Taking too long? Close loading screen.

ඔබේ උද්‍යානයත් ඵලදාවෙන් පොහොසත් කළහැකි Barbados Cherry

 

චෙරි කියූ සැනින් හිතෙහි ඇදෙනුයේ අපට නුහුරැ නුපුරැදු ශාකයකි.පලතුරකි.නමුත් මෙම බාබඩෝස් චෙරි ලංකාවේ පරිසර ත්ත්වයන්ට අනුකූලව ව්‍යාප්ත වෙමින්යන ශාකයක් බව පවසන්නේ සතුටිනි. උද්යානයක් තුළ හිරැ එළියඇති ඕනෑම ස්ථානයකට යෝග්‍ය වූ බාබඩෝස් චෙරි වසර පුරා දීප්තිමත්ව සදා හරිත පත්‍රයනුත් රෝස පැහැති පුෂපයනුත් දරමින් අලංකාර පදුරැ හෝ කුඩා ශාකයක් ලෙස උද්‍යාන නිර්මාණයකට වෙනස්ම පෙනුමක් ලබාදීමට සමත් විවිධත්වයක් හෙබි ශාකයකි.

Malpighia emarginata යන උද්භිත විද්‍යාත්මක නාමයෙනුත් ඇසරෝලා(Acerola),Western Indian Cherry යන ව්‍යවහාරික නාමයන්ගෙනුත් හදුන්වන බාබඩෝස් චෙරි බටහිර ඉන්දියන් දූපත්වල  සිට කියුබාව,මෙක්සිකෝව, මධ්යම ඇමරිකාව, දකුණු ඇමරිකාව, බ්රසීලය, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්රදේශවල (දකුණු ෆ්ලෝඩාවේ  සහ ටෙක්සාස්හි), ඝානාව, ඉතියෝපියාව, මැඩගස්කරය, ශ්රී ලංකාව, තායිවානය, ඉන්දියාව, ජාවා, හවායි සහ ඕස්ට්රේලියාව ඇතුළු ලොව පුරා නිවර්තන හා උපනිවර්තන කලාප වල වගා කර ඇත.  මෙලෙස පැතිරීමක් සිදු වූ බාබඩෝස් ඖෂධ නිෂ්පාදන විවිධාගීකරණයට (උදා:පෙති , කරල් , යුෂ, සිරප් ) ලක්කිරීමට විද්‍යාඥයන් පෙළඹී  ඇත.ඒ එහි විටමන් C (Ascorbrc Acid)  අනූනව පවතින ගුණය නිසාත්  ප්‍රති ඔක්සිකාරක ස්වභාවය ඉහල අගයක් ගන්නා නිසාත්ය.බ්‍රසීලයේ මෙරින්ගා විහ්වවිද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ කළ පර්යේෂණයකින් (2014-වාර්තාවන පරිදි) පිලිකා , තයිරොයිඩ් ආබාධ හඳුනාගෙන ප්රතිකාර කිරීම සඳහා යොදා ගනීමට සුදුසු බව සොයාගෙන ඇත.

නිවර්තන කලාපීය දේශගුණයට යෝග්‍ය වූ බාබඩෝස් චෙරි හි පරිණත ශාක දිගු වියළි තත්ත්වයක් ඉවසිය හැකි වුවද තරැණ ශාක සදහා වැඩි වර්ෂාපතනය හෝ දීර්ඝ නියගය යෝග්‍ය නොවූවකි.නමුත් අනෙකුත් ශාකයන්ට සාපේක්ෂව හිරැ එළියට ඔවුන් දක්වන්නේ උත්තේජිත ස්වභාවයකි.අතු කැබලිවලි හෝ බීජ වලින් හටගත් පැලෑටි වර්ධනය වනතෙක් නිරන්තර ජල අවශෝෂණය වැදගත්ය. යම් වටෙක පළිබෝධ හෝ රෝග උවදුරැ පැමිණීමේ දී මියගිය, හානියට පත් හෝ රෝගී අතු කපා ඉවත් කිරීම ශාකය රැක ගැනීමකි. ඉන් වලකාලිය නොහැකි තත්ත්වයකට පැමිණීමේදී සුදුසු පළිබෝධ යෙදීම සිදුකළ යුතුය.කෙසේ නමුත් ශාකය රෝපිත මාධ්‍ය තුළ ඇති වල් පැලෑටි සුන් බුන් ඉවත් කිරීම, කොම්පෝස්ට් හා කාබණික දුව්‍ය එක් කරමින් පස බුරැල් කිරීම,මූල පද්ධතියේ ව්‍යාප්තියට සාපේක්ෂව මතුපිට පොලව වැසෙන සේ නිසි ලෙස වසුන් යෙදීම,තුළින් ශාකයට අදාල පාංශු PH අගය රදවා තබා ගැනීම, රෝග කාරකයන් විසින් ශාකය ආක්‍රමණය කිරීම වලකන යම් ආකාරයක පළිහක් වනු ඇත.නමුත් මේ සියලු දේ සදහා වඩාත් වැදගත් වන්නේ ශාක සම්බන්ධයෙන් ඔබ දක්වන නිරන්තර අනුකූලතාවය යි.

ශාකයේ වර්ධනයේ ස්වභාවය, මල්හට ගන්නා කාලය,ඵල දරණ අවස්ථා (මාර්තු-අප්‍රේල්-අගෝස්තු යන කාලයන්හි ඵලදායි ලෙස ඵලහට ගැනීම් දැකිය හැකිය) යනාදිය නිරීක්ෂණයකොට නිසිලෙස පොහොර යෙදීමත් ඵල හට ගැනීමෙන් පසු අතු කප්පාදුවත් ශාකය නිසිලෙස පරිණත වීමට රැකුලකි.ශාක ප්‍රචාරණ අංග ලෙස අතු කැබලි මුල් ඇදීමට සැලැස්වීම හෝ බීජ මගින් සිදුවෙයි.

බාබඩෝස් චෙරි ඵලයෙහි අන්තර්ගත තද රතුපැහැයට කුරැල්ලන් දක්වන්නේ නොමද ආකර්ශනයකි.ඔවුන් මගින් පැතිරීම් සිදුවෙයි.මලෙහි ස්වභාවය සහ වර්ණය කෘමීන් ආකර්ෂණයට  පිටිවහලකි. ෆ්ලොරිඩා හි මී මැස්සන් බාර්බඩෝස් චෙරි මල් විශාල සංඛ්යාවක සංචාරය කරන අතර ප්රධාන පරාග වාහකයන් වේ.මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබද නිසි සොයාගැනීමක් සිදුනොවුණු මුල් කාලයේ එහි ඇති සියුම්ව විහිදී ගිය මූල පද්ධතිය උපයෝගීත්වයෙන් පාංශු ඛාදනය වැලැක්වීමට රෝපණය කර ඇත.

කුඩා පත්‍ර විශාල ප්‍රමාණයක් පැවතීම,මල් - ඵල බොහෝ සේ  හටගැනීම,කුඩා කෙටි කද,අතු නම්‍යශීලීව විහිදීයාම,ස්වබාවයෙන්ම විශාලව වර්ධනය නොවීම යනාදිය හේතුවෙන් බොන්සායි කලාව සදහා යොදා ගැනෙන ජනප්‍රිය ශාකයක් ලෙස බාබඩෝස් චෙරි සැලකිය හැකිය.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!