මෙකී සෑම කාරණයක් පිළිබදවම සැලකිළමත් වීමේදී සතුන්ගේ සේම ශාකයන්හීද අන්තර් ක්‍රියාවලිය සහජීවනයක් වීමට නම් ඒවා නිසි ලෙස ස්ථානගත කිරීම සුදුසුම සහ සරල ක්‍රියාවයි.

මේ අනුව ශාක කෙරෙහි වූ අනියත බිය පහකරමින් ඒවා පිළිබදව  නිසි අවබෝධය යටතේ ඔවුන් හා ගණුදෙණු කිරීම ශාක හා සතුන්ගේ යහ පැවැත්මටත් මිනිසාගේ පැවැත්වමටත් එකසේ බලපාන්නකි.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!