Taking too long? Close loading screen.

අරලිය - 𝒫𝓁𝓊𝓂𝑒𝓇𝒾𝒶 , 𝒯𝑒𝓂𝓅𝓁𝑒 𝒻𝓁𝑜𝓌𝑒𝓇 , 𝒻𝓇𝒶𝓃𝑔𝒾𝓅𝒶𝓃𝒾

ඕනෑම ආකාරයක උද්යාන පරිසරයක් පෙනුමෙන්, හැඩයෙන්, සුවදින්- ආකර්ෂණීය බවින් වෙනස්ම ස්ථානයක් බවට පත්කළ හැකි ශාකයක් ලෙස ‘අරලිය‘ හැදින්විය හැකියි. ‘ප්ලුමේරියා‘[Plumeria] නාමයෙන් හදුන්වන අරලිය ඇපෝ්සිනේසි [Apocynaceae.] පවුලට අයත් සුගන්ධිත සපුෂ්පක ශාකය කි. 17වන සියවසේදී ප්රංශ උද්භිත විද්යාඥයෙකු , සත්ත්ව සහ ශාක ගවේෂකයෙකු මෙන්ම කතෝලික පූජක වරයෙක් ද වන ‘චාල්ස් ප්ලමියර්‘ [ Charles Plumier] හට ගෞරව කිරීමට මෙම ශාක විශේෂයට එකී නාම කරණය පටබැදී ඇත. මෙහි විශේෂ 368 ක් පමණ ලේඛනගත කිරීමට ඇමරිකානු උද්භිත විද්යාඥයින්ට හැකිවී ඇත්තේ 2009 වර්ෂය වන විටය.
මෙක්සිකෝව, මධ්යම ඇමරිකාව, කැරබියන් දූපත් යන රටවලට මෙය ආවේණික වුවද ආසියානු කලාපයේ බොහෝ රටවල සංකේතාත්මකව විවිධ අර්ථ දෙමින් උද්යාන හැඩගන්වන ආකර්ෂණීය ශාකයක් බවට පත්ව ඇත්තේ එකී රටවල සංස්කෘතිය සමගද බද්ධ වෙමිනි. ඔවුන් එය පූජනීය ශාකයක් ලෙස සලකයි. ශුද්ධ බව,සරල බව, සුබවාදීත්වය ඉන් සංකේතවත් කරයි. ඉන්දියාව,බංගලාදේශය වැනි රටවල එය ‘චම්පක් මල්‘ ලෙසින් වර නගයි.ඒ; ස්වර්ගයේ ඉහලින්ම වැජබෙනවායි සැලකෙන හින්දු දෙවි ක්රිෂ්ණාගේ නිවස සුවදින් පුරවාලන ශාකය ‘ගොලොක් චාපා‘ නොහොත් ‘අරලිය‘ ශාකය යැයි හින්දු සාහිත්ය කෘති ප්රකාශ කරන නිසාය. ලොව පැරණිතම ශිෂ්ටාචාරයන්ගෙන් එකක් වන මායා හා ඇස්ටෙක් යුගයන්හි සශ්රීකත්වය නියෝජනය කරන දෙවිවරැන් සමග ප්ලුමේරියා සම්බන්ධකොට ඇත. ඇස්ටෙක් අධිරාජ්යෙය් උච්චතම කාලවකවානුව තුළ ප්රභූ පැලැන්තිය සංකේතවත් කිරීමට වංශවත් අයගේ උද්යානයන්හි අරලියා රෝපණය කරන්නට නියම වී ඇත.එතරම් ඓතිහාසික ගලා ඒමක් ඇති ප්ලුමේරියා ශාකය ආසියාව තුළ විකාශනයේ සංධිස්ථාන ලෙස ජපන් සෙන් බුදු දහම හා බද්ධිත උද්යාන කලාවත් බාලි- තායිලන්ත උද්යාන කලාවත් විශේෂිත කොට දැක්විය හැකිය. උද්යාානය තුළ සරලබව විදහාපෑම ඔවුන් ඉන් සංකේත කොට ඇත. බෙංගාලි සංස්කෘතිය තුළ ‘මරණය‘ හැදින්වෙන ‘අරලිය‘ සුසාන භූමි හැඩකරන්නට යොදා ගැනෙන්නේද ශාකය සතු සරල බව ප්රයෝජනයට ගත් නිසා විය හැකිය.
ඉතා අඩු නඩත්තුවක් සහිත අරලිය ශාකය පූර්ණ හිරැ එළියත් බැසයන ජලයත් හොදින් ලැබේ නම් එහි වර්ධනයට බාධාවක් ඇති වන්නේ නැත. පසේ පෝෂක සංඝටක බොහෝසේ උරා නොගන්නා සහ පොළව පුරා විහිදී ගිය මූල පද්ධතියක් නැති මෙය ආක්රමණශීලී නොවන නම්යශීලී ශාකයකි. පත්ර සහ අතු බෙදීමේ රටාවන් නිසා යටි ස්ථරයේ පෙරී එන හිරැඑළියට සංවේදී රෝපණයක් ද මනාව ගැලපිය හැකිය. දිගටි සිහින් හරිත පත්ර , කිරි සහිත කද ,ශක්තිමත් නැති අතු පතර, ව්යාප්තිය අඩු මූල පද්ධතිය යනාදි උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන ශාක ලක්ෂණ හෙබි ප්ලුමේරියා වියළි පරිසරයකට වුවද නිවර්තන- සිසිල් පෙනුමක් ලබා දීමට සමත් ශාක විශේෂයකි.එහි ඇති පොඩි පොඩි අතු ඉති අවකාශය පුරා විහිදෙමින් පරිසරයට එක් කරන්නේ නැවුම් පෙණුමකි. හරිත පැහැ පත්ර පද්ධතියත් සුගන්ධිත පුෂ්ප පොකුරැත් ඒ නැවුම් බව තීවෘර කරයි. පත්ර හැලී ගිය ශාකයක් වුවද වෙනස් පෙණුමක් උද්යාන පරිසරයට ගෙන එයි.
මෙම ශාකය ඈත අතීතයේ කුලීන කුලහීන බව බෙදා දැක්වූ සංකේතවත් උද්යාන රෝපිතයක් වුවද අද වන විට පාසල, පන්සල, රෝහල, නිවාඩු නිකේතන, මාර්ග දෙපස, ධනවත්- දුප්පත්, මැදුරැ- පැල්පත් මත පමණක් නොව නූතන උද්යාන නිර්මාණ කලාව තුළ නිවාස ඇතුළත, මැද මිදුල තුළ, කොන්ක්රී ට් වහලය මත, නාන තටාකය අලස නන් විධව මෙකී ශාකය රෝපණයට බොහෝ දෙනා පෙළඹී ඇත. හිරැ එළිය නියම ලෙස ලැබේ නම් ඒ සෑම උද්යාන පරිසරයක් තුළටම මනාව ගැලපිය හැකි ශාකයක් ලෙස ‘ප්ලුමේරියා‘ නොහොත් ‘අරලිය‘ හදුනාගෙන ඇත.
{ඡායාරෑප අන්තර්ජාලය ඇසුරෙනි.}
krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!