Taking too long? Close loading screen.

ඔබේ උදයානයත් හිරැ එළියෙන් පීඩා විදිනවා ද?

ගහ කොළ වැලට මලට ආදරය කරන කාටත් මේ දවස්වල තියෙන ප්‍රධානතම ගැටළුව ‘මේ හිරැ එළියෙන් තම උදයානයේ ඇති ශාක ආරක්ෂාකර ගන්නෙ කෙසේද යන්න ?‘මෙහිදී හිරැ එළියට එරොත්තු දෙන ශාක මෙන්ම හිරැ එළිය අවම වශයෙන් අවශ්‍ය වන ශාක සම්බන්ධයෙන් අවබෝධයක් අප සතුව තිබිය යුතුයි. නිවස තුළ තැබීමට සුදුසු යැයි නිර්දේශිත ශාක මේ දිනයන්හි නිවසින් පිටත නොතැබීම වඩාත් සුදුසුයි.නිවස තුළද වා කවුළු වලින් අඩි 3 ක් හෝ 4ක් ඈතින් ශාක  තැබීම යෝග්‍ය වූවකි. උදා: Lucky plant,Spider Plant,Bostern fern,Pilo විශේෂ ,polka dot plant,sensoweriya(snack plant),lucky bamboo,potha  වර්ග ,Aglonima යනාදියයි.

අධික හිරැ එළිය වඩාත් හානි කරන්නේ ශාක පත්‍රයයි.එය පුළුස්සා දැමීමට එකී හිරැ එළියට හැකියාව ඇත.එබැවින් නිවසින් භාහිරව ඇති බහාලුම්ගත ,හිරැ එළියට ඔරොත්තු නොදේයැයි හදුනාගත් ශාක විශේෂ සෙවන සහිත ශාකයන්හි  යටි ව්‍යුහයේ  මෙන්ම නිවසින් නැගෙනහිර හෝ උතුරැ දෙසට වන්නට තැබීම බෙහෙවින් උචිත වූවකි.මන්ද උදෑසන සිසිල් හිරැ එළිය හෝ හෙවන තුළ එම පැල ආරක්ෂිත බැවිනි.

මල් පිපෙන ශාකයන්ට මෙම හිරැ එළිය සුවදායකය. අධික හිරැ එළියෙන් නෙතට ඇති කරන කටුකත්වය තුරන්කර ගෙවත්තට අලංකරණයක් ගෙනඑන්නා සේම  ඔබේ ගෙවත්තේ වර්ණවත් මල් පාත්ති හිරැ එළිය වෙනතකට පරාවර්ථනය කිරීමටද සමත් වීම අධික උණුසුම පාලනයට රැකුලකි.මෙහිදී ජලය පොහොර අඩුවෙන් අවශ්‍ය මල්පිපෙන ශාක මොනවාදැයි පෙරතියාම හදුනාගෙන රෝපණය කරන්නට හැකිනම් වඩාත් සුදුසුය.උදා: Trampert(tecoma) ,Vinca, Plumbago,…..  මේ අනුව බලන කළ අධික හිරැ එළියෙන් පීඩාවිදින්නේ ජලය අවශ්‍ය එළිමහනේ වැඩෙන ශාක හා පැල වර්ගයි.එහිදී ශාකයන්හට ජලය දැමීම වැදගත් වූවක් සේම එය නිසි අවබෝධය සහිතව සිදුකල යුත්තකි.එහිදී උදැසන 6.30 ට පෙර හෝ සවස 5.30න් පමණ පසුව ජලය වත්කිරීම සුදුසු වූවකි.පැලය රෝපණයවී ඇති ව්‍යුහයේ ඇතුලාන්තයට ජලය ගමන් කර මූලපද්ධතිය නිදහස්ව සක්‍රිය වීමෙන් දැඩි හිරැ එළිය නිසා සිදුවන අධික වාශ්පීකරණය ශාකයේ අභ්‍යන්තර ක්‍රියාවලියට බාධා නොකරයි. මේ නිසා ජලය මධ්‍යහනේ ලබාදීම ශාකයන්ට අනතුරැදායක විය හැකිය.එහිදී ජලය මුල්වලට කාන්දුවීමට පෙරම වාශ්පවී ශාකය අඩපණ විය හැකිය.තවද ශාක පත්‍ර මත ජලබිංදු රැදී තිබීම ශාක පත්‍රය පුළුස්සා දැමීමට සමත්වෙයි.මන්ද ජල බිංදුවක හැඩය  උත්තලාකාර ස්වරෑපයක් ගන්නා බැවින් දහවලේ පතිත වන සෘජු හිරැ කිරණ ජල බිංදුව මත නාබිගත වීමෙන් සියුම් පත්‍ර  සෛල රත්වීම පහසු කරයි.මේ අනුව විසිරී නොයන දහවල් හිරැ එළිය සියුම් පත්‍ර පුච්චා දැමීමට සමත්වෙයි.තවද දහවලේ රශ්මිය හේතුවෙන් ප්‍රමාණය ඉක්මවා ජලය දැමීමට අපද පෙළපෙයි.එහිදී අධික උණුසුමත් අධික තෙතමනයත් හේතුවෙන් සුර්යාලෝකයේ ප්‍රතික්‍රියාවේ බලපෑම ශාකයේ ඔක්සිජන් (O2 ) මූලයන් අහිමි කිරීමකි.එය පසෙහි දිලීර බැක්ටීරියා වර්ධනයට මගපෑදීමකි.මේ නිසා සතියකට දෙවරක් හෝ තුන්වරක් ගැඹුරැ ජල දහරාවක් උක්ත කී කාලයන් තුළ මුදා හැරීම යෝග්‍ය  වූවකි.

තවද ඔබ උද්‍යානයේ වසර දෙකකට  වඩා අඩු වයසැති  ශාක හා පදුරැ සදහා පරිසර උෂ්ණත්වයේ ඉහල යෑම අවදානමකි.මෙහිදී උද්‍යාන නිර්මාණ ශිල්පීන්ගේ උපදේශය වන්නේ එම ශාක හෝ පදුරැ වටා අඩි 2ක 3ක පමණ වටප්‍රමාණයක් තුළ දිරාගිය කොළ,පිදුරැ,වේලුණු තණකොළ,වේලුණු ලී කුඩු යනාදියෙන් මිශ්‍රණයක් සකස්කර අගල් 3 හෝ 4ක් උසට ඇතිරීම සිදුකිරීමයි.මේ මිශ්‍රණ ස්ථරය හේතුවෙන් හිරැ එළිය පරාවර්ථනය වී මුල් වලට අවශ්‍ය උණසුම පාලනයත් ජලයෙහි රදා පැවැත්මත් නිසි ලෙස සිදුවෙයි.මෙලෙස අධික හිරැ එළියේ පීඩාවත් වාසියත් නිසි ලෙස කළමණාකරණය කිරීමෙන් ඔබේ උද්‍යානය කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන සුන්දරත්වය සුරකින ස්ථානයක් බවට නිරන්තරයෙන්ම පත්කරගත හැකිය.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!