Taking too long? Close loading screen.

වසර පුරා මලින් හැඩවන ‘රැසේලියා‘( Russelia equisetiformis)

හිරැ එළියට බොහෝ සේ ඇලුම් කරන කඩාහැලෙන කොරල්  මලක් සේ සිහින් දිගැටි මල් අහුරක් ලබා දෙන ‘රැසේලියා‘(Russelia equisetiformis)  හි නිජබිම ‘මෙක්සිකෝව‘ යි. සමක, සාගර, උපනිවර්තන, නිවර්තන දේශගුණයන්ට සමීපව සශ්‍රීකව වැඩෙන ‘රැසේලියා‘ - සපුෂ්පක ශාකය; හොදින් හිරැ එළිය පතනය වන හෝ අර්ධ ලෙස හිරැඑළිය ලැබෙන  බිම් ප්‍රෙද්ශයක පවතින භූ දර්ශනයකට විරල පෙණුමක් රැගෙන එන්නට සමත් වෙයි.එහි පවතින හරිත වර්ණිත සිහින් දිගටි පත්‍ර සහ එවැනිම වූ කද සහ  අතු පුෂ්ප පොකුරෙහි අපූර්වත්වය තවත් තීවෘර කිරීමට සමත් වෙයි. රතු , තැඹිලි,රෝස, කහ, ලා කහ (ක්‍රීම් පැහැය) වැනි උණුසුම් වර්ණයන්ගෙන් හැඩවන මෙම සපුෂ්ප ශාක වැල ෆවුන්ටන්බුෂ් (Fountain bush) ලෙසත් පුපුරා යාමට කිට්ටු  රතිඤ්ඤා වැලක හැඩය ඇති නිසා  ‘රතිඤ්ඤා ශාකය‘(Firecracker Plants) ලෙසත් කොරල් මලක ස්වරෑපය උසුලන බැවින්  ‘කොරල් ශාකය‘ (Coral Plant) ලෙසත්  එයට‘ හමිං‘ කුරැල්ලන්ගේ ආකර්ෂණය හේතුවෙන් ‘hummingbird plant ‘   ආදී ලෙස   ලොව පුරා විවිධ වූ නම් රැසකින් හදුන්වා දීමට පෙළඹී ඇත. තවද එහි පවතින තද කොළ පැහැ ස්වරෑපයත් පත්‍රවල සිහින් දිගටි පෙණුමත් හේතුවෙන් සමහර රටවල් එය මීවන කුලයේ ශාකයක් දැයි සැක කරයි. එබැවින් එයට  ‘Firecracker Fern‘  ලෙස නම් තබයි. ‘Plantaginaceae‘ යන පවුලට අයත් මෙම ශාකය වර්ෂය පුරා මලින් හැඩ ව සිටී. එය එසේ වන්නේ ශාකය වැඩෙන ප්‍රෙද්ශයට හොදින් හිරැ කිරණ පතිත වනවානම් පමණි. එලෙසම ජලයද මධ්‍යස්ථ ප්‍රමාණයකින් අවශ්‍යබව මතක තබා ගත යුතුය.

බදුන් ගතවත් භූමිය මතත් මනා සේ රෝපණය කළ හැකි මෙය අදාල භූ දර්ශනයට අනුකූලව පදුරැ  වශයෙන්ද වැලක් ලෙසද එල්ලා වැටෙන ආකාරයෙන්ද ආරැක්කු පන්දලම් වැට මායිම් ආකර්ෂණය කරන  මල් ගොමුවක් ලෙස හැඩකළ හැකිය.උණුමට,  සුළඟ සහ ලවණතාවයට ඔරොත්තු දෙන  ශාකයක් වන මෙය  වෙරළබඩ ප්රදේශ සඳහා සුදුසු මල් පිපෙන ශාකයක් ලෙසින්හදුනාගෙන ඇත. සමනලයින් තුඩ දිගටි කුරැල්ලන් මී මැස්සන් යනාදී පරාග වාහකයන් මෙයට බොහෝ සේ ආකර්ෂණය වෙයි. එයට මලෙහි වර්ණයත් නාල හැඩයත් මල් ගොමුවෙහි කඩා හැලෙන ස්වරෑපයත් එකසේ බලපා ඇත.සුලබ ලෙස පළිබෝධකයින්ගේ ගොදුරක් නොවුනද  රැසේලියා ශාකය වර්ධනයේදී නඩත්තුව බෙහෙවින් වැදගත්ය. එහිදී අවබෝධාත්මක නඩත්තුවක් තිබීම ශාකයේ පැවැත්මටත් උද්‍යාන පරිසරයේ සමස්ත පෙණුමටත් හිතකර වූවකි.  මෙහි අඛණ්ඩව  මල් හට ගැනීමට නිසි නඩත්තුව  සෘජුව බලපෑම් කරයි.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!