Taking too long? Close loading screen.

රැජිනගේ මල් කලඹ (Queen's Wreath)

වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන කලාපීය මිදි වැලක් වන්‘Queen's Wreath‘ හෙවත් ‘රැජිනගේ මල් කලඹ   ‘ යනුවෙන් ව්‍යවහාරිත මෙම වැල් ශාකය;වැල් ශාක අතර රැජින යැයි පැවසුවාට වරදක් නැත.එය එතරම්ම සෞම්‍ය වූ පියකරැ මල් පොකුරක් පරිසරයට තිළිණ කරයි. ලොව පුරා ප්‍රධාන ව්‍යවහාරික නාමය ලෙස භාවිතා වන මෙම නම එනම් ‘Queen's Wreath‘ හි  පුෂ්ප මංජරියට ලැබී ඇති දම් පැහැයත් එංගලංතයේ දෙවන එළිසබෙත්   රැජින  කැමතිම පැහැය වන දම් පාටත් යන වර්ණයන් එකිනෙකට සමානකම් දක්වන නිසාත්ය....එහි පත්‍රෙය් රළු බව හේතුවෙන් ‘වැලි කඩදාසි මිදි‘[Sandpaper Vine (Petrea volubilis)] ලෙසද ඔස්ටේ්‍රලියානු කලාපයේ හදුන්වයි.මෙය දකුණු මෙක්සිකෝවේ සිට දකුණු ඇමරිකාව සහ කැරිබියානු ද්‍රෝණිය දක්වා විශාල පරාසයක් හරහා ස්වදේශික ශාකයක් සේ වර්ධනය වූවා සේම නිවර්තන හා උපනිවර්තන කලාපවල බොහෝ ප්‍රදේශවලටද අනුගතව ව්‍යාප්තිය සිදුව ඇත. එහිදී පැරගුවේ,. කියුබාව, ජැමෙයිකාව, යන ප්‍රදේශවලද රැජිනගේ මල් වඩම වැඩෙමින් පැතිරී ඇත. 

පූර්ණ හිරැ එළිය හොදින් දැරැවද අර්ධ සෙවණට වඩාත් ප්‍රිය කරමින්  වසරකට කිහිප වතාවක් සුන්දර මල් කලඹක් ලබා දෙන මෙය  - වඩාත් සිත් ඇදගන්නා පුෂ්ප පොකුරක් විදාලන්නේ  පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළයි.සුදු පැහැති මල් සහිත ප්‍රෙභ්දයක්ද ඇති නමුත් ලොව පුරා වඩාත් ප්‍රචලිතව ව්‍යාප්තියක් දක්නට ඇත්තේ දම් පැහැති මල් පොකුර සහිත වැල් ශාකයයි.‘දම් පැහැය‘ යනු නන් වර්ණිතමල් පාත්තියක ආකර්ෂණය වඩාත් තීවෘර කිරීමට සමත් ආලොකය මද පමණින් අවෂෝෂණය කර විශාල වශයෙන් පරාවර්ථනය කරන්නාවූ පැහැයකි.එවැනි තත්ත්වයක් තුළ Sandpaper Vine යන  මිදි මල් වැල උද්‍යානයක පියකරැ බවට ගෙන එන්නේ වටිනාකමකි.

පෙට්‍රියා වොලුබිලිස් Petrea volubilis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙය වැට මායිමක්, තොරාගත්  විශාල ශාකයක්, ආරැක්කුවක්, ගේට්ටු  දෙරටුවක්, විශාල භාජනයක් යනාදී ආධාරකයක් මත රදමින් වර්ධනයක් සිදු කළ හැකි ශක්තිමත් වැල් ශාකයකි.එමෙන්ම පරාග වාහකයින්ට මනා වූ ආකර්ෂණයක් ලබා දෙන ‘රැජිනගේ මල් වඩම‘ පළිබෝධකයින්ට දක්වන්නේ අවම ප්‍රතිචාරයකි.

මල් පොකුර රැදී තිබෙන්නේ කෙටි කාලයක් වුවද, මල් නැති වූ පසුවත් දිගු කල් පවතින මනි පත්‍ර කොටස හෙවත් මලේ ආරක්ෂාවට ඇති පෙති කොටස් හේතුවෙන එහි සුන්දරත්වය සැලකිය යුතු කලක් රදා පවතී.ඒ අනුව හොදින් හිරැ එළිය පතිත වන පායන කාලයක වියළි පෙනුමක් ඇති උද්‍යාන පරිසරයට ඇතුල් වන්නෙකුගේ නෙතට සිසිලක් ඉපදවීමට සමත් ‘‘Queen's Wreath‘‘ වැල් ශාකය; වැල් ශාක වර්ග අතර වැදගත් කමක් ඉසිලීම අහම්බයක් නොවන බව පැහැදිලිය.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!